විපක්ෂය කාලකන්නි සතුටක් ලැබුවා
මාස දෙකක් ඇතුළත ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරණය කර අවසන් කරන්න බලාපොරොත්තුවන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ “අපේ ගමේ අපේ පාර” නම් වැඩසටහනේ ආරම්භක වැඩසටහනට අද (21) එක්වෙමිනි.
විතාරන්දෙණිය බැදිගම උඩහවත්ත දේවාලය අසල මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු මෙලෙස ඊයේ දිනයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු අතර ඒ සඳහා වන වියදම රුපියල් ලක්ෂ 20කි. මෙම වැඩසටහනට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රීක්කයේ සියලුම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු එක් එක් කොට්ඨාසවල උප සභාපතිවරු විසින් ආරම්භ කළ අතර එම අවස්ථාව නාමල් රාජපක්ෂ මහතා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නැරඹුවේය.
හැම ග්‍රාම නිලධාරි වසමකම අවම වශයෙන් එක් මාර්ගයක් වන පරිදි හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ග්‍රාමීය මාර්ග 577ක් මෙම වැඩසටහනට සමගාමීව සංවර්ධනය කෙරෙන අතර ඉදිරි කාලයේදී ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී අමාත්‍යවරයා.
“අද දින තිබෙන සංඛ්‍යා ලේඛනවලට අනුව අපේ රට තමයි එන්නත්කරණයෙන් ලෝකයේ පළමු, දෙවැනි තැන ඉන්නේ. එයින්ම පැහැදිලියි අපි කෙතරම් සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාද යන්න ගැන.
මාස දෙකක් ඇතුළත ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරණය කර අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එවිට අපිට පුළුවන් සංචාරක ව්‍යාපාරය සහ පාසල් විවෘත කර දරුවෝ පාසල් යවන්න. සාමාන්‍ය ආර්ථික කටයුතුවලට මෙන්ම සාමාන්‍ය ජනජීවිතයට යන්න අපිට එවිට හැකියාව ලැබේවි.
අපි විශ්වාස කරනවා එන්නත්කරණයත් එක්ක පළාත් අතර තිබෙන සංචරණ සීමා ඉවත් වෙයි කියා. ව්‍යාප්තිය පාලනය කරන්න පළාත් අතර සංචරණය යම්කිසි සීමාවකට යටත්කර තිබෙනවා. මෙවැනි අභියෝගාත්මක කාලයකදී බොහෝ අය හිතුවා දැන් රටේ ආර්ථිකය ඉවරයි. ග්‍රාමීය සංවර්ධනය අවසන්.
ආණ්ඩුවත් ඉවරයි. රටත් ඉවරයි. එහෙම කියලා කාලකන්නි තෘප්තියක් ලබපු විපක්ෂයේ දේශපාලනය කරන පිරිසකුත් ඉන්නවා. හැබැයි මේ සියලුම අභියෝගවලට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආණ්ඩුව එක්ක නොබියව මුහුණ දුන්නා. ඒ විතරක් නෙවෙයි රටේ සංවර්ධනය කටයුතුත් කරන්න අපි කටයුතු කළා”
popular news
-
rocky Wednesday, 21 July 2021 06:37 PM
kaalakanni inne koyi paththeda bawa dan kawuruth wage dannawane! "lipa gini molawana thek diya saliye ...."
Reply : 0 5
Demuni Uduwara Thursday, 22 July 2021 02:59 AM
This dirty word is applicable to your clique.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

