තවත් අධිවේගී මාර්ගයක ඉදිකිරීම් චීන සමාගමකට
නව කැළණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් චීනයේ චයිනා වරාය හා ඉංජිනේරු කොපරේෂණය වෙත පිරිනමා තිබේ.
මෙම අධිවේගී මාර්ගය සැලසුම්කොට, ඉදි කර, අරමුදල් සපයා, මෙහෙයුම් සිදුකර පවරාදීමේ පදනම මත චීන සමාගම වෙත මැයි මාසයේ පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබේ.
වසර තුනක් ඇතුළත අදාළ අධිවේගී මාර්ගය ඉදි කිරීමට නියමිතය.
මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමිතිය හා නියමිත කාලසීමාව තුළ ඉදි කිරීම සහතික කර ගැනීම පිණිස ඉදිකිරීම් කටයුතු හා නඩත්ත් වැඩ අධීක්ෂණය සඳහා ස්වාධීන ඉංජිනේරුවරයෙක් වශයෙන් උපදේශක ආයතනයක් පත්කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
එම උපදේශක ආයතනයේ සේවා යෝජක වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කළ යුතු වේ. ඒ අනුව ඒ සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කර යෝජග්ය ආයතනයක් තෝරා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

