ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 18ක් මත්ද්‍රව්‍ය සමග අල්ලයි
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ, මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි. හැටන් මාර්ගය ඔස්සේ දුම්රියෙන් , බස් රථ වලින් සහ පෞද්ගලික වාහන වලින් මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක මාර්ග බාධක යොදා සහ හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් හදිසියේ සිදුකල පරික්ෂාවකදි , තරුණයන් 18 දෙනෙකු ගංජා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව මෙහෙයුම සිදු කල හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ ස්ටුවට් සුනඛයාගේද සහයෝගය ලබාගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අනුරාධපුර , පානදුර , කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අය බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පැවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

