saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6879 hours ago

LATEST

කොවිඩ් ආසාදිත භික්ෂූන් වහන්සේලාට විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

calendar_today 2021 ජුනි 01 - 09:46 remove_red_eye - 201  

කොවිඩ් ආසාදිත මහා සංඝරත්නය උදෙසා සැලසුම් කළ ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය අද (01) දින මහනුවර දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ධුරය සඳහා ඉල්ලීමක් ලැබී ඇත. කෝවිඩ්-19 තත්වය හේතුවෙන් බංග්ලාදෙශ කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු පුහුණුකරු ඩැනියෙල් විටෝරිට එම කණ්ඩායම සමගින් එක්වීමට නොහැකිවීම නිසා හේරත්ට මෙම තනතුරට ඉල්ලුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන දේශීය සහ විදේශීය ගුවන් මගීන් සදහා ගුවන් තොටුපළ විවෘත කිරීම අද දින අලුයම 12.00 ට සිදු කෙරුණු බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මොනරාගල සිරිගල පිහිටි යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයක් බවට පත්කිරීමට මොනරාගල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව පියවරගෙන ඇත.

Read More

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (31) දිනය තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 84,565ක් ලබා දී තිබේ.

Read More

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වු පුද්ගලයින් 5 දෙනෙකු යාපනය අරසාඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඊයේ (31) දිනය තුළ නිරෝධායන නීති උල්ංඝනය කරිම හේතුවෙන් පුද්ගලයින් 1047ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (31දා) නව නම් හෙළි කළේ මෙතෙක් කලක් වෛරස ප්‍රභේදයන් හැඳින්වූ නම් වඩාත් සංකීර්ණ මෙන්ම, ඒවා ඉස්මතු වූ කලාපයන් වෙත අපකීර්තියක් ඇති කරන බවද පෙන්වා දෙමිනි. ’’ප්‍රභේද හඳුනා ගැනීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් කිසිදු රටක් අපකීර්තියට පත් නොවිය යුතුයි’’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ මාරියා වැන් කෙර්කොව් පැවසීය.

Read More

කොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නගර සියයක් එකවර අලංකරණය කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ යෝජනා සදහා තවදුරටත් නිරීක්ෂණ ලබා දිය යුතු බව කැබිනට් මණ්ඩලය විසින් පවසා ඇති බව වාර්තා වේ.

Read More

මෙරට මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා වන සාකච්ඡාවක් හෙට (01දා) සවස 5ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Read More

චීනයේ නිෂ්පාදිත තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ජුනි 05 වැනි දා දිවයිනට රැගෙන එන බව ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Read More

පෙර පාසල් ගුවරුවන් සදහා දැනට ලබාදෙන රුපියල් 250 මාසික දීමනාව රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 1,351 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,882ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 186,334ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (31) පෙරවරුවේ පැවැති අවස්ථාවේ සභාපතිවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

Read More

කොවිඩ්-19 වසංගතය ලෝකය තුළ තවදුරටත් මන්දගාමී හා නොසැලකිලිමත් ලෙස හැසිරවීමක් ලොවපුරා බොහෝ රටවල දැකිය හැකි නිසා, අනාගතයේදී පැතිර යා හැකි වසංගතයකදී ජීවිත හා ජීවනෝපායන් විනාශවීම වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රටවල් මීට වඩා ශක්තිමත් විය යුතු බවට කතාබහක් ඇති වී තිබේ.

Read More

ඊයේ සහ අද දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තොගවෙළෙදුන්ට සහ ජංගම වෙළෙදුන්ට භාණ්ඩ මිලදි ගැනිමට අවස්ථාව සලසා දි තිබු අතර එය අදින් අවසන් වෙයි.

Read More

ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා ඇති නෞකාවකට ආරක්ෂාව සැපයීම සඳහා ගෙන ගිය ගිනිඅවි 36ක් හා පතොරම් තොගයක් මුහුදට වැටී ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් වෙරළට ගසාගෙන පැමිණි අපද්‍රව්‍ය ඉවත් කිරීම ආරක්ෂක අංශවල දායකත්වය යටතේ තවදුරටත් සිදුකෙරමින් පවතී. මේ පමුණුව වෙරළ තීරයට ගොඩා ගසා තිබූ අපද්‍රව්‍ය ඉවත් කරන අයුරුයි

Read More

පොලිස් නිලධාරින්ගේ නිවාඩු ජුනි 15 වනදා දක්වා අවලංගු කිරිමට තිරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Read More

කටුනායක ප්‍රදේශය තුළින් 05/31 දින කොරෝනා ආසාදිතයන් 93 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

අද (31) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,531ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඊට ප්‍රතිචාර දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමා සුදුසුම අවස්ථාවේදී සුදුසුම තීරණය ගන්නා බවයි.

Read More

මෙරට නව නීතිපති ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද (31) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයන් 1,915 ක් පූර්ණ සුවය ලබා ඇත. ​ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 151,740 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහය පළ වේ. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නඟාසිටුවීමට ඇති හැකියාව කෙරෙහි ද අවධානය යොමු වෙයි.

Read More

ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා ඕරල් කෝපරේෂන් - සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් - කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක

Read More

කොළඹ නගරයේ ස්ථාන 13 ක අද දිනයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා පවසයි.

Read More

’’ගිනිකොනදිග ආසියාව පුරා රටවල්වල කොවිඩ්-19 ආසාදන අනුපාතය ඉතා භයානකයි’’ යනුවෙන් ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සංගම්වල ජාත්‍යන්තර සම්මේලනයේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් පැවසීය. ’’වඩාත් භයානක හා මාරාන්තික ප්‍රභේදයන් මගින් සිදුවන මේ ආසාදන පාලනය කිරීම සඳහා විශාල ගෝලීය බෙදාහදා ගැනීමක් සහ එන්නත් නිෂ්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඉස්මතු කර තිබෙනවා.’’

Read More

ශ්‍රී ලංකා පොලිසියේ නව මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීම සදහා මින්පෙර යෝජනා වී තිබූ මිරිහාන ප්‍රදේශය වෙනුවට අත්තිඩිය ප්‍රදේශයේ එය ඉදිකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.