saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 7271 hours ago

LATEST

46-1 යෝජනාවේ බාහිර ක්‍රියාමාර්ග යෝජනාව ලංකාව ප්‍රතික්ෂේප කරයි

calendar_today 2021 සැප් 14 - 16:17 remove_red_eye - 389  

පළාත් සභා මැතිවරණ හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා රජය කැපවී සිටින බවත් ඉතා මෑතක දී, බරපතල ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ LTTE සාමාජිකයින් 16 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දුන් බවත් ඔහු පැවැසීය.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නීතීඥවරුන් ගොනු කළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික .සී. රාගල මහතා අද (14) යළි ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

කිසිඳු ඉන්ධන හිඟයක් මේ වන තෙක් පැන නැගී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත්, රටට අවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රමාණවත්ව පවතින බවත්, සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්නොකළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

Read More

සාවද්‍ය ප්‍රකාශයක් කර තම කීර්තිනාමයට හානි සිදුකළ බව කියමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගෙන් රුපියල් මිලියන 200 බැගින් රුපියල් මිලියන 400ක වන්දි ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා එන්තරවාසි යොමුකර තිබේ.‍

Read More

(Full list)නව කැළණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් චීනයේ චයිනා වරාය හා ඉංජිනේරු කොපරේෂණය වෙත පිරිනමා තිබේ.

Read More

අපි කාගෙත් වගකීම තමයි ආර්ථිකය මැනවින් කළමණාකරණය කරගෙන. රටට බරක් ඇතිනොවන ආකාරයට මේ කටයුතු වලට එක්වීම.අනවශ්‍ය ආකාරයට රාජ්‍ය මුදල් අවභාවිත වෙනවානම් පෙන්වා දෙන්න.

Read More

ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් ඊයේ රාත්‍රි බිඳ වැටීමට ලක්ව තිබේ. මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනයේ ( ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කර සිටියේය.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද පැවැත් වීමට නියමිතයි. තරඟය අද රාත්‍රී 7.00 ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Read More

ඉතාමත් කඩිනමින් රට විවෘත කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය සිදුකර තිබේ.

Read More

මේ මාසයට හිමි වැඩිහිටි ආධාර දීමනා ගෙවීම ලබන 17 හා 18 දිනවල සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. ඒ සඳහා සියලු තැපැල් කාර්යාලවල පහසුකම් සලසා ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටියේය.

Read More

ශ්‍රී ලංකාව විසින් වරින් වර මාලදිවයිනට වැලි කියුබ් 8ක් පමණ අපනයනය කර ඇති ඇති බවත් මාලදිවයිනේ ඉදිකිරීම් කටයුතු වල නිරත ශ්‍රී ලංකා සමාගමක් සඳහා මෙසේ එම වැලි අපනයනය කර ඇති බවත් භූ විද්‍යා පතල් කාර්යාංශය පවසයි.

Read More

ඔහු වසර 40ක් කැළණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ලෙස සේවය කර තිබේ.

Read More

ගෑස් මිල ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Read More

අද (14) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 275කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍යාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව අද (14දා) සිට ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් පහකරමින් උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ප්‍රසංග හෙට්ටිහේවාගේ අමිල ප්‍රසන්න හෙවත් ’සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් නිව්මෝනියාව වැළදිමෙන් සිරුරේ බහුවිද අවයව අකර්මණ්‍ය විමෙන් 18 හැවිරිදි පාසල් සිසුවියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (13දා) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයකදි අනාවරණය විය.

Read More

ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සහ ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

Read More

මැදපෙරදිග රටවල රැකියාවලට යන පිරිසට තෙවන මාත්‍රාවක් ලබාදෙන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 773 දෙනෙකු අද දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශයේ කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂක පියවර වෙනුවෙන් ස්ථාපිත මුරපොළක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

‍ශ්‍රී ලංකාවෙන් අද (13දා) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2560ක් වාර්තා වී තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 805ක් වාර්තා වීමත් සමගිනි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර තිබේ.

Read More

සරත් සෘතුවේ පාසල් ආශ්‍රිතව නව ආසාදන රැල්ලක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීන්ගේ කණස්සල්ල ඉහළ යන බැවින්, ලබන සතියේ මුල සිටම එක්සත් රාජධානියේ අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවන සියලුම දරුවන්ට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදෙන බව කියයි.

Read More

නැව්වල රාජකාරි කරන නාවිකයින් සඳහා ෆයිසර් එන්නත ලබාදිමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

හෙට සිට නාඩු වී කිලෝ එකක් රුපියල් 55කට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියි.

Read More

දැනට ලබාදී ඇති එන්නත් කොවිඩ්-19 වෛරසයේ දැඩි අසාධ්‍යය තත්ත්වයන්ට එරෙහිව ඉහළ කාර්යක්ෂමතා මට්ටමක් පෙන්වන බැවින්, බූස්ටර් මාත්‍රාවක් පුළුල් ලෙස භාවිත කිරීම සාධාරණීකරණය කිරීමට වැඩි සාක්ෂි අවශ්‍ය බවද එම විද්‍යාඥයෝ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.