saravita-anim2

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

Latest News - timelapse 7107 hours ago

LATEST

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගි වු තවත් පිරිසක් අත්අඩංගුවට

calendar_today 2021 ජුනි 01 - 16:07 remove_red_eye - 887  

සංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රුපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ පැවැත්වු උපන් දින සාදයට සහභාගි වු තවත් 7 දෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ආසාදන පැතිරීමත් සමග සොයාගත් ප්‍රාථමික සම්බන්ධතා 4,800කින් 75% ක් පමණ දැන් සෘණාත්මක පරීක්ෂණයක් ලබාදී ඇති අතර, ඉතිරි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියි. නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව ධනාත්මක පරීක්ෂාවක් සිදුකළ විදෙස් සංචාරකයෙකු දැනට හඳුනාගෙන ඇති ආසාදිත පොකුරු තුනටම බලපා ඇති බව කියයි.

Read More

අත්‍යාවශ්‍ය සේවා සදහා අවම කාර්ය මණ්ඩලයක් කැදවන ලෙසට රාජ්‍ය සේවා අමාත්‍යාංශයෙන් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More

ස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබා නොදීමට ශ්‍රී ලංකාව විසින් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය , මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

Read More

රුපියල් 5000 දීමනාව ලබාදීමේ දී මධ්‍යම රජයෙන් පවුල්වලට දැනට ගෙවනු ලබන වැඩිහිටි දීමනාව, ගොවි විශ්‍රාම වැටුප්, ධීවර විශ්‍රාම වැටුප් හා සමෘද්ධි සහනාධාර දීමනාව ලැබෙන්නන් සදහා රුපියල් 5000ක් වන සේ ඉතිරි මුදල් ප්‍රමාණය පමණක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

Read More

වෛරසවේදය පිළිබඳ හොඳම විශේෂඥයෙක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පවා සිටින නමුත්, ආණ්ඩුව එම විශේෂඥයින්ගේ උපදෙස් ලබානොගන්නා බවක් පෙනෙන බවත්, ආණ්ඩුවට කොරෝනා වසංගතය පාලනය කර ගන්නට නොහැකි වී ඇත්තේ විශේෂඥ උපදෙස් පසෙකට දමා කොරෝනා වසංගතයෙනුත් දේශපාලනය කරන්නට තැත් කිරීම හේතුවෙන් බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

ඉදිරි මහ කන්නය සඳහා කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත. ඒ අනුව වී වගාව සඳහා හෙක්ටයාර් පන් ලක්ෂයකට අවශ්‍ය කාබනික පොහොර ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් රජයට අයත් පොහොර සමාගම් මගින් ආනයනය කිරීමට නියමිතය.

Read More

සීමාසහිත සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්ගලික) සමාගමේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා තිබේ.

Read More

පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාත තුළ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අද (1) දිනයේ සිට මේ මස 30 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවිමට තිරණය කර තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුලින් ඊයේ 31 පෙරවරුව දක්වා වූ පැය 24 ක කාලය තුල නව කොවිඩ් 19 රෛවස ආසාදිතයින් 171 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කයෙන් තෙවන රැල්ලේදී වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාතිදයින් ගණන 6234ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉදිරි වසරක කාලයක් සඳහා අද සිට ලුණු මිල පහත හෙලීමට වෙළද අමාත්‍යාංශයේ කටයුතු කර තිබේ.

Read More

එන්නත්කරණ වැඩසටහනක දී සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් පසුගිය දා බන්ධනාගාර ගත කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

රජය පවසා තිබූ මරණ සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් කොවිඩ්-19 මරණ සිදුව ඇති අතර, ඔවුන් දැන් ලොව වැඩිම ඒකපුද්ගල මරණ සංඛ්‍යාවටද හිමිකම් කියයි. ’’මෙම යාවත්කාලීන තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම අපගේ යුතුකම යැයි අප විශ්වාස කරනවා’’ සමාලෝචනයේ ප්‍රතිඵල නිවේදනය කරමින් පේරු අගමැති වයලෙටා බර්මියුඩෙස් පැවසීය.

Read More

ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස සංචරණ සීමා අවසන් වන තෙක් දිවයින පුරා සියලු මත්පැන්හල් වලට මුද්‍රා තබනු ලබන බව සුරාබදු ‍දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවීඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 05 දෙනෙකු ඊයේ (31) දින තුල පමණක් වාර්ථා වූ බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

හාලිඇල පොලිසියේ කෝවිඩ් ආසාදනය වූ පොලිස් නිලධාරීන් 12දෙනෙකු ඊයේ (31) බිදුනුවැව සහ දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකක වලට ඇතුළත් කර පොලිස් නිලධාරීන් 18දෙනෙකු නිරෝධනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පවසයි .

Read More

ශ්‍රී ලංකා පොලිස් මුලස්ථානය පැපිලියාන ප්‍රදේශයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් 127,510ක් වාර්තා වී ඇති අතර, එය ගෙවුණු දින 54ක් තුළ වාර්තා වූ අවම අගය බවට පත්ව ඇත්තේ දෛනික ධනාත්මක අනුපාතය 6.62%ක් දක්වා පහත වැටෙමිනි. සමස්තයක් ලෙස ඉන්දියාවේ දීර්ඝ කාලීනව ලොක්ඩවුන් සීමා අඛණ්ඩව පැනවීම සහ එන්නත්කරණය ඒ සමගම වේගවත් කිරීමද ආසාදන අඩුවීමට හේතු වී ඇති බව විශේෂඥයෝ පවසති.

Read More

ලුණු හිඟයක් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ලංකා ලුණු සමාගම ජනතාවට දැනුම් දෙයි.

Read More

භික්ෂූන් වහන්සේ, අන්‍යාගමික පූජකතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයින්ට එන්නත්කරණයේ ප්‍රමුඛතාව ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

Read More

කොවිඩ් ආසාදිත මහා සංඝරත්නය උදෙසා සැලසුම් කළ ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය අද (01) දින මහනුවර දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ධුරය සඳහා ඉල්ලීමක් ලැබී ඇත. කෝවිඩ්-19 තත්වය හේතුවෙන් බංග්ලාදෙශ කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු පුහුණුකරු ඩැනියෙල් විටෝරිට එම කණ්ඩායම සමගින් එක්වීමට නොහැකිවීම නිසා හේරත්ට මෙම තනතුරට ඉල්ලුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන දේශීය සහ විදේශීය ගුවන් මගීන් සදහා ගුවන් තොටුපළ විවෘත කිරීම අද දින අලුයම 12.00 ට සිදු කෙරුණු බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මොනරාගල සිරිගල පිහිටි යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයක් බවට පත්කිරීමට මොනරාගල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව පියවරගෙන ඇත.

Read More

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (31) දිනය තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 84,565ක් ලබා දී තිබේ.

Read More

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වු පුද්ගලයින් 5 දෙනෙකු යාපනය අරසාඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඊයේ (31) දිනය තුළ නිරෝධායන නීති උල්ංඝනය කරිම හේතුවෙන් පුද්ගලයින් 1047ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (31දා) නව නම් හෙළි කළේ මෙතෙක් කලක් වෛරස ප්‍රභේදයන් හැඳින්වූ නම් වඩාත් සංකීර්ණ මෙන්ම, ඒවා ඉස්මතු වූ කලාපයන් වෙත අපකීර්තියක් ඇති කරන බවද පෙන්වා දෙමිනි. ’’ප්‍රභේද හඳුනා ගැනීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් කිසිදු රටක් අපකීර්තියට පත් නොවිය යුතුයි’’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ මාරියා වැන් කෙර්කොව් පැවසීය.

Read More

කොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.