saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7421 hours ago

LATEST

භූකම්පනයෙන් ටෝකියෝ කැළබුනත් ඔලිම්පික් උළෙලට බාධාවක් නැහැ

calendar_today 2021 අගෝ 05 - 10:12 remove_red_eye - 585  

කෝවිඩ්-19 ව්‍යසනයේ අර්බුධය මධ්‍යයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට තවත් ආපදා අවධානමක ඉඟියක් පළකරමින් ජපාන වේලාවෙන් ඊයේ (04දා) පෙ.ව. 5.30ට පමණ රික්ටර් මාපකයේ 6.0ක භූම්පනයක් වාර්තා විය. මෙය ඉරබාකි ප්‍රාන්ත වෙරළේ සිට කි.මී. 40කට එහෙයින් වූ ගැඹුරු මුහුදේ සිදුව ඇත. ජපාන මාධ්‍ය වාර්තාකර සිටියේ මෙය තත්. 20 -විනාඩි 03ක් අතර කාලයක

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරගකරුවා ලෙස අශ්වාරෝහක තරග ඉසව්වේ අසුපැන්නීමේ ඉසව්වට සහභාගි වූ මැතිල්ඩාට, ඇගේ චොපින් අශ්වයා බාධක තරණ අවස්ථා දෙකක් ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට (03දා) සිදු වූවාය.

Read More

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පවත්වාගෙන යන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් අද දිනය තුළදී අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමට අවස්ථාව පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවැසීය.

Read More

සෞඛ්‍ය කාර්ය මණ්ඩල 44 ක වෘත්තිය සමිති සියලු රොහල්වල අද පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා ​සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

Read More

ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර , කුරුණෑගල, මහනුවර, මාතර , රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් යුතුව කටයුතු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකවේ කෙවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 13 262 725 කොවිඩ් එන්නත් ලබාදී තිබේ.

Read More

කොවිඩ් මාර්ගෝපදේශ අනුව ප්‍රමාණය ඉක්මවා බස් රථ තුළ මගීන් රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44දෙනාගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සෘණාත්මක වී තිබේ.

Read More

නියැදි 94ක් සිදුකරන ලද මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට කොවිඩ් රෝගීන් වැඩි පිරිසකට හේතුකාරක වී ඇත්තේ ඩෙල්ටා වෛරස ප්‍ර භේදය බවට එයින් අණාවරණය වී තිබෙනවා.

Read More

ඊයේ (03) දින තවත් කොරෝනා මරණ 82 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලිය ලාස් වේගාස්හි පැවැත්වීමට තරග සංවිධායකයන් තීරණය කර තිබේ.

Read More

මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ පස් කපන ස්ථානයක ලොරි රථයට පස් පටවමින් සිටියදි ලොරි රථය මතට පස් කන්දක් කඩා වැටිමෙන් සිදු වු අනතුරින් ලොරි රථයේ රියදුරු මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.

Read More

’’ඩෙල්ටා ප්‍රභේදයෙන් සිය ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම රජයන් දක්වන සැලකිල්ල මට තේරෙනවා. නමුත් ලොවපුරා එන්නත් වැඩි ප්‍රමාණයක් දැනටමත් ලබාදී ඇති රටවල් ගෝලීය සැපයුමෙන් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කිරීම අපට පිළිගත නොහැකියි’’ WHO ප්‍රධානී ටෙඩ්‍රොස් පැවසීය.

Read More

(UPDATE)අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව අයුතු අවහිරය, නීතිවිරෝධී ජන රාශියක සාමාජිකයන් වීම, ජාතික මංමාවත් පනත උල්ලංඝණය කිරීම හා නිරෝධායන නීති අනුව කටයුතු කිරීමට නියමිතව තිබේ.

Read More

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රත්නපුර රෝහල තුළද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ

Read More

’’වසංගතය නව අවධියකට පිවිස තිබෙනවා. අපට ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති නම්, අපට මිනිසුන් රෝහල් වෙත ගෙන ඒමට හැකියාවක් නැහැ. අපි මේ සම්බන්ධයෙන් කල් ඇතිව ක්‍රියා කළ යුතුයි’’ ජපානයේ සෞඛ්‍ය ඇමති තමුරා පාර්ලිමේන්තුවට පැවසීය.

Read More

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අද (04) විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයින් අතරින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වටරැක එළමහන් සිර කදවුරේ නව අංශයේ රදවා සිටින කොවිඩ් රෝගින්ට ලබාදිම සදහා රැගෙන විත් තිබු දුම්කොළ 25ක් සහ ලයිටර් 11ක් සමග එහි සේවය කරන බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රට ඉතා ඉක්මණින් ආසියාවේ කොරෝනා වෛරස කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති හෙයින්, පසුගිය මාසය තුළ ඉන්දුනීසියාව ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වේගවත් ආසාදන හා මරණ රැල්ලකට එරෙහිව සටන් කරමින් සිටියි.

Read More

කොවිඩ් ආසාදිතයින් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත්, එම හේතුව නිසා රෝගීන් විවිධ ස්ථානවලට වී ප්‍රතිකාර ලබාගන්නා බවත් පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන ලදි.

Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93.4%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිත රෝගීන් බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

Read More

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිතුමා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද රජය දන්වා සිටී.

Read More

රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් හෙට උදෑසන හයේ සිට දහවල් 12 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් විමට තිරණය කර ඇති බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සඳහන් කළේය.

Read More

දැනට අයකරන ගාස්තු ඉතා අධිකවන බැවින් PCR සඳහා රු.6,000/- කටත්, ඇන්ටිජන් පරික්ෂාව සඳහා රු.1,750/- කටත් අඩුකර ගැනීමට එම ආයතනවලට කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවෙන් පසුව උපදෙස් දෙන ලදී.

Read More

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී ඉෂාලිනී දැරිය පිළිස්සි මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ නිවසේ සී සී ටී වී කැමරාවල දර්ශන අද නැවත වරක් පරීක්ෂා කිරීමට පරීක්ෂණ කණ්ඩායම් කටයුතු කළා.

Read More

අන්තර් විශ්ව විශ්ව විද්‍යාල බලමණ්ඩල සාමාජිකයන් විසින් පෙරේදා 3 පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදුකළ විරෝධතාවයේ ඇතිවූ සිද්ධියකදී අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදු වීමෙන් ශල්‍යකර්මයකට ලක් ව තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ 4 එම රෝහල වෙත ගිය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර කටයුතු කළේය

Read More

සයිනොෆාම් එන්නත් දෙවන මාත්‍රාව කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට මේ දක්වා නොලැබීමෙන් පළමු මාත්‍රාව ලබා ගත් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇතැයි සෞඛ්‍යය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

තවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 238,640කට ලබන වසරේ ජනවාරි මාසයේ සිට රු. 2,000 සේ මාසික දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

Read More

වැල්ලවාය පොලිස් ස්ථානයේ සේවයකරන නිලධාරීන් විසිඑක් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.