saravita-anim2

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

Latest News - timelapse 7116 hours ago

LATEST

හානියට පත් වූ වෙරළ පිරිසිදු කිරීමට Port City දායකත්වය

calendar_today 2021 මැයි 30 - 18:40 remove_red_eye - 1448  

ගිනිගෙන විනාශයට පත්වූ MV X-PRESS PEARL නෞකාවෙන් වෙරළ තීරයට ගොඩගැසූ සුන්බුන් සහ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුවලට ශක්තියක් වෙමින් කොළඹ වරාය නගරෙයන් (Port City Colombo) රු.ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් පුද්ගලික ආරක්ෂණ උපාංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පරිත්‍යාග කර තිබේ.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී ඉතා ඉක්මනින් සැකසිය යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අද (30) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,186ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහඅට දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 1,434 ක් පූර්ණ සුවය ලබා ඇත.

Read More

ස්පුට්නික්-වී කොවිඩ්-19 මර්දන එන්නත පළමු මාත්‍රාව ලබාගෙන දින 21 සිට මාස 3ක් අතර පරතරයකින් එහි දෙවැනි මාත්‍රාව ලබාදිය හැකි බව එම එන්නත නිපදවූ රුසියාවේ ගමාලියා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් ජින්ට්ස්බර්ග් පවසයි.

Read More

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් තාක්ෂණීක කමිටුව මේ වන විට අධ්‍යනයක් කරමින් සිටින බවත් ප්‍රබල එන්නතක් වන එයට දෙවන මාත්‍රාවක් අවශ්‍යවන්නේ ද යන්න වෛද්‍යවරුන් විසින් සලකා බලන බවත් මහනුවර දිස්ත්‍රික්යේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ සමාරම්භක අවස්ථාවට අද (30දා) එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

Read More

දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සායන සඳහා සහභාගී වීමට නොහැකි රෝගීන්ට දුරකථන මාර්ගයෙන් ඒ සඳහා දිනයක් වෙන්කර ගන්නා ලෙස කොළඹ ජාතික රෝහල දැනුම් දෙයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හරහා විෂ ද්‍රව්‍ය සාගරයට එක්වීම හේතුවෙන් මත්ස්‍යයන් ඇතුලු සාගර ජීවීන් මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා ගිනිගත්හේන පිටවල බොඩ්ලන්ඩ් පෞද්ගලික තේ කර්මාන්ත ශාලාව (30) දින සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන ආසියානු කලාපීය වටයේ දෙවැනි අදියරේ තරග සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (31දා) දකුණු කොරියාව බලා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව ඇත. සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයන් 22කින් සමන්විත සංචිතයක් මේ සඳහා නම්කර ඇත.

Read More

ගිනි ගැනිමකට ලක්වු පර්ල් එක්ප්‍රස් නෞකාවේ අපද්‍රව්‍ය මාරවිල වෙරළ තිරයට ගොඩගසා තිබියදි යුධ හමුදාව විසින් නිසි ක්‍රමවේදයන් අනුව ඉවත් කිරිම 30 දින උදෑසන සිට ආරම්භ විනි.

Read More

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට උත්සහ කළ පුද්ගලයින් 40ක් සහිත තවත් ඉන්දීය ධීවර යාත්‍රා 04ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වළක්වා නැවත හරවා යැවීමට නාවික හමුදාව ඊයේ දින කටයුතු කෙරිණි.

Read More

යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියකට කොවිඩ් 19 වෛරසය වැළඳීම හේතුවෙන් ඊයේ (29) රාත්‍රියේ මිය ගොස් ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

ඉතාලියේ රෝම් අගනුවරදි ඊයේ (29ද) දහවල් මහමගදි ලාංකික අඹු සැමියන් අතර වු බහින්බස්වීමක් දුරදිගගොස් ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් බිරිඳ මියගිය බව රෝම පොලීසිය පැවසිය.

Read More

උඩරට වතුකරයට අයත් හැටන්, බගවන්තලාව සහ මස්කෙළිය පොලිස් බල ප්‍රදේශ තුල කොවිඩ් මරණ හයක් පසුගිය දින කීපය තුලදී සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලීයාමේ හෝ ඉන් තෙල් කාන්දු වීමේ අවදානමක් නොමැති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පැවැසීය.

Read More

රජය මඟින් ලබාදෙන රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් වූ ජනතා දුක්ගැනවිලි අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙහෙයවන 1965 යන දුරකථන අංකය අමතා ඉදිරිපත් කළ හැකි බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.

Read More

මොනරාගල බන්ධනාගාරයේ නිලධාරියෙකුට සහ රැඳවියන් පනස්හය දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බැව් මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

ඊයේ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුලින් ඊයේ 29 වනදා පෙරවරුව දක්වා වූ පැය 24 ක කාලය තුල නව කොවිඩ් 19 රෛවස ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කයෙන් තෙවන රැල්ලේදී වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාතිදයින් ගණන 5887 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එළැඹෙන එංගලන්ත තරග සංචාරය ඉලක්ක කරගනිමින් සිදුකළ ශාරීරික යෝග්‍යතාව අසමත් ක්‍රීඩකයින් දෙදෙනාට එම සංචාරයට ඇතුළත්වීම සඳහා තවත් අවස්ථාවක් තිබෙන බව අප කළ විමසුමේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් ඇතුළත් පත්‍රිකාව මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

Read More

ලෝන්ග් මාර්ච් 7 රොකට්ටුවෙන් ඉහළට එසවුණු ටියැන්ෂු-2 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ටියැන්හේ මොඩියුලය වෙත සාර්ථකව ළඟාවී තිබේ.

Read More

ගිනිගැනිමට ලක්වු එම්.එච් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 25 දෙනාගෙන් හෙට ප්‍රකාශ ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

පුත්තලම කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ වැඩසිටි විහාරවාසි හිමිනම හදිසියේ ආවාස ගෙය තුළ අපවත්ව සිටියදි දායකයින් විසින් (30) සොයා ගෙන තිබු බව පුත්තලම පොලිසිය කියයි.

Read More

ගිනිගත් නෞකාවෙන් මුහුදට වැටි පාවෙමින් පැමිණි ප්ලාස්ටික් බෝල ඇතුලු විවිධ අපද්‍රව්‍යයන් ඇතුලු සුන්බුන් රැසක් මේ වන විට මීගමුව කලපුවට ඇතුලුවි කඩොලාන ගස් අතර රැදි ඇති බව ඇති බව එහි ධිවරයන් පවසති.

Read More

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් බද්දේගම සමිත හිමියන් අපවත් වූහ. හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන උන්වහන්සේ අපවත්වන විට 69 වැනි වියේ පසුවූහ.

Read More

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේ දිවයිනට ලැබෙන බව ඖෂධ නියාමන සැපයුම් හා නිෂ්පාදන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

යාපනය ,මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල එන්නත්කරණ අද සිට ආරම්භ වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.