saravita-anim2

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

Latest News - timelapse 7112 hours ago

LATEST

මෙරට සියලු ගුවන්තොටුපලවල් හෙට විවෘතයි

calendar_today 2021 මැයි 31 - 13:58 remove_red_eye - 368  

මෙරට සියලු ගුවන්තොටුපලවල් හෙට (1) සිට විවෘත වෙයි

මුලතිව් ඉරණපලෙයි මුහුදු සීමාවේදී ධීවරයින් දෙපිරිසක් අතර අද (31) උදෑසන තියුණු ආයුධ වලින් පහරදීගැනීමක් හේතුවෙන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවටද මුලතිව් පොලීසිය පවසයි.

Read More

(UPDATE) නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්‍රවීණ නිරූපිකා පියුමි හංසමාලි ඇප මත මුදා හැර තිබේ. ඔවුන් කොළඹ හෝටලක පැවැති උපන්දින සාදයකට එක්ව තිබුණි.

Read More

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ වාර්තාකරුවන්ට පැවසුවේ, ’’අපට ඇති අභියෝගය ඉතා වැදගත් එකක්. මොකද, සම්බන්ධතා විශාල සංඛ්‍යාවක් සමග ආසාදන අවස්ථා කුඩා සංඛ්‍යාවක් පමණක් අපට දැනට හමුවී තිබෙනවා.’’ යනුවෙනි. ඒ අනුව තත්ත්වය ඇදහිය නොහැකි තරම් බරපතළ බවත්, ඉදිරි දින කිහිපය තීරණාත්මක වනු ඇතැයි මර්ලිනෝ පැවසීය.

Read More

ගෙවුණු දිනයේ (30) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2859 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ජුනි 08 දා සිට ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කුරුම්බැට්ටියක් උගුරේ හිරවීමෙන් ශ්වසන මාර්ග අවහිරවිමෙන් මාස 11 වියැති දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය වී තිබෙනවා.

Read More

කෝවිඩ් 19 ආසාදිත වී බදුල්ල මහ රෝහලේ දී සිව්දෙනෙකු අද (31දා) මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

Read More

හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (31) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 22 ක් හදුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ දින සවස් වන විට අලුතින් ආසාදිතයන් 78 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 4166 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳව විමර්ශනය කරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගිය බදාදා රටේ බුද්ධි අංශවලට නියෝග කළේය. ’’වෛරසය ආසාදිත සතෙකු සමග මිනිස් සම්බන්ධතාවයෙන් හෝ රසායනාගාර අනතුරකින් මතුවී ඇත්ද’’ යන්න සොයා බැලීම බයිඩන්ගේ නියෝගය විය. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය එක්ව මාර්තු මස අගදී කරන ලද වාර්තාවකින් මෙසේ විද්‍යාගාරයකින් ඉස්මතු වූ න්‍යාය සම්පූර්ණයෙන්ම බැහැර කළේය.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වුවන් සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ ලේඛන සකස් කිරීමේ කටයුතු අද (31) සිට ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

වෙනදට වඩා පිරිසක් නැවතත් පාරවල්වල එකතුවෙලා තිබෙන බව දකින්න තිබෙනවා. උදාහරණයක් විදිහට සෞඛ්‍ය සේවා ලේබල් අලවාගෙන, වෛද්‍යවරුන්ගේ ලේබල් අලවාගෙන පවුල්වල අය යනවා දකින්නට තිබෙනවා. මේ නිසා සාමාන්‍ය දවසක වගේ පිරිසක් මහාමාර්ගවල දකින්න ලැබෙනවා. කෝවිඩ් පාලනයට එවැනි සිදුවීම් හොඳ නැහැ.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වාත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සමස්ථ ලංකා හෙද සංගමය තීරණය කර ඇ​ත.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

2017 වසරේ සිට අන්තවාදි මත පැතිරවු සහ සහරාන් හෂිම්ට රැකවරණය දුන් 55 හැවිරිදි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ඔලුවිල් ප්‍රෙද්ශයේදි ත්‍රස්ත විමර්ශන කොටිඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජංගම වෙළද රථ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා.

Read More

නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් මෙම වසරේ දී (2021) ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ සදහා රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන මුදලක් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට වෙන් කර දීම සදහා නාගරික සංවර්ධන හා නිවාස විශයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Read More

ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීතිය උල්ලංඝනය කර 755 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 170,174,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දකුණු ආසීයානු කලාපයේ පවතින නව කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රේල් (29) දා සිට ලංකාවට ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගි තහනම තවත් සති 3 න් එනම් එළඹෙන ජුනි 21 දක්වා දීර්ඝ කිරිමට ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (29) තීරණය කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 663ක් වාර්තා වෙයි.

Read More

බොරිස් ජොන්සන්ගේ සංකීර්ණ පෞද්ගලික ජීවිතය නිසාම ඔහු හඳුන්වන්නේ, ’’බොන්කින් බොරිස්’’ ලෙසිනි. අවිවාහක සම්බන්ධතාවක් ගැන බොරු කීම නිසා විපක්ෂයේ සිටියදී ඔහු වරක් කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිපත්ති කණ්ඩායමෙන්ද ඉවත් කරන ලදී. ඔහු දෙවරක් දික්කසාද වී ඇති අතර, ඔහුට දරුවන් කීදෙනෙක් සිටිනවාදැයි පැවසීම ප්‍රතික්ෂේප කරයි.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේදී අසනීප නිවාඩු වාර්තා කරමින් වර්ජනයක් ආරම්භ කිරීමට සමස්ත ලංකා හෙද සංගමය සූදානම් වේ.

Read More

සංචරණ සිමා හේතුවෙන් පහසුකම් ලබාගැනීම දුෂ්කර වී ඇති විහාරස්ථාන සඳහා පහසුකම් සැපයීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත්ව ඇතැයි වාර්තාවේ. ඒ ඔහුගේ පෞද්ගලික හේතුවක් නිසාවෙනි.

Read More

කොවිඩ් - 19 ව්‍යාප්තිය පාලනයට රට පුරා ආරම්භ කර ඇති එන්නත්කරණ වැඩසටහනේ අද (30) දින යාපනය දිස්ත්‍රික්කය ආරම්භ කළ එන්නත්කරණ ක්‍රියාවලිය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්විය.

Read More

’’ඔබ ආබාධිත හෝ සාමාන්‍ය වුවත්, ඔබට ඇස් පෙනීම නැති වී හෝ කකුල් හෝ අත් හෝ නොමැති වුවත් එය වැදගත් වන්නේ නැහැ. ඔබට ශක්තිමත් මනසක් ඇතිතාක් කල් ඒවා වැදගත් වන්නේ නැහැ.’’ චීන කඳු නගින්නෙකු වූ 46 හැවිරිදි ෂැං හොං, එවරස්ට් කන්ද දෑස් නොපෙනී තරණය කළ ආසියාවේ පළමු මිනිසා මෙන්ම, එවැනි වික්‍රමයක් කළ ලොව තෙවැනි පුද්ගලයා බවට පත්වෙමින් කියයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහඅට දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.