saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5725 hours ago

LATEST

ඉන්ධන ආනනයට පහසුකම් සැපයීමට ජනපතිගෙන් උපදෙස්

calendar_today 2022 මාර් 02 - 10:50 remove_red_eye - 657  

විදුලිිය උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයට හා මහ බැංකුවට උපදෙස් දී ඇතැයි ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

පක්ෂයේ තරුණ නිලධාරීන් දූෂණයට එරෙහිව ආරක්ෂණ සීමාවන් උල්ලංඝනය නොකළ යුතු බවත්, පක්ෂයේ නිලධාරීන් ලෙස සාධාරණව, නීත්‍යානුකූලව, අවංකව සහ ජනතාවගේ යහපත සඳහා තම බලය ක්‍රියාත්මක කළ යුතු බව චීන නායකයා උපදෙස් දෙයි.

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

යුක්රේනය ආක්‍රමණය කිරීීම සම්බන්ධයෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ගණනය කරීම් වැරදි බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් කියයි

Read More

මුහුණට මුහුණ සාකච්ඡාවක් වෙනුවෙන් යුක්රේන නායක වොල්ඩොමීර් සෙලෙන්ස්කි කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබේ.

Read More

යුක්රේනයේ නවතම සටන්වලදී 250000ක පමණ ජනගහනයක් සහිත යුක්රේනයේ පිහිටි දකුණුදිග නගරයක් වන කෙර්සන් රුසියානු හමුදා අතට පත්ව ඇති බව වාර්තා වේ.

Read More

විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම නිසා අද (02දා) දිනයේදී පැය හතහමාරක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ එක්සත් ජනපද න්‍යෂ්ටික අවි සඳහා සත්කාරකත්වය සැපයීමට යෝජනා කිරීමෙන් පසුව ඇමෙරිකාවේ න්‍යෂ්ටික ඉතිහාසය ගැඹුරින් මෙනෙහි කරන ලෙස චීනය, ජපානයට සිහිපත් කර දෙයි.

Read More

ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 විසින් සකසන ලද ’’මුළු රටම හරි මඟට’’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීම හෙට (02දා) සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය.

Read More

කෙසේ වෙතත් රුසියාවේ න්‍යෂ්ටික අවි භාවිතයට දෙවියන් වහන්සේ ඉඩ නොදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පවසමින් රුසියානු ජනාධිපතිවරයාගේ තීරණය ගැන එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විමතිය දනවන ප්‍රකාශයක් සිදුකර තිබේ.

Read More

රුසියාවේ ගෑස් හා ඉන්ධන ජාත්‍යන්තර වෙළෙඳපොළට නොපැමිණීම හමුවේ අරාබිය දෙසට ලෝකයේ අනෙකුත් රටවල් ඇදී යනවා. මෙතනදි අරාබි රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යනවා. එම නිසා ඉන්ධන හා ගෑස් මිල තව තවත් ඉහළ යන්න පුළුවන්. 2014න් පසු වැඩිම බොරතෙල් මිල පසුගියදා වාර්තා වුණා. ඒ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යමින්.

Read More

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරද්දී, මේ වනවිටත් කොවිඩ්-19 ආසාදිතව සිටි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ තත්ත්වය යහපත් බව විදෙස් වාර්තා පවසයි.

Read More

කෝවිඩ් නිසා රටට අහිමි වූ සියලු දේ නැවත දිනා ගැනීම සඳහා ආණ්ඩුව දෙගුණයක වේගයකින් වැඩකරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඔහු අවධාරණය කරන්නේ ඉදිරි මාස කිහිපය තුළ රටතුළ පවතින අර්බුද රැසකට විසඳුම් ලැබීම ස්ථිර බවයි.

Read More

වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට සම්පුර්ණයෙන්ම තහනම් කලාපයක් බවට හෙට(02දා) සිට පත්කිරිමට තිරණය කල බව වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති ආර් ඩි හරමානිස් මහතා අද පුවත්පතට පැවසීය.

Read More

ජනතාව පෙළෙන තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ලබා දෙන ලෙස සහ ජීවන බර අඩුකරන ලෙසට රජයට බලකිරීමේ උද්ඝෝෂණයක් අද (1දා) සවස යක්කල නගරයේදී පැවැත්විණි.

Read More

ගාල්ල බෙලිගහ හන්දියේ ඉන්ධන පිරවුම්වලට ත්‍රි රෝද රථයකින් පැමිණි හතර දෙනෙක් ඊයේ (28දා) රාත්‍රි පොම්පකරුට පහරදි රුපියල්5500ක් කොල්ලකා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් ගොඩනැගිල්ලෙහි සිදු කෙරෙමින් පවතින අලුත්වැඩියාවක් හේතුවෙන් වසරකට අධික කාලයක් මහල් තුනක් වසා දමා තිබීම මත ප්‍රධාන ශල්‍යාගාර හයක් ඇතුලු අංශ කිහිපයක්ද වසා තැබීමෙන් රෝගීන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටද අපහසුතාවයක්ව පවතී.

