වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින්
බදුල්ල කයිලගොඩ වැඩිහිටි නිවාසයේ කෝවිඩ් ආසාදිත නේවාසික වැඩිහිටියන් අටදෙනකු ඊයේ (5) හදුනාගත් බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .
මෙසේ හදුනාගත් කෝවිඩ් ආසාදිත පිරිස අතර වැඩිහිටි නිවාසයේ නේවාසික කාන්තාවන් මෙන්ම පිරිමි පුද්ගලයන් සිටින බවත් ,එම කෝවිඩ් ආසාදිත පිරිස බදුල්ල හිදගොඩ සහ බිදුනුවැව කෝවිඩ් ප්‍රතිකාර ඒකකවලට ඇතුලත් කල බවද හෙතෙම කීය .
මෙම බදුල්ල කයිලගොඩ වැඩිහිටි නිවාසයේ නේවාසික රැදවියන් 54ක්පීසීආර් පරික්ෂණයට භාජනය කල බවත් ,ඉන් ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා 17ක්අතුරින් මෙසේ කෝවිඩ් ආසාදිත නේවාසික වැඩිහිටියන් අටදෙනකු සිටි බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා සදහන් කළේය .
වැඩිහිටි නිවාසයේ තව නේවාසික වැඩිහිටියන් 37කුගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති බව පවසන පියල් පද්ම මහතා එම වාර්තා අනුව ඉදිරි කටයුතු සිදු කරන බවද පැවසීය .
ඇල්ල ප්‍රසාද් රුක්මල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

