පොහොර චිනයෙන් ගෙන්විමේ කිසිදු තිරණයක් නෑ
කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සඳහා ගොවීන් ලක්ෂ හය හමාරකට රුපියල් දොළොස් දහස් පන්සීය බැගින් මුදල් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.
ඊයේ මහනුවර හාරිස්පත්තුවේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එසේ කීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
පොහොර චීනයෙන්ම ගෙන්විය යුතුයි කියලා තීරණයක් නෑ. අපි ජාත්‍යන්තර ලංසු කැඳවිමක් කළා. එහිදී සමාගම් 22 ක් හඳුනා ගත්තා. එයින් හතරයි තේරුණේ. එයිනුත් අවසානයට තේරුණ සමාගම තමයි මේක. ජාත්‍යන්තරව ලංසු කැඳවීමේදී රටක් නම් කරල එහෙම කැඳවන්න බෑ. කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සඳහා මේ වන විට ගොවීන් ලක්ෂ හය හමාරකට රුපියල් 12,500 ගණනේ මුදල් වාරික දෙකකින් ගෙවා අවසන් කර තිබෙනවා.
රට තුල කිසිදු ආහාර හිඟයක් ඇති වෙන්න හේතුවක් නෑ. අපේ රටේ වගා කරන භූමිය ගත්තම කන්න දෙකේම හෙක්ටයාර් ලක්ෂ 13 ක් තියෙනවා. අපට මාසයකට හාල් අවශ්‍ය වෙන්නේ මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අනූ පන්දහසයි. ඒ නිසා මේ වගාවට කියල සියයට 10 ක් 15 ක් අඩු වුනත් ආහාර හිඟයක් ඇති වෙන්නේ නෑ යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.
popular news
-
L.G.P.Jathunarachchi. Monday, 01 November 2021 03:56 AM
Hon. Minister, How Chinese Vessel with Carbonic Fertilizer has invaded Sri Lanka. ???
Reply : 0 12
L.G.P.Jathunarachchi. Monday, 01 November 2021 03:56 AM
Hon. Minister, How Chinese Vessel with Carbonic Fertilizer has invaded Sri Lanka. ???
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

