එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය හේතුවෙන් ධීවරයන්ට එම මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ ධීවර කටයුතු නොකරන ලෙස රජය දැනුම් දී ඇති බැවින්, මීගමු ධීවරයන් කබලෙන් ලිපට වැටී ඇති බව ‘මීගමුව පුරවැසි එකමුතුව’ සඳහන් කරයි.
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කර ඇති රුපියල් මිලියන පහකුත් පන්ලක්ෂ විසි දහසක් වටිනා ආනයනය තහනම් කර ඇති වියලි කහ කිලෝග්‍රෑම් 15,251 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව අද (01ද) කටයුතු කර තිබේ.
Read Moreඅද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,989ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreව්‍යාජ වීසා බලපත්‍ර සහ නාවික හැදුනුම්පත් භාවිතා කරමින් සියරාලියොන් හි සංචාරයක නිරත වීමට යන මුවාවෙන් , යුරෝපයේ රැමේනියාව වෙත පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයන් සිව් දෙනෙකු ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreඇෆ්ගනිස්තාන ක්‍රිකට් නායකත්වයෙන් අස්ගර් ඇෆ්ගන් ඉවත්කිරීමට තීරණය කළ බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
Read Moreකොවිඩ් මර්දන එන්නත ලබාදිය යුත්තේ එක් මාත්‍රාවක්ද දෙකක්ද යන්න තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අංශ මිස ආණ්ඩුව නොවන බවත්, එක් මාත්‍රාවක් පමණක් ලබාදීමෙන් අවශ්‍ය ප්‍රතිශක්තීකරණය ගොඩනැගෙන බවට සෞඛ්‍ය අංශ තීරණය කරනු ලබන බවත්, එක් මාත්‍රාවක් ලබා ගැනීමට අකමැති නම් එය ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාව ජනතාවට තිබෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
Read Moreඑම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’’ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 7දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
Read Moreසංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රුපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ පැවැත්වු උපන් දින සාදයට සහභාගි වු තවත් 7 දෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙම ආසාදන පැතිරීමත් සමග සොයාගත් ප්‍රාථමික සම්බන්ධතා 4,800කින් 75% ක් පමණ දැන් සෘණාත්මක පරීක්ෂණයක් ලබාදී ඇති අතර, ඉතිරි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියි. නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව ධනාත්මක පරීක්ෂාවක් සිදුකළ විදෙස් සංචාරකයෙකු දැනට හඳුනාගෙන ඇති ආසාදිත පොකුරු තුනටම බලපා ඇති බව කියයි.
Read Moreඅත්‍යාවශ්‍ය සේවා සදහා අවම කාර්ය මණ්ඩලයක් කැදවන ලෙසට රාජ්‍ය සේවා අමාත්‍යාංශයෙන් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
Read Moreස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබා නොදීමට ශ්‍රී ලංකාව විසින් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය , මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
Read Moreරුපියල් 5000 දීමනාව ලබාදීමේ දී මධ්‍යම රජයෙන් පවුල්වලට දැනට ගෙවනු ලබන වැඩිහිටි දීමනාව, ගොවි විශ්‍රාම වැටුප්, ධීවර විශ්‍රාම වැටුප් හා සමෘද්ධි සහනාධාර දීමනාව ලැබෙන්නන් සදහා රුපියල් 5000ක් වන සේ ඉතිරි මුදල් ප්‍රමාණය පමණක් ගෙවීමට රජය තීරණය කර තිබේ.
Read Moreවෛරසවේදය පිළිබඳ හොඳම විශේෂඥයෙක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පවා සිටින නමුත්, ආණ්ඩුව එම විශේෂඥයින්ගේ උපදෙස් ලබානොගන්නා බවක් පෙනෙන බවත්, ආණ්ඩුවට කොරෝනා වසංගතය පාලනය කර ගන්නට නොහැකි වී ඇත්තේ විශේෂඥ උපදෙස් පසෙකට දමා කොරෝනා වසංගතයෙනුත් දේශපාලනය කරන්නට තැත් කිරීම හේතුවෙන් බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreඉදිරි මහ කන්නය සඳහා කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව වී වගාව සඳහා හෙක්ටයාර් පන් ලක්ෂයකට අවශ්‍ය කාබනික පොහොර ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් රජයට අයත් පොහොර සමාගම් මගින් ආනයනය කිරීමට නියමිතය.
