saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6692 hours ago

LATEST

පළාත් තුළ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළට

calendar_today 2021 ජුලි 12 - 14:07 remove_red_eye - 218  

පළාත් තුළ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළ දමා ඇති බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව සදහන් කරනවා.

ගතවු දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සංචාරකයන් ලෙස සැරිසරමින් ජීවිතය ගතකරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් ලෙස හඳුන්වනු ලැබේ.ඩිජිටල් සංචාරකයින් බොහෝ විට මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් ඇති ඉහළ මට්ටමේ ස්වයං විශ්වාසයක් සහ විනයක් සහිතව කටයුතු කරනු ලබයි.

Read More

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම්කරමින් ඖෂධ ශාලාවල ඇති ඖෂධ වර්ග ඉවත් කිරීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

Read More

ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ මූලික පියවර අගෝස්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 125,877 දෙනෙකුට ඊයේ දිනයේදි එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More

හුදකලා කර ඇති බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතු යායේ පහල කොටසේ සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා 115 කින් නව අසාදිතයන් 35 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජූලි 12) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කර තිබේ. ඒ අනුව දුම්රිය ගමන් වාර 103ක් අද සිට ක්‍රියාත්මකයි. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් දුම්රිය ධාවනයට යොදවන බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියේ​ය.

Read More

බූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

Read More

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 41,000 කට මේ වනවිට නඩු පවරා ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කර සිටියි තවත් 8,000 ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර ලබාදීමත් සමග අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ ප්‍රමුඛ ඓතිහාසික සිද්ධස්ථාන වන්දනාවට බැතිමත්හු පැමිණෙති. අද උදෑසන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීමට සැදැහැවතුන් පැමිණ සිටි අයුරු ඡායාරූපවල දැක්වෙයි.

Read More

හලාවත නගර සභාවේ නගරාධිපති තුෂාන් අබේසේකර සහ ඔහුගේ සහෝදරයෙකු විසින් පුද්ගලයෙකු බලහත්කාරයෙන් රදවාගන සිදුකළ පහර දීමක් සම්බන්ධයෙන් සැකපිට අද (12දා) අලුයම අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි.

Read More

රාගම රෝහලේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ වෛද්‍යවරියක සිටින කාමරයකට අයුතු ඇතුළුවීමක් සිදුකර ඇය ඇඳුම් මාරු කරන අවස්ථාවේදී ඡායාරූප ගත කළ බව කියන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද (12) ආරම්භ වේ.

Read More

ඉන්දියාවෙන් ගෙනා එන්නතක ඒඩ්ස් සංඝටක ඇත බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා සත්‍යයෙන් තොර බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

Read More

දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද සිට හුදෙකලා කරිමිට පියව ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා තවත් 26,000 ක තොගයක් අද දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

’’මම වරක් තරු දෙස බලා සිහින දැක්ක දරුවෙක්. දැන් මම අපේ සුන්දර පෘථිවිය දෙස අභ්‍යවකාශයේ සිට බැලූ වැඩිහිටියෙක්’’ යැයි ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශයේදී වීඩියෝවකින් පැවසීය.

Read More

ගිනි ගැනීමට ලක්වූ නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයින් සඳහා වන්දි ගෙවීම හෙට (12) සිට ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

තමාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිඳු බියක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි. එලැඹෙන 19 හා 20 දෙදින තුළ මෙය විවාදයට ගැනීමට නියමිතව ති​​​බේ.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 506 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,492 ක්.

Read More

චීනයේ ෂුරොන්ග් රෝවරය අඟහරු ගවේෂණයේ යෙදෙමින් අද (11දා) රාත්‍රී 8.00 වනවිට රතු ග්‍රහලෝකයේ මීටර් 410කට වඩා වැඩි දුරක් ගමන් කළ බව චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 52 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මුතුරාජවෙල තෙත් බිමට අයත් අක්කර 100ක ඉදිකිරීමට නියමිත විදුලි බලාගාර ව්‍යාපෘතියට විරෝධය පලකරමින් කතෝලික පියතුමන්ලා ඇතුළු ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් පවත්වා ති​බේ

Read More

පාර්ලිමේන්තුවේදී මැක්‍රොන්ගේ සන්ධානයට නිතිපතා සහාය දෙන පක්ෂය වන මොඩෙම්හි නායකයා පැවසුවේ සෑම කෙනෙකුටම අනිවාර්ය එන්නත ලබාදීම හැර වෙනත් විකල්ප මාර්ගයක් නොමැති බවයි. ෆ්‍රැන්කොයිස් බයිරූ යෝජනා කළේ එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන සෞඛ්‍ය සේවකයන් හෝ ඕනැම වෘත්තිකයෙකු සිය රාජකාරීවලින් අත්හිටවිය යුතු බවයි.

Read More

විශාල පස් කන්දක් කඩා වැටිමෙන් ඇණහිට තිබු හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු (11) දින පස්වරු 5 සිට යලි යථා තත්ත්වයට පත් කල බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

දැඩි සුළං හේතුවෙන් තවදුරටත් 60,000 කට අධික පිරිසකට විදුලි බලය ඇණහිට ඇති බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කර සිටියි. එම පුද්ගලයිගේ විදුලි සැපයුම යථාවත් කිරීම කඩිනමින් සිදු කෙරෙන බව මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ​ය.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 986ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

බෙල්ජියමේදී කොවිඩ්-19 මර්දන එන්නත් විදගෙන නොතිබූ, පසුගිය මාර්තු මාසයේදී වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් 90 හැවිරිදි කාන්තාවකට එකවර කොවිඩ්-19 ප්‍රභේද දෙකක්ම වැලඳී තිබූ බව අනාවරණය වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.