විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැලිකඩ පොලිස් වසමේ අංක T/3, ජනාධිපති විද්‍යයාල මාවත, පොල්වත්ත, රාජගිරිය යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
කේරළ ගංජා ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 42 ක රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ සටහන්ව තිබූ ඇමතුමක් පරීක්ෂා කිරීමේ දී හා ප්‍රශ්ණ කිරීමේ දී සැකකරු විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අනූව සිදුකල පරීක්ෂාවක දී වැලිකඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරියෙකුගේ බවට කරුණු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව එම පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරී ස්වභාවය සමිබන්ධව විමසීමි සිදු කිරීමේ දී ඔහු 119 දරන හදිසි ඇමතුමි අංශයට අනුයුක්තව රාජකාරී නියුතු නිලධාරියෙකු බවට දන්වා සිටි අතර, එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ නිලධාරීන් පොලිස් කොස්තාපල්වරයා රාජකාරී යෙදී සිටින ස්ථානයට ගොස් නිලධාරියා හදිසි සෝදිසියකට ලක්කිරීමෙි දී ඔහු සමිපූර්ණ නිළ ඇදුමින් සැරසී රාජකාරි රිවෝල්වරය සහ මිලි මීටර් 3.8 වර්ගයේ උණ්ඩ පහක් ද සමග රාජකාරීයේ යෙදී සිටි අතර ඔහුගේ සන්තකයේ ජාවාරමි කිරීම සඳහා තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 540 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