Read Moreසීමාසහිත සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්ගලික) සමාගමේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා තිබේ.
Read Moreපවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාත තුළ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අද (1) දිනයේ සිට මේ මස 30 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවිමට තිරණය කර තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කය තුලින් ඊයේ 31 පෙරවරුව දක්වා වූ පැය 24 ක කාලය තුල නව කොවිඩ් 19 රෛවස ආසාදිතයින් 171 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කයෙන් තෙවන රැල්ලේදී වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාතිදයින් ගණන 6234ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉදිරි වසරක කාලයක් සඳහා අද සිට ලුණු මිල පහත හෙලීමට වෙළද අමාත්‍යාංශයේ කටයුතු කර තිබේ.
Read Moreඑන්නත්කරණ වැඩසටහනක දී සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් පසුගිය දා බන්ධනාගාර ගත කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreරජය පවසා තිබූ මරණ සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් කොවිඩ්-19 මරණ සිදුව ඇති අතර, ඔවුන් දැන් ලොව වැඩිම ඒකපුද්ගල මරණ සංඛ්‍යාවටද හිමිකම් කියයි. ’’මෙම යාවත්කාලීන තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම අපගේ යුතුකම යැයි අප විශ්වාස කරනවා’’ සමාලෝචනයේ ප්‍රතිඵල නිවේදනය කරමින් පේරු අගමැති වයලෙටා බර්මියුඩෙස් පැවසීය.
Read Moreආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස සංචරණ සීමා අවසන් වන තෙක් දිවයින පුරා සියලු මත්පැන්හල් වලට මුද්‍රා තබනු ලබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreයාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවීඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 05 දෙනෙකු ඊයේ (31) දින තුල පමණක් වාර්ථා වූ බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreහාලිඇල පොලිසියේ කෝවිඩ් ආසාදනය වූ පොලිස් නිලධාරීන් 12දෙනෙකු ඊයේ (31) බිදුනුවැව සහ දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකක වලට ඇතුළත් කර පොලිස් නිලධාරීන් 18දෙනෙකු නිරෝධනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පවසයි .
Read Moreශ්‍රී ලංකා පොලිස් මුලස්ථානය පැපිලියාන ප්‍රදේශයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් 127,510ක් වාර්තා වී ඇති අතර, එය ගෙවුණු දින 54ක් තුළ වාර්තා වූ අවම අගය බවට පත්ව ඇත්තේ දෛනික ධනාත්මක අනුපාතය 6.62%ක් දක්වා පහත වැටෙමිනි. සමස්තයක් ලෙස ඉන්දියාවේ දීර්ඝ කාලීනව ලොක්ඩවුන් සීමා අඛණ්ඩව පැනවීම සහ එන්නත්කරණය ඒ සමගම වේගවත් කිරීමද ආසාදන අඩුවීමට හේතු වී ඇති බව විශේෂඥයෝ පවසති.
Read Moreලුණු හිඟයක් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ලංකා ලුණු සමාගම ජනතාවට දැනුම් දෙයි.
Read Moreභික්ෂූන් වහන්සේ, අන්‍යාගමික පූජකතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයින්ට එන්නත්කරණයේ ප්‍රමුඛතාව ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
Read Moreකොවිඩ් ආසාදිත මහා සංඝරත්නය උදෙසා සැලසුම් කළ ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය අද (01) දින මහනුවර දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ධුරය සඳහා ඉල්ලීමක් ලැබී ඇත. කෝවිඩ්-19 තත්වය හේතුවෙන් බංග්ලාදෙශ කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු පුහුණුකරු ඩැනියෙල් විටෝරිට එම කණ්ඩායම සමගින් එක්වීමට නොහැකිවීම නිසා හේරත්ට මෙම තනතුරට ඉල්ලුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More