saravita-anim2

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා

Latest News - timelapse 6389 hours ago

LATEST

පාස්කු ප්‍රහාරයේ විමර්ශන යට ගැසිමට ක්‍රියා කරනවා

calendar_today 2021 ඔක් 21 - 13:47 remove_red_eye - 440  

පාස්කු කොමිසන් සභාවේ නිර්දේශ වත්මන් පාලනය තුළින් ක්‍රියාත්මක කරගත නොහැකි බව පැහැදිලි වී ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

රට තුළ නැවතත් කොවිඩ් රෝගීන් වර්ධනය වුවහොත් අනවශ්‍ය ලෙස සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

Read More

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික 142 වන ක්‍රිකට් තරගය ඔක්තෝබර් 28,29 හා 30 දිනවල ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව කොළඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිත බව තරග සංවිධායක කමිටුව නිවේදනය කර සිටියි.

Read More

පොහොර ගැටලුව මුල් කරගනිමින් විපක්ෂය රට තුළ සහල් නිශ්පාදනය පිළිබද අනියත බියක් ගොඩනගන්න හදන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පසුගිය දා මහනුවර නව රදගුරුතුමන් ලෙස පත් කළ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

Read More

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් පැවරීමේ ගිවිසුමට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

Read More

මෙරට මුහුදු සිමාවේ නීතිවිරෝධි ලෙස ධිවර කර්මාන්තයේ යෙදි සිටියදි අනතුකට ලක් වු ධිවර යාත්‍රාවක සිට අතුරුදන් වු ධිවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව පැවසීය.

Read More

අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට මිට වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

Read More

වයස අවුරුදු 16,17,18 සහ 19 යන වයස්හි පසුවන සියලු පාසල් සිසුන්ට කොවිඩ් 19 මර්දන ෆයිසර් එන්නත ලබාදීම හෙට සිට සියලුම පාසල්හි ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත.

Read More

අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බපලධාරීන් තීරණය කර තිබෙනවා.

Read More

මෙතෙක් මාදු ගඟට පමණක් සීමාවී තිබූ දැඩිලෙස තර්ජනයට පත් කඩොලාන විශේෂයක් වන රතමිල්ල (Lumnitzera littorea) ශාකය බෙන්තර ගඟ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියෙන්ද මේ වනවිට වාර්තා වී තිබේ.

Read More

පළමු අදියර යටතේ ළමුන් 200ට අඩු පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ අද (21) දිනයේ නැවත විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි.

Read More

රුපියල් 122ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි අයුරින් අඩු මිලට සීනි තොග නොලැබීම නිසා මේ වන විට වෙළෙඳ පොළේ සීනි හිඟයක් නිර්මාණය වී ඇතැයි වෙළෙඳසල් හිමියෝ පවසති.

Read More

රටට මහා ශක්තියක් සපයන මේ රටේ තරුණ පරම්පරාව රට අත්හැර යන තත්ත්වයකට පත්ව ඇති බවත්, රටේ තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිමකට ඇද දැමූ ආණ්ඩුව තරුණ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

Read More

මෙම වසරේ මුල් කාර්තු තුන තුළදී චීන ආර්ථිකය ස්ථාවර ලෙස යථා තත්ත්වයට පත්වූ අතර, ප්‍රධාන දර්ශක සාධාරණ පරාසයක පැවතුන බව නිල දත්ත පෙන්නුම් කරයි.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වූ තරඟයෙන් ලකුණු 70ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

ද චයිනා නැෂනල් එනර්ජි ඉන්ජිනියරින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගම (CNEE) ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 400 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇත. මේ සඳහා අවශ්‍ය වන උපකරණ සහ දැනුම කේ.ඊ. ඉලෙක්ට්‍රික් ආයතනය (KE Electric) විසින් සපයනු ලැබේ.

Read More

’’ඇත්තෙන්ම අපට සිත්ගන්නාසුලු දිනයක් වන්නේ සීනොවැක් මාත්‍රාවන් වැඩි ප්‍රමාණයක් ලැබුණු නිසයි. මේ නිසා විශාල ජනගහනයකට එන්නත් ලබාදීම අවස්ථාව හිමිවන අතර, එමගින් අපේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම විවෘත කළ හැකි වෙනවා’’ උගන්ඩා ඇමතිනිය පැවසීය.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණූ 171ක් රැස් කිරීමට සමත් විය.

Read More

මහකන්නය වෙනුවෙන් අවශ්‍ය දියර පොහොර ගෙන්වීමේ පළමු අදියර ලෙස ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ ඉන්දියාවේ සිටයි.

Read More

දුප්පත් රටවලට අවශ්‍ය එන්නත් නොලැබෙන හෙයින්, කොවිඩ්-19 වසංගතය අමතර වසරක කාලයක් පවතී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

වැල්ලවාය, ඇල්ල වලේ දිය නාමින් සිටි එකම පවුලේ තිදෙනෙකු 20 දින සවස දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය කියයි. කාත්තන්කුඩ් ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පියා (35) පිරිමි දරුවා (15) සහ දියණිය (09)යන තිදෙනා දිය නාමින් සිටියදි එකවර අතුරුදන්ව සිටියදි අවට සිටි සංචාරකයින් පිරිසක් සුළු මොහොතකට පසු දියෙන් ගොඩට ගනිද්දීත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

රුසියානු ප්‍රහාරක කණ්ඩායම් විසින් එක්සත් ජනපද ගුවන් හමුදාවේ සුපර්සොනික් බී-1 බී බෝම්බ හෙළන යානා දෙකක් සහ කේසී -135 ඉන්ධන පිරවුම් ගුවන් යානා දෙකක් මෙසේ හඳුනාගෙන ඇත.

Read More

දශක කිහිපයක් පදිංචි වී සිටියත් නීත්‍යානුකූල ඔප්පු නැති පවුල්වලට, ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් ඔප්පු ලබාදෙන වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙනවා.

Read More

විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

වසර ගණනාවකට පසුව එරට සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Read More

පාසල් පරිශ්‍රය සුරක්ෂිත බවත් දරුවන් පාසලට එවීමට කිසිදු බියක් සැකක් ඇති කරනොගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දෙමාපියන්ට පණිවිඩයක් ලබා දෙමින් 20 දින පැවසිය.

Read More

භගවත් ගීතාවේ සිංහල, දමිල හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ පළමු පිටපත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පිරිනමා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.