saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6968 hours ago

LATEST

හෙට සිට 17 දා දක්වා දිවයිනටම සංචරණ සීමා

calendar_today 2021 මැයි 12 - 14:19 remove_red_eye - 6032  

හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් ජනිත් පත්කිරිමටත්, උපනායක ලෙස කුසල් මෙන්ඩිස් පත්කිරීමටත් අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගත් තීරණයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

Read More

කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ දරුවන් සෑහෙන සංඛ්‍යාවක් ද එම රෝගී තත්ත්වයට මුහුණ දී ඇතැයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය හා ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මේ අනුව ලීටර් 4 කුඩා සිලින්ඩර් 2000ක්, ලීටර් 12 විශාල සිලින්ඩර් 10000ක් හා ලීටර් 47 සිලින්ඩර 9000ක් මෙසේ අවශ්‍ය බවට පුරෝකතනය කර තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

මැයි 31 දා දක්වා දිනපතා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා දිවයිනපුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශය කරයි.

Read More

‍රන් බිස්කට් 18 ක් සිය ගුද මාර්ගයේ සගවා ගෙන රට තුළට ඇතුළු වීමට තැත් කළ ගුවන් මගියෙකු අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර මෙරටට ආනයනය කර පොහොර ආනයනය කරන සමාගම් වල ගබඩා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

බැසිල් රාජපක්ෂ මහතා අද (12දා) අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

කොරෝනා ආසාදිතයින් 644 දෙනෙකු වන වැඩිම සංඛ්‍යාවක් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලයක් තුල හමුව ඇති බවත් මෙය ඉතා අහිතකර තත්ත්වයක් බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි.

Read More

විදේශගතව සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක කාලයක් නිරෝධායනයේ යෙදීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

Read More

කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පැනවීය. මේ මධ්‍යම පළාත තුළ ස්ථාන කිහිපයක ඒය ක්‍රියාත්මක වූ අයුරුයි.

Read More

කෝවිඩ් 19 ආසාදිත විමෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස්සර පොලීසියට අනියුක්තව සේවය කල උප පොලිස් පරික්ෂකවරයකු අද (12) අලුයම මියගිය බව බදුල්ල පොලීසිය පවසයි.

Read More

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ගුවන් තොටුපළ , සිංගප්පූරුව , ඉතාලිය , පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම 05/12 අලුයම 00.00 පැයේ සිට අත්හිටුවා තිබේ.

Read More

කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස්වූහ.

Read More

දකුණු ආසියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රාජ්‍ය ලෙස ඉන්දියාව අත්විඳ ඇති කොවිඩ්-19 වසංගතයේ දරුණු බලපෑම කෙරෙහි අගමැති මෝදි මෙන්ම, පාලක පක්ෂය දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති පසුබිමක, ඉහළ පෙළේ රාජ්‍ය නායක සමුළුවක් වෙත පැමිණීම මෝදිට රෙදි ඇඳගෙන කළ නොහැක්කක් බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.

Read More

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පළාත් බලධාරීන් වෙත ඊයේ (11) දා දන්වනු ලැබීය

Read More

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට අද (11) තහවුරුවි ඇති බව බූස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් රෝගින් වාර්තාවීම අනුව අද (12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

Read More

සිනෝෆාම් එන්නත් ශ්‍රී ලංකාවේදී නිපදවීම සඳහා මෙන්ම එන්නත් ලංකාවට ඉක්මනින් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

’’මගේ මූලික ප්‍රවේශය වන්නේ විද්‍යාව සමග බැඳී සිටීමයි. ඉහළ මට්ටමේ දේශපාලඥයන්ට උපදෙස් ලබාදීම සඳහා මා අසා ඇති හොඳම උපදේශය නම්, ඔවුන් මට නැවත ඒ සඳහා ආරාධනා නොකිරීමට අදහස් කළත්, සැමවිටම සත්‍යයම පැවසීමයි.’’ ඇමෙරිකානු කොවිඩ්-19 සටනේ නියමුවා වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.

Read More

මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, සංවිධානාත්මක අපරාධ ගණනාවකට සම්බන්ධ නවගමුවේ පදිංචි මෙලන් මාඹුල නොහොත් උරු ජුවා නැමැත්තා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 1305ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2530ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 850ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ආසාදිතයන් හා මරණ ගොඩ ගැසෙමින් තිබියදී බටහිර ගුජරාට් ප්‍රාන්තයේ, චෝගත් ගම්මානයක වැසියන් වෙනුවෙන් පිහිටට පැමිණි ජීතු නම් ඖෂධවේදියෙකු සිය අත්දැකීම් විස්තර කරමින්, ’’මෙහි කිසිවෙකු නැහැ. සෞඛ්‍ය මධ්‍යස්ථානයක් නෑ.වෛද්‍යවරයෙක් නෑ. හෙදියක් නෑ. කොටින්ම මේ ගමේ සෞඛ්‍ය පහසුකම් නෑ. ඒ නිසා මම සුදුසු යැයි පෙනෙන ආකාරයට මේ මිනිසුන්ට යම් පිහිටක් වෙන්න උත්සාහ කරනවා.’’ යැයි කීවේය.

Read More

මත්පැන් අලෙවි හල් හා තැබෑරුම් සෑම දිනකම සවස 6.00 ට වසා දැමිය යුතු බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කටුනායක ප්‍රදේශයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 179 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ,වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය

Read More

දකුණු පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

අද (11) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 1,225ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.