saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 7445 hours ago

LATEST

උපන්දිනය දා පර්සිට තානාපති තනතුරක්

calendar_today 2021 ජුලි 30 - 13:45 remove_red_eye - 1969  

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සන්නාමයක් බදු වූ පර්සි අබේසේකර මහතාගේ අදට යෙදී ඇති 85 වන ජන්ම දිනයත් සමග ’’ලංකා සළුසල’’ ආයතනයේ සන්නාම තානාපති ලෙස පත් කිරීම අද දින සිදු කර බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි

විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගැටලු විසදීම සදහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

Read More

’’නව ජවයකින් හා නැවුම් බලාපොරොත්තුවකින් යුතු ව එකා වන් ව ක්‍රීඩා කරමින්, ශ්‍රී ලාංකේය ක්‍රිකට් සන්නාමය රැකගැනීමෙහිලා අතිවිශිෂ්ට කැපවීමකින් ක්‍රීඩා කරමින් ඊයේ දිනයේදී ඉන්දියානු කණ්ඩායම සමඟ තරඟ වැදී තරඟාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත හිමි කරදුන් අපගේ ක්‍රිකට් කණ්ඩායම වෙත මාගේ සුභාශිංසනය පිරිනමමි.’’

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

Read More

ගත වූ දින දෙකට සාපේක්ෂව , ඊයේ දින කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 111 දෙනෙකු ලෙස වාර්තා වෙමින් , ක්‍රමිකව වර්ධනයක් පෙන්නුම් කරන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර තිබූ නඩු 8 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව තිබේ. ඒ රන් පදක්කම් 16ක් සමගිනි.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා‍ගේ කොළඹ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමට ලක්ව පසුව කොළඹ ජාතික රෝහලේදී මියගිය ඉෂාලිනී ජුඩ් දැරියගේ සිරුර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගෙන තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 113 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

තෙල්දෙණිය විශේෂ අපරාධ ඒකකය විසින් මොටර් රථයක් මිලදි ගැනීම සඳහා මුල්‍ය ආයතනයක් වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර් 800 කාන්තා මූලික වටයේ තරගයට එක්වූ නිමාලි ලියනාරච්චි එම ඉසවස්ස විනාඩි 2 තත්ත්පර 10.23කින් නිම කිරීමට සමත්වූවාය. කෙසේ වෙතත් ඇය වාර්තා කළ එම කාලය තරගයේ ඉදිරියට යෑමට තරම් ප්‍රමාණවත් නොවීය.

Read More

දිනක් තුළ ලබා දුන් COVID 19 එන්නත් මාත්‍රා ප්‍රමාණය පළමු වරට ලක්ෂ 5 සීමාව පසු කර තිබේ.

Read More

බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේදි කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සිදුකළ වැටලිමකදි හෙරෝයින් කිලෝග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

Read More

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ තෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

අනවශ්‍ය මහජන ඒකරාශී වීම් හා උද්ඝෝෂණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නිර්දේශ පොලීසිය වෙත ලබාදීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

Read More

මියන්මාරයේ අවුන්සාන් සු කීගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව පසුගිය පෙබරවාරි 01දා බලයෙන් පහ කළ දින සිට හමුදාව සහ අලුතින් පිහිටුවන ලද කැරලි හමුදාවන් අතර විරෝධතා හා සටන් සමග මියන්මාරය අවුල් ජාලාවක් වී තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්ව​න විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 81ක් රැස් කිරීමට සමත් විය.

Read More

දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමඟාමීව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සඳහා වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) පස්වරුවේ නියෝග කළේය.

Read More

මරණ 66ක් වාර්තා වෙද්දී, ආසාදිතයන් සංඛ්‍යාවද 2000 ඉක්මවයි

Read More

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය හිස ඔසවමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන 20-20තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

Read More

ලෝකේ ඇති හොඳම මිශ්‍ර හා ගැලපුම් සංයෝජනය (mix and match combination) ලෙස ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත් ගැන වෛද්‍ය මතයක් පවතින බව සඳහන් කරන ඒ මහතා සියලු සෞඛ්‍ය පිළිවෙත් රැකි තමාට මේ ආකාරයෙන් කොවිඩ් වැළඳුණේ කෙසේ දැයි හිතාගත නොහැකි බවද පැවසීය.

Read More

කොවිඩ් ආසාදිතයින් දිගින් දිගටම වැඩි වුවහොත් පසුගිය මැයි මාසයේ ඇතිවු බරපතළ තත්ත්වයට රට යළි ගමන් කළ හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Read More

53 වන සේනාංකය යටතේ නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ පාඨමාලා අංක 23 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කළ නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 196 දෙනෙකු විසිරයාමෙන් අනතුරුව අතිරේක ප්‍රහාරක බලකායට අනුයුක්ත කෙරිණි. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම විසිරයාමේ පෙළපාලිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

කොළඹ සිට පූනානි දක්වා කොරෝනා ආසාදිතයින් ප්‍රවාහනය කරමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් මනම්පිටිය කොලකන වාඩිය ප්‍රදේශයේ දී අනතුරට ලක් වුණා.

Read More

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පත්කර ඇත.

Read More

නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. දික්වල්ලගේ පළමු වැරැද්ද හේතුවෙන් ඔහුට තහනම යම්තාක් දුරකට අඩු කර තිබේ. කුසල්, දික්වැල්ල සහ ධනුෂ්කට එරෙ

Read More

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අගෝස්තු 10 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

Read More

ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල 11% කින් අඩු කිරීමට සමාගම් එකඟ වී තිබේ. ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.