saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 7248 hours ago

LATEST

මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයින් ගණන 7313 දක්වා ඉහළට

calendar_today 2021 මාර් 07 - 19:21 remove_red_eye - 182  

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 26ක් වාර්තා විමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (07) පෙරවරු 6.00 වන විට 7313ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 176 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇත.

Read More

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විදේශ ගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද (07දා) උදෑසන පැමිණි විට, ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නොලැබී තිබීම නිසා ඔහු ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත්වීම විනාඩි 45 කින් පමණ ප්‍රමාද වීමට සිදු වී තිබූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයෙන් අද (07)දිනවනවිට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4750 ක් බව පවසන සෞඛ්‍ය අංශ දිස්ත්‍රික්කය තුළ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 49 ක් බවද කියයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 290 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (07) දිනයේ පිටවගොස් තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී පුද්ගලයෙකු ඊයේ රාත්‍රී පලාගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි

Read More

අකුණු සැර වැදීමෙන් ගල්පාත පුන්සිරි පුර ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ ( 6) රාත්‍රී මියගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි

Read More

තමන් හා බිරිඳ සම්බන්ධව අන්තර්ජාලයේ හුවමාරුවන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

Read More

බදුල්ල මහ රෝහලේදී කොවිඩ් අසාදිතයෙක් බවට හඳුනාගත් ඌව පරණගම පදිංචි දින 42 ක් වයසැති බිළිදා කොළඹ රිජ්වේ ළමා රෝහලට යැවීමෙන් පසු මියගොස් තිබේ .

Read More

දිනන්න උත්සාහ කරන්න බලාගෙන ක්‍රීඩා නොකරන බවත් සෑම අවස්ථාවකම ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා පවසයි.

Read More

තවදුරටත් අධ්‍යනය කරන්න කියලා තියෙන දේවල් කඩිනමින් විමර්ශනය කළ යුතුයි. තමන්ගේ වාසිය තකා කණ්ඩායම් ආරක්ෂා කිරීමට වැරදි කර තිබෙන අය ශුද්ධවන්තයින් නොකළ යුතුයි.

Read More

අධිකරණ නියෝගයක් මත මුදා හැරීමට නියමිත කැබ් රථයක් මුදා හැරීම සඳහා පුද්ගලයකුගේම රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් මහරගම පොලිසියේ අපරාධ අංශයට අනුයුක්ත වරෙන්තු නිළධාරියා ගේ රාජකාරී වැඩ තහනම් කළ බව මහරගම පොලිසිය කියයි.

Read More

වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී විදේශීය ජාතිකයන් 9 කූ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය

Read More

කුරුවිට තරුණිය ඝාතනය කර හිස නැති මළ සිරුර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දමා නිවසට පැමිණ සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය ඊයේ (06දා) රාත්‍රි 10ට පමණ බඩල්කුඹුර 5 කණුව පොදු සුසාන භුමියේදි මිහිදන් කළේය.

Read More

තලවකැලේ නගරයේ මත්පැන් අලෙවිසැලක කලමණාකරුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (06) දින තහවුරු විම නිසා එම මත්පැන් අලෙවිසැල වසා දමා එහි සේවකයින් සියළු දෙනා ස්වයං නිරෝධානයට යොමු කල බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති එස්.භාරතිදාසන් මහතා පැවසිය.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා දිවයිනේ සියලුම කතෝලික පල්ලි වල අද දිනයේදී කලු ඉරිදා විරෝධයක් පවත්වයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් නොවන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අදදින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 19 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,177 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 441,000 බරැති ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ද පියවර ගෙන තිබූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

දකුණු ආසියානු කලාපයේ වේගවත්ම එන්නත් ලබාදීම මාලදිවයිනේ සිදුව ඇති අතර, එරට පුද්ගලයන් 100කට එන්නත් මාත්‍රා 25ක් ලබාදී තිබේ. එහිදී ශ්‍රී ලංකාව පුද්ගලයන් 100කට එන්නත් මාත්‍රා 3ක් දැනට ලබාදී ඇත.

Read More

ඇමෙරිකාවට පසුව වැඩිම මරණ වාර්තා වන බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයක මරණ සංඛ්‍යාවක් මේ වනවිට ඇමෙරිකාව තුළ වාර්තා වන අතර, එන්නත්කරණය මධ්‍යයේ වසංගතය පාලනය කරගැනීම සඳහා ඔවුන් දැඩි අරගලයක නිරතව සිටියි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) සවස 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Read More

වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ගැඹුරු ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය අනෙකුත් රටවල් සමගද අඛණ්ඩව කටයුතු කරන බව දිගින් දිගටම පවසා සිටියේය.

Read More

එය වර්තමාන කොවිඩ්-19 වසංගත ජීවිතයේ වසරක් ගතවන තැන ලෝකයේ බොහෝ දෙනෙකු මේ වනවිටත් අත්විඳ ඇති සාමාන්‍ය දෙයක් වී තිබුණද, වර්ෂ 1969 දී නිරෝධායනය තුළ නීල් ආමස්ට්‍රෝන් අත්විඳි සුවිශේෂී උපන් දිනයක්ද විය.

Read More

වර්තමාන ඉබෝලා වසංගතය සම්බන්ධ එක් අභියෝගයක් නම්, කොවිඩ්-19 වසංගතය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම සහ නැගී එන වෙනත් රෝග කාරකවලට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය මෙවලම් කෙරෙහි ගෝලීය අවධානය යොමු කිරීම වඩාත් අපහසු කරවීම බවද කියැවෙයි.

Read More

මෙම එන්නත් තොගය එරටට ළඟාවී තිබුණේ අද (07දා) දිනයේ චීනයෙන් පැමිණීමට නියමිත තවත් බොහෝ සෞඛ්‍ය උපාංග සමගින් බව කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක් නිවේදනය කළේය.

Read More

විශ්වාසභංගය දිනාගැනීම සඳහා අවශ්‍ය වූ ඡන්ද 172ක සීමාව ඉක්මවා ඡන්ද 178ක් ලබාගැනීමට ඉම්රාන් ඛාන්ට හැකි වූ බව සභානායකවරයා ප්‍රකාශ කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,586,000ක් ඉක්මවා ගොස් ඇති අතර, ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන පළමු එන්නත් තොගය ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 264,000 ක් 03/07 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන පැමිණියේය .

Read More

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් ගණණ 81000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 170ක් වාර්තාවීමත් සමගිනි. මේ අනුව එම පොකුරුවලින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 81093ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 360කි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.