යම් සීමාවන්ට යටත්ව ලිහිල් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව විසින් ලිහිලට ගතහොත් මේ භයානක කොවිඞ් රැලි ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
රට සාමාන්‍යකරණයට යෑමේ පියවරක් ලෙස කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙලෙස ලිහිල්කරණයට ලක්කර ඇතත් නිසි නියාමනයකින් තොරව එය සිදු කරන්නේ නම් ඉදිරි ප්‍රතිඵල භයානක විය හැකි බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සිතා බලා ගත් යම් සාධනීය පියවරක් වුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පිටුපා සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ලෙස කටයුතු කළහොත් රට නැවත ඇගුළු වැටීම වැළැක්විය නොහැකි බවද වෛද්‍යවරයා සඳහන් කළේය.