saravita-anim2

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

Latest News - timelapse 7110 hours ago

LATEST

නගර 100ක් අලංකරණය කිරීමේ අගමැතිගේ යෝජනාව පසෙකට

calendar_today 2021 මැයි 31 - 23:09 remove_red_eye - 2573  

නගර සියයක් එකවර අලංකරණය කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ යෝජනා සදහා තවදුරටත් නිරීක්ෂණ ලබා දිය යුතු බව කැබිනට් මණ්ඩලය විසින් පවසා ඇති බව වාර්තා වේ.

මෙරට මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා වන සාකච්ඡාවක් හෙට (01දා) සවස 5ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Read More

චීනයේ නිෂ්පාදිත තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ජුනි 05 වැනි දා දිවයිනට රැගෙන එන බව ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Read More

පෙර පාසල් ගුවරුවන් සදහා දැනට ලබාදෙන රුපියල් 250 මාසික දීමනාව රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 1,351 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,882ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 186,334ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (31) පෙරවරුවේ පැවැති අවස්ථාවේ සභාපතිවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

Read More

කොවිඩ්-19 වසංගතය ලෝකය තුළ තවදුරටත් මන්දගාමී හා නොසැලකිලිමත් ලෙස හැසිරවීමක් ලොවපුරා බොහෝ රටවල දැකිය හැකි නිසා, අනාගතයේදී පැතිර යා හැකි වසංගතයකදී ජීවිත හා ජීවනෝපායන් විනාශවීම වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රටවල් මීට වඩා ශක්තිමත් විය යුතු බවට කතාබහක් ඇති වී තිබේ.

Read More

ඊයේ සහ අද දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තොගවෙළෙදුන්ට සහ ජංගම වෙළෙදුන්ට භාණ්ඩ මිලදි ගැනිමට අවස්ථාව සලසා දි තිබු අතර එය අදින් අවසන් වෙයි.

Read More

ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා ඇති නෞකාවකට ආරක්ෂාව සැපයීම සඳහා ගෙන ගිය ගිනිඅවි 36ක් හා පතොරම් තොගයක් මුහුදට වැටී ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් වෙරළට ගසාගෙන පැමිණි අපද්‍රව්‍ය ඉවත් කිරීම ආරක්ෂක අංශවල දායකත්වය යටතේ තවදුරටත් සිදුකෙරමින් පවතී. මේ පමුණුව වෙරළ තීරයට ගොඩා ගසා තිබූ අපද්‍රව්‍ය ඉවත් කරන අයුරුයි

Read More

පොලිස් නිලධාරින්ගේ නිවාඩු ජුනි 15 වනදා දක්වා අවලංගු කිරිමට තිරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Read More

කටුනායක ප්‍රදේශය තුළින් 05/31 දින කොරෝනා ආසාදිතයන් 93 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

අද (31) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,531ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඊට ප්‍රතිචාර දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමා සුදුසුම අවස්ථාවේදී සුදුසුම තීරණය ගන්නා බවයි.

Read More

මෙරට නව නීතිපති ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද (31) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයන් 1,915 ක් පූර්ණ සුවය ලබා ඇත. ​ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 151,740 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහය පළ වේ. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නඟාසිටුවීමට ඇති හැකියාව කෙරෙහි ද අවධානය යොමු වෙයි.

Read More

ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා ඕරල් කෝපරේෂන් - සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් - කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක

Read More

කොළඹ නගරයේ ස්ථාන 13 ක අද දිනයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා පවසයි.

Read More

’’ගිනිකොනදිග ආසියාව පුරා රටවල්වල කොවිඩ්-19 ආසාදන අනුපාතය ඉතා භයානකයි’’ යනුවෙන් ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සංගම්වල ජාත්‍යන්තර සම්මේලනයේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් පැවසීය. ’’වඩාත් භයානක හා මාරාන්තික ප්‍රභේදයන් මගින් සිදුවන මේ ආසාදන පාලනය කිරීම සඳහා විශාල ගෝලීය බෙදාහදා ගැනීමක් සහ එන්නත් නිෂ්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඉස්මතු කර තිබෙනවා.’’

Read More

ශ්‍රී ලංකා පොලිසියේ නව මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීම සදහා මින්පෙර යෝජනා වී තිබූ මිරිහාන ප්‍රදේශය වෙනුවට අත්තිඩිය ප්‍රදේශයේ එය ඉදිකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

Read More

එළඹෙන 07 වැනිදා දක්වා බලපැවැත්වෙන සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව කොවිඩ් මර්දන කාර්ය සාදන කමිටුව මගින් තීරණය කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලුතෙන් ඉදි කෙරුණු සිව්මහල් ශිෂ්‍ය නේවාසිකාගාරයක් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් (31) එම විශ්වවිද්‍යාලයේ උපකුලපති උපුල් බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි .

Read More

මීගමුව, මා ඔය ප්‍රදේශයේ සිට පානදුර දක්වා තහනම් කළ කලාපයක හැර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම සඳහා හෙට(01) සිට ධීවරයින්ට අවස්ථාව හිමි වේ.

Read More

පවතින නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවති සාදයකට සහභාගි වු කුරුණැගල සහකාර පොලිස් අධිකාරිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

හැටන් දික්ඔය නගර සභා සිමාවේ (31) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු හමු වු බවත්, එම අසාදිතයන් 12 දෙනාගෙන් 10 දෙනෙකු හැටන් ගාමිණිපුර සහ ආරියගම ප්‍රදේශවල එකම පවුලේ සමාජිකයන් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Read More

[UPDATE] ජුනි 01 දා සිට ගුවන්තොටුපල විවෘත කළත්, වියට්නාමයේ සිට පැමි‌නෙණ අය,දින 14 ක් තුල වියට්නාමය තුල සංචාරයේ නිරත වූවන් හා වියට්නාමය සමග ගුවන් ගමන් හුවමාරු වූ පුද්ගලයන්ට තාවකාලිකව මෙරටට ඇතුලු වීමට අවසර නොලැබෙන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (31) පෙ.ව නවයෙන් අවසන්වූ පැය 24 තුළ කොවිඩ් 19 රෝගීන් 116 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු ආධුනික බොක්සිං ශූරතාවලියේ කාන්තා කි.ග්‍රෑ. 51 (Flyweight) බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරි සමත් වූවාය.

Read More

මෙරට සියලු ගුවන්තොටුපලවල් හෙට (1) සිට විවෘත වෙයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.