බස්නාහිර පළාත තුළ සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකරමින් නගර විථි ,ආලෝක සංඥා පුවරු අසළ සැරිසරන යාචකයින් පරික්ෂා කර කොවිඩ් මර්දන එන්නත ලබා දිම සඳහා යොමු කිරිමට විශේෂ මෙහෙයුමක් ඊයේ ක්‍රියාත්මක විය.
බස්නාහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි උදෑසන 9 සිට පස්වරු 4 දක්වා සිදු කළ මෙම මෙහෙයුමේදි යාචකයින් 541ක් පරික්ෂා කර ඇති අතර ඉන් කිසිදු එන්නතක් ලබා නොගත් යාචකයින් 77 දෙනෙකු හදුනා ගැනිනි.