22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පිළිබඳ අද (20දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයා එකඟතාවයෙන් තෝරා ගැනීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම සහ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසිරවීමට ජනාධිපතිවරයා සතු බලය එලෙසම තබා ගැනීම යන කරුණු තුන විසි 22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබාදීම සඳහා කොන්දේසි වශයෙන් ඉදිරිපත් කරන බව ද විපක්ෂනායකවරයා පැවිසීය.
කෙසේ වෙතත් අවසන් මොහොතේ කූඨෝපක්රම දැමීමට කටයුතු කර මෙම කොන්දේසි වෙනස් කිරීමට කටයුතු කරන්නේ නම් සිය සහය හකුලා ගන්නා බව සඳහන් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙස අවධානය යොමු කළාම අපිට පෙනී යන දේ තමයි සාපේක්ෂව බැලුවම 20ට වඩා පොඩි වෙනසක් තිබෙනවා හොඳ පැත්තට. අපේ අවසාන ඉලක්කය අපේ 21වැනි සංශෝධනයේ ප්රතිපත්තීන් වුවත් මේක ක්‍රමානුකූලව ඉදිරියට යන්න ඕනී. අපි කරුණු කාරණා කිහිපයක් පදනම් කරගෙන අපි සූදානම් සත්භාවයෙන් ක්‍රියාත්මක වෙනවා නම් 22වැනි සංශෝධනයට සහය දෙන්න.ඒත් කමිටු අවස්ථාවේ දාන උප්පරවැට්ටි, ජල්තර , කූඨෝපක්රම දාන්න ආවොත් අපි විරුද්ධ වෙනවා. ඒත් අපි සෑම දෙයකටම විරුද්ධ වෙන විපක්ෂයක් නෙවෙයි, යනුවෙන් සඳහන් කළේය.