වසර පහක් තුළ රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
අදියර පහක් යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී හමුවුණා.
එහිදී අමාත්‍යවරයා සදහන් කළේ වසර පහක් තුළ මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිපදවීමේ වැඩපිළිවෙළ යටතේ පළමු අවුරුදු දෙක සදහා ආයෝජන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවයි.
මුල් අදියර සදහා ඇමරිකා ඩොලර් මිලියනයක් ද දෙවන අදියරට මිලියන පහක්ද නැවත ඇමරිකා ඩොලර් මිලියන දහයක් ද ආදි වශයෙන් එම සැලසුම ක්‍රියාත්මක කෙරෙන බවද අමාත්‍යවරයා සදහන් කළා.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා සදහන් කළේ ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට තම රටේ ආයෝජකයන් සූදානම් බවයි. මාස 19 ක් තිස්සේ වසා දැමුණු ඉන්දිය පාසල් ඊයේ ආරම්භ කළද එරට පාසල් සිසුන්ගේ එන්නත්කරණය මෙතෙක් සිදු නොකළ බවද ඔහු පැවසුවා.