බගවන්තලාවෙන් තවත් අසාදිතයන් 23ක්
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (04) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 23 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් වු නව අසාදිතයන් 23 දෙනා ස්වයං නිරෝධානයට යොමු කර පසුව (01) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා 63 කින් නව අසාදිතයන් 23 දෙනා හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
බගවන්තලාව මොරා වතු යායෙන් අසාදිතයන් 10 දෙනෙක් , කිලානි වතු යායෙන් අසාදිතයන් 04 දෙනෙක් සහ සෙසු අසාදිතයන් ලින්ස්ටඩ්,පෝඩයිස්,ටිලරි සහ බගවන්තලාව නගරයෙන් හදුනාගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
මොරා වතු යායෙන් හදුනාගත් නව අසාදිතයන් 10 දෙනා සහ කිලානි වතු යායෙන් හදුනාගත් අසාදිතයන් 04 දෙනා එකම පවුලේ සමාජිකයන් බවත්,අසාදිතයන් අතර ළමුන් 05 දෙනෙකු සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට අසාදිතයන් 589 දෙනෙකු සහ කොවිඩ් මරණ 18 සිදු වි ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
හැටන් රංජිත් රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