Read More

හෙට (02දා) දිනයේදී ශ්‍රී ලංකාව තුළ පැය 7.30ක විදුලිය කප්පාදුවක් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Read More

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අත්හිටවූ අරගලය හෙට (02දා) සිට යලි අරඹන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

Read More

රුසියා - යුක්රේන යුද්ධයේ ​​පළමු දින පහ තුළ රුසියානු භටයින් 5,710 ක් මිය ගොස් ඇති බව යුක්රේන හමුදා නිලධාරින් ප්‍රකාශ කර ඇතැයි බී.බී.සී. පුවත්සේවය පවසයි.

Read More

මීට වසර 6 කට පමණ පෙර මින්නේරිය පොලීසියේ සේවය කළ පොලිස් සැරයන් වරයෙකුගේ රාජකාරි රිවෝල්වරය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම රිවෝල්වරය සමග සැකකරුවෙකු අද (01දා) අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් පැවසීය.

Read More

අයිඕසී හා සමාන මට්ටමක සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවත් මගී ප්‍රවාහන බලපත්‍ර ඇති පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

දිය නෑම තහනම් කර තිබියදීත් තහනම නෙතෙකා වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ලේ දියනෑමට ගිය කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනකු එම දියවලේ ගිලි මියගොස් සිටියදි අද (01දා) දහවල් වැල්ලවාය පොලිසිය බුත්තල කොට්ඨාශ ජිවිතාරක්ෂක කණ්ඩායමේ සහයෙන් සොයා ගන්නාලදි.

Read More

ඇපල් මිදි තිබ්බොත් කයි. නැති වුණොත් සංචාරකයා එයි. සංචාරකයා ඇවිල්ලා පැය හතරක් කලුවරේ නම් ඉන්නේ එයාට රට බලන්න යන්න ඉන්ධන නැතිව හෝටලේට වෙලා තමන්ගේ නිවාඩුව ගත කරන්න වෙනවනම් ඒ සංචාරකයා ආයේ ලංකාවට එන්නේ නෑ.

Read More

2021 වසරේ රුපියල් මිලියන 600 ක අලෙවි ඉලක්කයක් හඹායමින්, රුපියල් මිලියන 400 ක ඉලක්කයට පහසුවෙන් ළගාවූ රජයේ කර්මාන්ත ශාලාව, 2022 වසරේ අපේක්ෂිත අලෙවි ඉලක්කය වන රුපියල් මිලියන 625 ඉලක්කය, මෙම වසරේ මැද භාගය වනවිට සපුරා ගන්නා බවද රජයේ කර්මාන්තශාලාව පවසයි.

Read More

උඩරට වතුකරයේ හින්දු ජනතාව අද(01දා) දිනට යෙදී තිබුණු මහ ශිව රාත්‍රී දිනය මහත් භක්තියෙන් යුතුව සමරනු ලැබීය.

Read More

ආණමඩුව සමුපකාර ඉන්ධන හලින් ඩිසල් ලබා ගැනිමේදි පැමිණි පිරිස් අතර ඇතිවු නොසන්සුන්තාවය පාලනය කිරීමට අද (01දා) පොලිසිය යෙදවිමට කටයුතු කර තිබුණි.

Read More

යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියාව සිය සිය හමුදාවෙන් සියයට 75ක් යොදවා ඇති බව විශේෂඥයෙක් පවසයි. ඒ අනුව සිසයට 40ක්ව තිබූ අගය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඔවුන් වැඩිකර තිබේ.

Read More

කිසියම් පිරිසක් තමා පැහැර ගෙන ගොස් සිර කර ගෙන සිටින බවට දුරකථන ඇමතුම් ලබා දෙමින්, සූක්ෂම ලෙස තම පියාගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ගෙන, එම මුදල තම පෙම්වතාට ලබා දීමට ගිය දියණියක් සහ එය සැලසුම් කල ඇගේ පෙම්වතා ඊයේ (28දා) පොලිස් භාරයට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

“මෙතන කවුරුත් අපි පරදිනවා කියලා කියන්නේවත් අඬන්නේවත් නැහැ. මෙතන ඉන්න හැමෝම විශ්වාස කරනවා අපි දිනනවා කියලා. ඒ සියල්ල කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ඉතින් මේ මහා ජනකාය ඇත්තටම සටන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා දැක්කම මට හරිම සතුටුයි. තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන්න ලෑස්තියි. අපි මේ යුද්ධයේ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ,’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.