හමබන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදු දීමෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක මුදල චීන එක්සිම් බැංකුව ලබාදුන් සහනදායි ණය ගෙවීම වෙනුවෙනට ඉහළ පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය (විශේෂයෙන්ම ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර) ගෙවීමට යොදාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට භූමිතෙල් රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
Read Moreතමිල්නාඩුවේ පොන්ඩිචේරි, කාරෙක්කාල් වරායන්වල සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ නැව් සේවාවක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාදී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ප්‍රකාශ කරයි.
Read Moreඉන්ධන මිල ඉහල දැමීමට සමගාමිව ප්‍රවාහන ගාස්තුව සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට තමන්ට අනිවාර්යයෙන්ම සිදුවෙන බවත් වැඩිවන ප්‍රතිශතය නිශ්චිතවම ජුලි මස පළමු වැනිදා අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත්කරන බවත් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (27දා) අම්බලන්ගොඩ සිය සංගම් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය .
Read Moreඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපානයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවසීය.
Read Moreපවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමනයට විසඳුමක් වශයෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
Read Moreපසුගිය මැයි මස 9 වෙනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී ගම්පහ , උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධමමජින්න නාහිමි අද (27දා) උදෑසන බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
Read Moreකොවිඩ් 19 වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා සොයාගත් වඩාත්ම වේගයෙන් ව්‍යාප්ත වන මෙන්ම ප්‍රතිශක්තිය මග හැරිය හැක දරුණු කොවිඩ් ප්‍ර භේදයක් සොයාගෙන ඇතැයි ශ්‍රීජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ BA5 ලෙසින් හඳුන්වන මෙම ප්‍ර භේදය මේ දක්වා රටවල් 63 කින් හඳුනාගෙන ඇතත් ශ්‍රී ලංකාවෙන් තවමත් වාර්තා වී නොමැති බවයි.
Read Moreඅවුරුදු 5ට අඩු ළමයින් සිටිනා මව්වරුන්ට විදේශ රැකියා සදහා පිටත්ව යෑමේ බාධාව ඉවත් කිරීමට මෙවර කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමුකර ඇති බව හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
Read Moreඉන්ධන හල් ඉදිරිපිට තෙල් පෝලිම් වල දින ගණනාවක් නිදිවර්ජිතව සිටින අයට උත්තේජකයක් ලෙස ලබාදීමට ප්‍රධාන පෙලේ මත ද්‍රව්‍ය තුනක් ගමන් මල්ලක බහා රැගෙන යමින් සිටි අයෙකු ඊයේ (26දා) රාත්‍රියේදී ගොනපිනුවලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවටගත් බව බටපොළ පොලිසිය කියයි
Read Moreමොනරාගල පොලිස් කොට්ඨාසය තුළ පදිංචි සිව්දෙනෙකු ඉකුත් 26 වෙනිදායින් අවසන්වූ සතියක් තුළ සියදිවි හානි කරගෙන මියගොස් ඇතැයි මොනරාගල රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
Read Moreසියවසකට වැඩි කාලයකට පසු පළමු වතාවට රුසියාවට සිය විදේශ ණය පැහැර හැරීමට සිදුව තිබේ. රුසියාවට ඩොලර් මිලියන 100 ක ණයක් ගෙවීමට මුදල් තිබුණත් රුසියාවට ඒරෙහිව පනවා ඇති සම්බාධක නිසා ඔවුන්ට ජාත්‍යන්තර ණය හිමියන්ට ගෙවීම් කිරීමට නොහැකිවීමෙන් මෙසේ වසර 100කට පසුව රුසියාව ණය ගෙවීම් පැහර හැරි රටක් බවට පත්ව තිබේ.
Read Moreබහාලුම් ප්‍රවාහන රථ ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා ඒක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10කින් ඉහළ නැංවීමට නියමිතය. ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව මෙසේ බහාලුම් ප්‍රවාහන ගාස්තුද ඉහළ නංවා තිබේ.
Read Moreනිව්යෝක් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ හිටපු සභාපති බිල් ඩඩ්ලි, මෑත බ්ලූම්බර්ග් මත ප්‍රකාශයක කියා සිටියේ ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ ඇමෙරිකාවේ ආර්ථික අවපාතයක් ’’නොවැළැක්විය හැකි’’ බවයි.
Read Moreකොටගල, කොමර්ෂල් ප්‍රදේශයේ වෙළෙඳසැලක සගවාගෙන සිටි ඩීසල් ලීටර් 1000 ක් ඊයේ (26දා) සවස සොයා ගැනීමට හැකි වු බව දිඹුල- පතන පොලීසිය පවසයි.
