saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7226 hours ago

LATEST

හයිටියේ සරණාගතයන් දහස් ගණනක් බයිඩන් හරවා යවයි

calendar_today 2021 සැප් 21 - 21:25 remove_red_eye - 324  

එක්සත් ජනපදයේ දිවි ගෙවීමේ බලාපොරොත්තුවෙන් කරදරකාරී කැරිබියන් දූපතෙන් මිදී දකුණු ඇමරිකාව හරහා දුෂ්කර මුහුදු ගමන වෙනුවෙන් ඩොලර් 1000ක් වියදම් කර පැමිණි හයිටි ජනතාව ආපසු හැරවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එළඹෙන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී සී.සී.සී කණ්ඩායමෙන් ඉවත්ව එස්.එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම සදහා එම කණ්ඩායම සමග එක්ව තිබේ.

Read More

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදි හෙට (22) දහවල් පැවැත්වේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මස මුලදී නිවේදනය කළ පරිදි, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් හෝ මොඩෙර්නා එන්නත්වල තුන්වැනි මාත්‍රාවන් ලබාදෙනු ඇත.

Read More

කොවිඩ් 19 වයිසරය ආසාදනයවීම හේතුවෙන් වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ඊයේ (20) දින ජිවිතක්ෂයට පත්ව ඇතැයි වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පැවසීය.

Read More

කිරිපිටි,තිරිගු පිටි,ලෑස් හා සිමෙන්ති මිල ගණන් අනිවාර්යෙන්ම වැඩි කිරිමට සිදුවන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Read More

ප්‍රංශයේ කොන්ත්‍රාත්තුව අත්හිටුවා, ඔස්ට්‍රේලියාව විසින් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් න්‍යෂ්ටික සබ්මැරීන ලබාගැනීම ගැන යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් චෝදනා කරයි.

Read More

පසුගිය කාල සීමාව තුලදී විවිධ මාධ්‍ය ආයතනවල විධායක අධ්‍යක්ෂධූරයද අධ්‍යක්ෂජනරාල්ධූරයද සදහන් කරමින් පෙනීසිටි ඔහු පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පනතට අනුව එවැනි තනතුරක් නොමැති බවත් පූර්ණකාලීන සාමාජිකයෙකු වශයෙන් පමණක් සේවය කල බවත් රාජ්‍ය අමාත්‍වරයා වැඩිදුරටත් සදහන් කරන ලදී.

Read More

දිවයිනේ පළාත් කිහිපයක තැනින් තැන ගිගිරුම් වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සමග එක්ව ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබාදීමට සූදානම් වන මෙම ගිවිසුම හරහා ප්‍රංශය මෙන්ම, අග්නිදිග ආසියාවේ බලවතුන්ද දැඩි නොසතුටට පත්ව තිබේ.

Read More

ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාව සිටි මිලින්ද රාජපක්ෂ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරේ. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (21) සිය අමාත්‍යංශයේදී පත්වීම් ලිපිය ඔහු වෙත ප්‍රදානය කළේය.

Read More

5 ශ්‍රේණිය සහ ඊට පහළ පන්ති සඳහා පාසල් නැවත විවෘත කිරීමට අදාල මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියි.

Read More

ඊයේ (20) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 66 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 11 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 55 දෙනෙකු අයත්.

Read More

මෙරට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා එළඹෙන 24 වනදා සිට ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

Read More

මේ දිනවල ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක කතාබහට ලක්වන යොහානි ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය කැලිෆෝනියාවේ වයලින් වාදක දැරියක් විසින් වයලීනයෙන් වාදනය කරන වීඩියෝවක් අන්තර්ජාලය පුරා සැරිසරයි

Read More

වර්තමානයේ සාකච්ඡාවට ගැනෙන ප්‍රධාන ගැටලු සහ ඊට අදාළ ආයතන රැසක් පිළිබදවද මන්ත්‍රීවරු සිය අදහස් ඉදිරිපත් කළහ. ඒ අතරින් ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලිට්‍රෝ ගෑස් ආයතනය ආදී ආයතනවල ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් පිළිබද මෙහිදී සාකච්ඡා විය. එම ගැටලු පිළිබද ඉදිරි කෝප් රැස්වීම්වලදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.

Read More

2018 වර්ෂයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් තිබෙන බවට නාමල් කුමාර නැමැත්තෙක් හඬ පටයක් ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් කළ බවත් එම පැමිණිල්ලට අදාළ විමර්ෂන අවසානයේදී ඊට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලඥයෙක් සම්බන්ධ නොමැති බවට තහවුරු වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

Read More

මහේස්ත්‍රාත්වරයෙකුගේ නිල නිවසේ බිමතින් ආරක්ෂක රාජකාරියේ යෙදි සිටි බව කියන කටුගස්තොට පොලීසියේ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

Read More

ඇෆ්ගනිස්තානය තුළ මෙවර IPL ක්‍රිකට් තරගාවලිය විකාශය කිරීම තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබේ.

Read More

පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී මෝටර් රථය කිලෝමීටරයක් පමණ දුරක් රැගෙන ගොස් සැරයන්වරයා ව බිමට වැටීමට සලස්වා පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හඳුනාගත් බව නුගේගොඩ කොට්ඨාස ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Read More

අත්අඩංගුවට ගෙන සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිවු දෙනා ඔක්තෝබර් පස්වැනිදා දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.

Read More

ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම් කිසි ආකාරයකට මිල වැඩි වීමකට යන්නට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

කොවිඩ් රෝගය නිවාරණය පිණිස දකුණු ආසියාවේ ගර්භනී මාතාවන් එන්නත්කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළේ ශ්‍රී ලංකාව බවත් මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90කට එන්නත් දී ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලවකවානුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණේවර්ධන පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය.

Read More

පාස්කු ප‍්‍රහාර සිද්ධය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුයුදීන් මහතා ඔක්තෝබර් මස 05වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මසේත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.

Read More

පසුගිය සිකුරාදා දිනයේ සිට සුරා සැල් විවෘත කිරීමට කටයුතු කිරීමත් සමග ඒ අසළ ඇතිවූ තිබූ තද බදය මේ වන විට පහළ ගොස් තිබේ.

Read More

හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වාරික 24ක සහන කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Read More

බාල වර්ගයේ ඖෂධ හෝ අසාදුගත කර ඇති ඖෂධ වෙළෙදපොළට පැමිණීමේ කිසිදු අවදානමක් නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද අවධාරණය කළේය.

Read More

අගොස්තු 21දායින් පසුව අඩුම PCR පරීක්ෂණ ප්‍රමාණයක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකළ දිනය ලෙස ඊයේ (20දා) සටහන් වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.