නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 90 කු අද (06) දින පෙරවරු 10.00 වනවිට හමුවීමත් සමග සමස්ත ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4990 දක්වාඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අනුව අඹගමුව 910 කු, බගවන්තලාව 615 කු, හඟුරන්කෙත 383 කු, කොටගල 297 කු, කොත්මලේ 417 කු, ලිඳුල 334 කු, මස්කෙළිය 203 කු, මතුරට 122 කු, නුවරඑළිය නගර සභා සීමාවේ 361 කු, නව තිස්පනේ 381 කු, නුවරඑළිය 363 කු, රාගල 312 කු හා වලපනේ 292 කු වශයෙන් මෙසේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් වෛරසය ආසාදිතයන් හමුව ඇතැයි එම නිලධාරීහු පවසති.
අද (06) දිනට වාර්තා වු කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන්ගෙන් 33 කු නවතිස්පනේ , කොටගල හා 19 කු නුවරඑළිය මහ නගර සභා සීමාවේ 25කු වශයෙන් හමුව ඇතැයිද ඔවුහු කියති.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් සමස්ථ මරණ සංඛ්‍යාව 74 ක් දක්වා ඉහල ගොස් ඇතැයිද සෞඛ්‍ය අංශ සඳහන් කරති.
ශාන් හුලංනුගේ