නීතිවිරෝධිව ගෙනා ඔක්සිමිටර් තොගයක් රේගු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් 23,44,642 ක් වටිනා , පෙට්ටි 21 ක අසුරා තිබූ , ඔක්සි මීටර් 4,200ක් කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තයෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී , එහි පිටවීමේ දොරටුවෙහි සේවය කළ රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් දින අත්අඩංගුවට ගෙන , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇති බව , රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ(නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශය වෙත පැමිණි නිශ්කාශන නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් ව්‍යාජ ලියකියවිලි කීපයක් ඉදිරිපත් කර මෙම ඔක්සි මීටර් තොගය ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ අංශයේ නිලධාරීන්ගෙන් නිදහස් කර ගෙන පිටව යමින් සිටියදී , එහි පිටවීමේ දොරටුවෙහි සේවය කළ රේගු නිනිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
එහිදී සිදු කළ විමර්ශන වලදී මෙම ඔක්සි මීටර් තොගය මෙරටට ආනයනය කිරීමට ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොමැති වී තිබූ අතර , මෙම ඔක්සි මීටර් පිළිබඳව රේගු සටහන්කරයක් ද මොහු සතුව නොතිබුණි .
එසේම මෙම ඔක්සි මීටර් තොගය සදහා රේගුව වෙත ආනයන බදු ද ගෙවා නොතිබුණි .
මෙම කරුණු සියල්ල සැළකිල්ලට ගත් කටුනායක රේගු නිවාරණ අංශයේ නිලධාරීන් මෙම නිශ්කාශන නියෝජිතවරයා , ඔහු නිදහස් කර ගෙන තිබූ ඔක්සි මීටර් තොගය , ඊයේ දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි .
එහිදී මෙම නිශ්කාශන නියෝජිතවරයා 09/21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ රේගු නිවාරණ අංශයේ නිලධාරීන් රේගු විමර්ශනයක් ද ආරම්භ කර තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

