හෙට සිට වර්ණ 11ක ස්ටිකර් ක්‍රමයක්
සංචරණ සීමා මැද අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වාහන සඳහා හෙට (07) දිනයේ සිට විශේෂිත ස්ටිකර් 11ක් හඳුන්වාදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
ඒ අනුව එම ස්ටිකර් වර්ග පහතින්,
කොල වර්ණය - සෞඛ්‍ය සේවාවලට සම්බන්ධ වාහන
ලා නිල් වර්ණය - ත්‍රිවිධ හමුදා, පොලිස් වාහන
දම් වර්ණය - පුද්ගලික අංශයට අයත් අත්‍යවශ්‍ය සේවා සපයන වාහන
ලා දුඹුරු වර්ණය - ආනයන, අපනයන, නිෂ්පාදන, කර්මාන්තශාලා ක්ෂේත්රයට අයත් පිරිස්
කහ වර්ණය - අත්‍යවශ්‍ය සැපයුම් වාහන
රතු වර්ණය - අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම්
තැඹිලි වර්ණය - මාධ්‍ය සහ සන්නිවේදන ආයතන
සුදු වර්ණය - විදේශගතවීම් සම්බන්ධ කටයුතු
කළු වර්ණය - මානුෂීය හේතූන් (අවමංගල්‍ය, වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ ගැනීම)
අළු වර්ණය - පිසූ ආහාර සහ ඩිලිවරි සේවා
මේ අතර රාජ්‍ය අංශයේ අනෙකුත් රාජකාරී සඳහාත් විශේෂිත වර්ණයකින් යුත් ස්ටිකරයක් හඳුන්වා දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