Read Moreරුසියානු ජනාධිපතිවරයා ලබන සතියේ මධ්‍යම ආසියාවට යාමට නියමිතව සිටින බව ක්‍රෙම්ලීනය නිවේදනය කරයි.
Read Moreබස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුල පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමට තීරණය කරන ලදී.
Read More’’අපි හිතන්නේ නේටෝව කම්කරු පන්තියට උදව් නොකරන සාපරාධී සංවිධානයක්’’ යැයි විරෝධතා සංවිධායක ජේවියර් මාර්ටොරෙල් පැවසීය.
Read Moreකැලණිය පට්ටිය හංදිය ප්‍රදේශයේදී අද (26දා) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක් හා අවුරුදු දෙකක කුඩා දරුවෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 31 ක් වන වේයන්ගොඩ පදිංචිකරුවෙකි.
Read Moreසංවර්ධනය වෙමින් පවතින රටවල ගෑස් යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය බව ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි පවසයි.
Read Moreශ්‍රී ලංකාව විදේශ ණය සහ පොලී ආපසු ගෙවීම අත්විටුවීමේ තීරණය ගැන හිටපු අධිපති නිවාඩ් කබ්රාල් මහතා විමතිය පළ කරයි.
Read Moreගාල්ල ඉහළ ලෙල්වල විවිධ සේවා සමුපකාර ඡන්දයෙන් සමගි ජන බලවේගවට විශිෂ්ඨ ජයක් හිමිවි ඇත. ඉහළ ලේල්වල විවිධ සේවා සමුපකාර සමිතියේ ඉදිරි තෙවර්ෂය සඳහා අධයක්ෂක මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සඳහා මෙම ඡන්දය අද (26දා) එම සමුපකාර ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආයතනය පවසන්නේ වෛරසය තවමත් කොවිඩ්-19 සහ පෝලියෝ වැනි ‘ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්’ නොවන බවයි.
Read Moreඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 68.61ක ලාභයක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 15.57ක්, සුපර් ඩීසල් වලින් රු. 20.27 ක් ලාභ ලබයි. කෙසේ වෙතත්, තෙල් සංස්ථාවට ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 8.52ක් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 334 ක් ලෙස අලාභ ලබයි.
Read Moreනානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වාත් කොළඹ සිට නානුඔය දක්වා දිනපතා ධාවනය වන 1023 සහ 1024 යන දුම්රියන් ජුලි (01) දින සිට ධාවනයෙන් ඉවත් කිරිමට දුම්රිය පාලන අධිකාරිය කටයුතු කර ඇත.
Read Moreපවතින ඉන්ධන හිඟය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ වාහන ධාවනය අවම වීමෙන් දෛනිකව ලැබෙන ආදායම මිලියන පහළොවක් -දහසයක් පමණ තෙක් අඩු වී ඇතැයි අධ්‍යක්ෂක අධිවේගී මාර්ග මෙහෙයුම් (නඩත්තු හා කළමනාකරණ) නිහාල් ලොඩිවික් මහතා පැවසීය.
Read Moreඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව ත්‍රි රෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩිකිරීමට ත්‍රි රෝද රථ සංගම් තීරණය කර තිබේ. ඒ අනුව පළමු කිලෝමීටරයට මේ වන විට අයකරන රුපියල් 100ක ගාස්තුව ස්ථාවරව පවත්වාගෙන යමින් දෙවැනි කිලෝ මීටරයේ සිට අයකළ රුපියල් 80ක ගාස්තුව රුපියල් 90ක් දක්වා වැඩි කරීමට ඔවුන් තීරණය කර තිබේ.
Read Moreදැනට සිදුකරන විදුලිය කප්පාදුව පැය තුනක් දක්වා ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර දී තිබේ. මේ වන විට පැය දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදු කිරීමක් සිදුකරන අතර විදුලිය නිපදවීම වෙනුවෙන් ජලය හා ඉන්ධන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙසේ පැය භාගයකින් විදුලි කප්පාදුව වැඩිකර තිබේ.
Read Moreඉන්ධන ඇතුළු අනෙකුත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඇමතිවරු දෙදෙනෙකු ඇතුළත් දූත පිරිසක් හෙට දිනයේදී රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreවැඩි කළ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දමන ආකාරය පිළිබඳව තිරණය කිරීම සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ආයතන වෙත හෙට (27) දා තෙක් කල් ලබා දෙන බවත් හෙට දිනයේදී බස් ගාස්තු වැඩි කිරීමට කටයුතු නොකළ හොත් අනිද්දා දිනයේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
Read More