මෙරට වගා කළ කොළ ඇපල් හී මුල් ඵලදාව ජනපතිට
මෙරට වගා කළ කොළ ඇපල් හි මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20දා) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා විසින් ගල්ගමුව, තඹුත්තේගම ප්රදේශයේ අක්කර දෙකක මෙම ඇපල් වගාව සිදු කර තිබේ.
ඇපල් වගාව පිළිබඳව ගොවි මහතාගෙන් තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල් වගාව නැරඹීමට එන බව පැවසීය.
ලක්ෂ්මන් කුමාර ගොවි මහතා සඳහන් කළේ ඇපල් බීජ මෙරටට ගෙන්වා නව පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බවත්, අක්කර දෙකක සරු ඵලදාවක් මේවන විටත් ලැබී ඇති බවත්ය.
කොළ ඇපල් පිළිගත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එහි රස බැලීමට ද අමතක නොකළේය.

popular news
-
janahitha Friday, 21 October 2022 04:35 AM
oya manussyata apal kanna honda naha kanna puluvan vena kata hari deehan loku unnahe
Reply : 0 0
Nimal Friday, 21 October 2022 05:03 AM
Appal wagawath iwarai. Me wage winasakarayekuta kanna dunnain passe.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

