saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7231 hours ago

LATEST

‍‍සතිය ඔබට කොහොමද? මාර්තු-15-සඳුදා සිට 21 ඉරිදා

calendar_today 2021 මාර් 15 - 08:00 remove_red_eye - 420  

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන ගොඩනගන සතියේ ශුභ

අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනුව දකුණු අප්‍රිකාවට මෙම රෝගයෙන් ජීවිත 51,261ක් අහිමි වී ඇති අතර, අප්‍රිකානු රටවල් අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන සෙසු රටවල් වන්නේ ඊජිප්තුව සහ මොරොක්කෝවයි.

Read More

දශකයකට වැඩි කාලයක් ඉස්ලාමීය අන්තවාදයේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින ජනාධිපති මුහම්මදු බුහාරිගේ ආරක්ෂක හමුදාවන් මුහුණදෙන තවත් දරුණු ඛේදවාචකයක් වී ඇත්තේ මෙම පාසල් දරුවන් පැහැර ගැනීමේ සිද්ධීන්ය. ආසන්නම සිදුවීම ලෙස පසුගිය බ්‍රහස්පතින්දා දරුවන් 39 දෙනෙකු පැහැරගෙන යෑම සිදුවිය.

Read More

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමග එක්ව සංවර්ධනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත යුරෝපීය සංගමයේ සහ බොහෝ රටවල භාවිත කිරීමට අවසරදී ඇති නමුත් තවමත් එක්සත් ජනපද නියාමකයන් විසින් ඊට අවසරය ලබා දී නොමැත.

Read More

’’ඔවුන්ට රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබුණා. ඔවුන් මුලින් ඉතා විශාල පීඩාවක් ලැබුවා. නමුත් මේ රෝගීණ් අඩුවීමත් සමග ඔවුන් අවන්හල් විවෘත කළා. බාර් කිහිපයක් විවෘත කළා. තරුණයින් විශේෂයෙන් මුඛ ආවරණ පැලඳීම නතර කළා. මේ සියලු කාරණා සමග හදිසියේම යළිත් වසංගතය හිස එසවීමට පටන්ගෙන තිබෙනවා.’’ ඉතාලියේ ඇතිවූ සිද්ධිය විස්තර කරමින් වෛද්‍ය ෆවුසි කියා සිටියේය.

Read More

අයර්ලන්ත ජාතික ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුව නෝර්වීජියානු ඖෂධ ඒජන්සියේ නියෝගයක් පූර්වාරක්ෂාවක් ලෙස ඉදිරිපත් කර ඇති නමුත්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ මෙම සිද්ධීන් අතර කිසිදු සම්බන්ධයක් ඇති බවට තවම නිගමනයකට පැමිණ නැති බව සිය නිවේදනයෙන් කියා සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,835,500ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

පන්දුවාර 31.5කදී කඩුලු 6කට ලකුණු 151ක් රැස්කරමින් අසීරු තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තරගකාරී ලකුණු සංඛ්‍යාවකට ගෙන යෑමට අශේන් බණ්ඩාර (55*) හා වනිඳු හසරංග (80*) සමත්වූයේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක නොබිඳුණු සබඳතාවක් පවත්වා ගනිමිනි.

Read More

සුපිරි පන්දු යැවීම නිරත වූ නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දුවාර 4ක් තුළදී ලකුණු 6ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූයේය. පන්දුවට පහරදීමේදීද පන්දු 26කදී හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 61ක් රැස්කිරීමට සමත්වූයේය.

Read More

අද දිනයේදී පෑලියගොඩ, දිවුලපිටිිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදිතයන් 282ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 527ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මහවැලි ගගේ දිය නැමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙක් අද දින අතුරුදහන් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Read More

“රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹවීමට හෝ වෛරී දේශපාලනය වපුරා ජාතින් බේද භින්න කිරීමට උත්සහ කලොත් එසේ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස අපි කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ”, යනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය‍.

Read More

මෙම මාසය අවසන් වන විට සුදුසුකම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 209 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කළුතර ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේ පැවැති උත්සවයකදී පැවසීය.

Read More

මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් අද (14) අලුයම වටලා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 142 දෙදෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,742ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මිනිස් භාවිතයට නොසුදුසු කිලෝ 600ක තේකොළ මඩකලපුව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන කණ්ඩායම පොලිස් කණ්ඩායම අත්පත් කර ගෙන ඇති බව ස්ථානාධිපති අයි පි පි එස් බංඩාර පැවසීය.

Read More

මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩිගමුව ප්‍රදේශයෙන් ඊයේ (13) කොවිඩ් රෝගීන් 14 දෙනෙකු අලුතෙන් හමුවී ඇතැයි මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2021.03.14 දින පෙරවරුවේ පැවසීය.

Read More

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි රටට පළාගොස් සිටින රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඊයේ (13දා) මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

දැනට පවත්නා පාසල් විෂයමාලා අන්තර්ගතය රටේ වත්මන් ආර්ථික අවශ්‍යතා සහ රැකියා අවස්ථා සමඟ නොගැලපෙන බවත් රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විෂයමාලා නවීකරණය ප්‍රමුඛ අංගයක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මාතර රාහුල විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලුතින් ඉදිකෙරෙන ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමට එම විද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේ දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය.ජී.එල්.පීරිස්අමාත්‍යවරයා මේ අ

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 395 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් 19 ආසාධිතයින් පනස්දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ එය සැළකිල්ලට ගනිමින් සඳුදා දින පැවැත්වීමට තිබූ මොරවක සතිපොළ නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කල බව පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද සිරිවර්ධන පැවසීය.

Read More

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර් මාන්ත ශාලාවක කොරෝනා පොකුරක අවදානමක් පවතින බවටත් මේ වන විට එහි සේවකයින් 21 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ 57 හැවිරිදි කාන්තාවක් හොරණ ගෝනපොල තලගල ප්‍රදේශයේදී ( 12 )රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

කැළණි ගඟ ආශ්‍රිතව සිදු කරනු ලබන පරිසර හානිය හා දූෂිත ක්‍රියා අවම කර ගැනීම සදහා පොලිස් නාවික කොට්ඨාසය විසින් ඊයේ බෝට්ටු සේවාවක් ආරම්භ කරනු ලැබීය.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1470 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍ර යේ නියුත වූවන් සදහා ලබා දි තිබු ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස 06 කින් දීර්ඝ කෙරේ. ඔවුන් සඳහා වන ලීසිං පහසුකම් දීර්ඝ කිරීමේ චක්‍ර ලේඛය මේ වන විට නිකුත් කර ඇති අතර ණය සහන ලබාදීමේ චක්‍ර ලේඛය ඉදිරි සති කීපය තුළ නිකුත් කිරිමට මහ බැංකුව එකගත්වය පළ කර තිබේ.

Read More

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන් 08දෙනකු හට කොවිඩි වයිරසය අසාදනය වී ඇති බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය උසස් නිලධාරියෙක් අද පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.