බදියුදීන්ගේ නිවසේ සේවකයින් කිහිපදෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජුඩ් දැරිය කොළඹට රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සමාජිකයන්ගෙන් සහ එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටි තවත් කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිම (27) දින දවස පුරා ඩයගම වතු යායේදි සිදු කෙරිණ.
ප්‍රධාන පොලිස් පරික්ෂණ වරුණි බොගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ප්‍රකාශ සටහන් කරගනු ලැබුහ.
මිය ගිය දැරිය මිහිදන් කල එම වතුයායේ පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබු අතර , අධිකරණ නියෝගයක් අනුව එම මෘත දේහය (27) දින ගොඩ ගනිවි යැයි සිතා ඩයගම අවට වතු කම්කරුවන් විශාල පිරිසක් එම සුසාන භුමිය අසල රැදි සිටි අයුරු දක්නට ලැබුණි.
නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ මිහිදන් කල සිරුරක් අධිකරණ නියෝගයත් මත ගොඩ ගැනිමේදි අනුගමනය කල යුතු නිති මාලාවක් ඇති බවත්, එම නිති මාලාවට අනුව ඉදිරි දින කිහිපය තුලදි ඉෂාලිනිගේ සිරුර ගොඩගෙන යලිත් පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කිරිමට නියමිත බවයි.
popular news
-
Kumar Wednesday, 28 July 2021 12:46 AM
No DNA from girl's items?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

