saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6746 hours ago

LATEST

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

calendar_today 2021 ජුනි 30 - 14:34 remove_red_eye - 305  

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවල මහජන සේවාවන් සැපයීමට අදාළ කටයුතු අද (30) සිට යළි ආරම්භ කර තිබේ.

එංගලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ති​බේ. ඔහු මීට පෙර එහි 10 වැනි ස්ථානයේ රැදී සිටියා.

Read More

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ මාස දෙකක පමණ කාලයක් තුළ කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 1742 කු වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය

Read More

ජුලි 13 දා දක්වා මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පනවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර තිබේ.

Read More

සියලුම රෝහල්හි හෙද, හෙදියන් හෙට (01,02) සහ අනිද්දා අසනීප නිවාඩු වාර්ථා කොට වැඩ වර්ජනයක නිරතවීමට නියමිතය.

Read More

’’මේ ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ වසරේ මාර්තු දක්වා බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා ’’

Read More

වාද්දූව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වහන්සේලා 26 නමකට සහ ගිහියන් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ති​​බේ.

Read More

පාර්ලිමේන්තුවට පැමිණි සැනින් තෙල් මිල අඩු කිරීමට බැසිල් රාජපක්ෂ යනු ශක්‍රයා නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කරනු ලැබුවා.

Read More

ඊයේ (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,717ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

අද පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සඳහන් කර සිටියි. ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකින් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන තිබේ.

Read More

තම ගෙවත්තේ කපා තිබු කුඩා වලකට වැටි අවු 2 ½ වයසැති පිරිමි දරුවෙකු (29) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

Read More

කොවිඩ් වසංගතය අවසන් වූ වහාම සංචාරක කර්මාන්තයේ ස්වර්ණමය යුගයක් උදා කිරීම උදෙසා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන යටතේ ඉදිකළ යාල වන උද්‍යානයේ නව ගල්ගේ පිවිසුම විවෘත කෙරේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් 19 ආසාදිතයන් 66 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 7343 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා රෝග ආසාදිතයින් පැය 24 ක කාලය තුල 514 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇති බවත් එම කාලය තුල කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 100 දෙනෙකු වන වැඩි පිරිසක් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 70 ක් ජාතික පාසල් ගණයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ අනුව ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් ගම්පහ ආසනයෙහි පාසල් - 6 ක්, අත්තනගල්ල ආසනයට අයත් පාසල් - 7 ක්, දොම්පෙ ආසනයට අයත් පාසල් - 5 ක් සහ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් මීරිගම ආසනයෙහි පාසල් - 5 ක් , දිවුලපිටිය ආසනයට අයත් පාසල් - 9 ක්, මිනුවන්ගොඩ ආසනයට අයත් පාසල් - 5 ක් ජාතික පාසල් ගණයට එක් කොට ඇත.

Read More

දුම්රිය වර්ජනය හේතුවෙන් මගින්ට සිදුවන අපහසුතා මග හැරවිම සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් යෙදවිමට පියවර ගෙන තිබේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික්වලින් 40%ක් පමණක් ගොඩබිමට ගසාවිත් ඇති බවත්, එසේම ඉතිරි 60෴ට සිදු වූ දෙයක් මේ වනතෙක් වාර්තා වී නොමැති බවත් පරිසර අමාත්‍යාංශය කළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.

Read More

ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය කෝවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් පස්දෙනෙකු ලංකාවෙන් වාර්තා වීමත් සමගම ඒ පිළිබඳව වැඩි අවධානයක් මෙරට සෞඛ්‍ය අංශ යොමුකර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ පිළිබඳව අවධානය යොමු කරමින් පසුගියදා (28දා) මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබූ අතර, එහිදී සඳහන් වූයේ තවත් සැක කටයුතු ලක්ෂණ සහිත රෝගීන් තුන් දෙනෙකු පිළිබඳ පර්යේෂණ වාර්තා ලැබීමට නියමිත බවයි. මේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සාකච්ඡාවට ගැනුණු කරුණුයි.

Read More

මීට පෙර හුදෙකලා කර තිබූ දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් එම හුදෙකලා බවින් නිදහස් තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (30) දිනයේ පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

ඔක්ස්ෆර්ඩ් එන්නත් අත්හදා බැලීම් පිළිබඳ ප්‍රධාන විමර්ශකයා වන ඇන්ඩෘ පොලාර්ඩ් පැවසුවේ මෙම ප්‍රතිඵලය එන්නත් අඩු සැපයුමක් ඇති රටවලට, ඔවුන්ගේ ජනගහනයට දෙවැනි මාත්‍රාව ලබාදීම ප්‍රමාද වීම ගැන සැලකිලිමත් විය හැකි අයට යම් සහතිකයක් දිය හැකි ප්‍රතිඵලයක් බවයි.

Read More

සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වු පුද්ගලයින් 20 දෙනෙකු දින 14 කාලයක් නිරෝධායනය සඳහා යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 433 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ​ය.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් හයක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

කළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් එම බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් හා ක්ෂේත්‍ර සේවා නිලධාරීන් විසින් සෝදිසි කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා හි කොන්ඩෝ ගොඩනැගිල්ල අබලන් තත්ත්වයක පැවති බවට ඊට දින කිහිපයකට පෙර යම් අනතුරු ඇඟවීමක් සිදුව තිබියදීත්, එය නොසලකා හැරීම සම්බන්ධයෙන් මේ වනවිට ඇතිවී තිබෙන කතාබහ හමුවේ නිලධාරීන් ෆ්ලොරීඩාහි ජනතාව අස්වසාලීමට උත්සාහ කරමින් සිටියි.

Read More

මින්නේරිය ජාතික වන උද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කල මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ඇතුළු යුධ හමුදා නිලධාරින් සම්බන්ධයෙන් හබරණ පොලිසිය වෙත පසුගිය දා සිදුකල පැමිණිල්ලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විම සම්බන්ධයෙන් දිවයින පුරා සිටින වනජිවි නිලධාරින් 2021.07.02 දින සංකේත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බව සමස්ත ලංකා වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ද පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

Read More

චීනයේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල සේවය කිරීමෙන් වළකින ලෙසය චීන සේවකයන් දැනුවත් කරන්නැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා දැන්වූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1709ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 389ක් වාර්තාවීමත් සමගිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.