සතොස ආයතනයට අයත් මෙතෙක් ප්රයෝජනයට ගෙන නැති ගබඩා හා ගොඩනැගිලි පරිශ්ර රාජ්ය හා පෞද්ගලික අංශ ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් මෙතෙක් ප්රයෝජනයට ගෙන නැති ගබඩා හා ගොඩනැගිලි පරිශ්ර රජයේ ප්රසම්පාදන ක්රියාවලිය පදනම් කර ගනිමින් කුලී පදනම මත කෙටිකාලීනව පෞද්ගලික ආයතන වෙත ලබා දීමට එහි අධ්යක්ෂ මණ්ඩලය යෝජනා කර තිබෙනවා.
ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිවුණා.