saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6995 hours ago

LATEST

එන්නත්වල බුද්ධිමය දේපළ අයිතිය අත්හරින්න ඉල්ලීම්

calendar_today 2021 මැයි 06 - 12:36 remove_red_eye - 1109  

’’අපි වැඩිහිටියන්ට බහුතරයක් එන්නත් කිරීමට යන්නේ ප්‍රජා ප්‍රතිශක්තිය ගෙන ඒමට නම්, අපට අවශ්‍ය එන්නත ප්‍රමාණය දැන් ඇති ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස වැඩි විය යුතුයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

රෝගය පැතිරීයාම නිසා බිබිල මැදගම ප්‍රාදේශීය රෝහල ඉකුත් (03) වෙනිදා සිට කොවිඩ් රෝගී මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 05වන දින සවස 6.00 වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 49දෙනකු වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2129 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී තිබේ.

Read More

එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් නීතිපතිවරයා පවසා ඇත්තේ තමා කැනඩාවේ මහකොමසාරිස් ලෙස පත්කිරීම පිළිබඳව ජනපතිට ස්තූතිය ප්‍රකාශ කරන නමුත් තමන්ට ලංකාවේ සිටිමින් ජනතා සේවය සිදුකිරීමට අවශ්‍ය බවයි.

Read More

ඉන්දියාවේ සිටින කිසිවෙකුට අද (06දා) සිට ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.

Read More

අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල අද (06) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

Read More

කෝවිඞ් අවදානම හේතුවෙන් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුලූවීම දින නියමයක් නොමැතිව දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් 05දා සිට අත්හිටවු බව රත්නපුර දිසාවන නිලධාරි රෂාල් වීරසිංහ මහතා පැවසුවේය.

Read More

ධීවර රැකියාවට ගොස් අන්දමන්දන් දුපතේ මේ වන විට සිරගතව ඇති තම පියා නිදහස් කර දෙන්නැයි ඔලිම්පික් පදක්කම් ලාභි ක්‍රීඩිකාවක වන පාරමි වසන්ති දැරිය බළධාරින්ගෙන් ඉල්ලයි.

Read More

රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම අද සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.

Read More

බස්නාහිර පළාත තුළින් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබේ. බස්නාහිර පළාතේ කොළඹ (498), ගම්පහ (387) හා කලුතර (377) යන දිස්ත්‍රික්ක තුළින් ඊයේ දිනයේදීද ලංකාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

Read More

වයස අවුරුදු 18-59 අතර වැඩිහිටියන් සඳහා චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත 78.1%ක ඵලදායීතාවක් පෙන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෝ පවසති. ඒ අනුව සීනොෆාම් සහ තවත් චීන සමාගමක් වන සීනොවැක් හි කොවිඩ්-19 මර්දන එන්නත්වල හදිසි භාවිතය පිළිබඳ අනුමැතිය මෙම සතිය අවසන් වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේත් පුද්ගලයන් 238ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More
අද කාලගුණය
6 05 2021 07:30:00
0 179

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Read More

’’මේ සටන අත්නොහැර, අපට හැකි තැන අප ඉගෙන ගත යුතුයි. අපට හැකි තැන හැදෑරීමට අප කටයුතු කළ යුතුයි. සියලු මෙවලම්, එනම් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග (මුඛ ආවරණ, දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය), එන්නත් සහ සාමූහිකත්වය සමග අපට ඇත්ත වශයෙන්ම කොවිඩ්-19 පාලනය කිරීමට, පරාජය කිරීමට පුළුවන් යන බලාපොරොත්තුව අප සියලු දෙනා තුළම තිබිය යුතුයි.’’ WHO කොවිඩ්-19 තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් අවධාරණය කරයි.

Read More

තවත් කොවිඩ් මරණ 14ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 734කි.

Read More

තවත් දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ - පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ - සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය

Read More

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 23 දෙනෙකුට කොවිඩි ආසාධනය වී ඇති බවත් විශ්ව විද්‍යාල පරිපාලනය සිසු ජිවිත අවදානමකට ලක්කර ව්‍යාජ තොරතුරු සමාජ ගතකරන බව රුහුණු විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරණ සිසුවා පැවසිය.

Read More

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අද (05) පස්වරුවේ පැවති 54 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්විය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 638 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2020 (2021) දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

Read More

රුසියාවේ සිට රැගෙන ආ ’ස්පුට්නික් V’ එන්නත හෙට (05) සිට මෙරටට ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

අපි මේ සන්ධානය පසුගිය මැතිවරණ වලට පෙරාතුව මූලික එකඟතාවයන් අති කර ගත්තා. මේ වෙනකොට ඒ ගිවිසුම් කඩාකප්පල් වී තිබෙන්නේ. ඉල්ලීම් නොලැබීම හේතුකරගෙන අතෘප්තිකර භාවයක් ඇතිකරගෙන තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1259ක් වාර්තා වී තිබේ. අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ සමග සමුළුව සඳහා බ්‍රිතාන්‍යයේ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇති බැවින් තමන් අතථ්‍ය ආකාරයෙන් සමුළුවට සහභාගී වන බවයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 720ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පොදු ප්‍රවාහනයේදී සහ කුලී රථ වල නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කරයි.

Read More

මුන්දලම කරුන්ගාඩිචෝලේ ප්‍රදේශයේ 19 හැවිරිදි සිසුවකු හදිසියේ අද (5දා) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි.

Read More

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සති කිහිපයක් තිබියදී ජපානයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දැකිය හැකි අතර, ටෝකියෝ, කියෝතෝ, ඔසාකා සහ හයෝගෝ යන ප්‍රාන්ත සියල්ලම මැයි 11දා දක්වා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

Read More

නැගෙනහිර පළාතේ ආයුර්වේද රෝහල් වහාම ක්‍රියාත්මක වෙන පරිදි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර පළාත් ආයුර්වේද කොමසාරිස්වරියට නියෝග කළාය.ඒ අනුව නැගෙනහිර පළාතේ ආයුර්වේද හදිසි ප්‍රතිකාර ඇඳන් 283 කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.