saravita-anim2

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

Latest News - timelapse 5063 hours ago

LATEST

2022 ජුනි වන විට අයවිය යුතු හිඟ බදු, දඩ හා පොළී මුදල රු. බිලියන 773 යි

calendar_today 2022 නොවැ 29 - 09:34 remove_red_eye - 211  

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 ජුනි 30 දින වන විට ලැබිය යුතු මුලු හිග බදු, දඩ හා පොළී මුදල රුපියල් 773,957,856,618 බව (බිලියන 773) කෝපා කමිටුවේදී අනාවරණය විය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මහතාගේ ආරාධනය පරිදි ඇමෙරිකාව බලා අද (29දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ලෙස සේවය කරමින් සිටි ඊ.කුෂාන් නැමැති පුද්ගලයා අද (29දා) දින අලුයම ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සනාථ කළේය.

Read More

ලීසිං වාරික ගෙවීම පමා වීම හේතුවෙන් පෞද්ගලික බැංකුවක් විසින් අත්පත් කර ගැනීමට නියෝග නිකුත් කර තිබූ ප්‍රියස් වර්ගයේ කාර් රථයක් සහ එහි තිබූ රුපියල් ලක්ෂ 7 ක මුදලක්, පොලීසියෙන් යැයි පවසා පැහැර ගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (27දා) විමර්ශනයක් ආරම්භ කළ බව මරදන්කඩවල පොලිසිය පවසයි.

Read More

තමන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ.

Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු නැවැත්වීමෙන් විශාල පිරිසකගේ රැකියා අහිමි වීම හේතුවෙන් ඉදිරියේදී සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ අ‍ාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

නැවතත් මේ රටට සංචාරකයන් එන මොහොතේ නුවර සිට කොළඹට පෙළපාලියක් එන්න ලෑස්ති වෙලා තියෙනවා. කරුණාකරලා මේ කෝලම නවත්වන්න. ජනතාව අවුස්සගන්න එපා. ඔබතුමා මේ පාර ගුටිකන්නේ පාරේ ඉන්න මිනිස්සුන්ගෙන්. මේක කඩාකප්පල් කරන්න එපා. ඔබතුමාගේ නොහැකියාව තියාගන්න පාර්ලිමේන්තුව තුළ. මට මෙච්චරයි කියන්න තියෙන්නෙ.

Read More

අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එය ආසන්නයේ පිහිටි ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගත් බවයි.

Read More

වර්ථමානයේ රට කඩා වැටී තිබීමට අවුරැදු 75ක් අයවැය ලේඛන තුළින් මුදල් අමාත්‍යංශය සකස් කර දෙන අසත්‍ය ඒ අකාරයෙන්ම පැවසීම හේතු වී තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ධීවරයන්ගේ භුමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිතා කර ඉදිරි දින 03 තුළ ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භුමිතෙල් නිකුත් කිරීම හෙට (29) සිට ආරම්භ කරන බව ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් මහතා පැවසීය.

Read More

ෆෙයි ජුන්ලොන්ග්, ඩෙන්ග් කින්ග්මින්ග් සහ ෂැන්ග් ලූ යන චීන ගගනගාමීන් රැගෙන ෂෙන්ෂෝ-15 මිනිසුන් සහිත මෙහෙයුම සිදුකිරීමට සූදානමින්.

Read More

තම නිවාඩුව සඳහා ශ්‍රි ලංකාවට නොපැමිණෙන එසේම ශ්‍රි ලංකාවේ අඩියක්වත් නොතබන පුද්ගලයෙක් පසුගිය වසර දෙකක කාලය තුළ ලෝකයේ ප්‍රභල රටක ශ්‍රී ලංකාව නියෝජනය කිරිම වෙනුවෙන් තානාපතිවරයෙක් ලෙස පත්කර ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

ලොව විශාලතම බොරතෙල් ආනයනකරුවා වන චීනයේ ඉන්ධන ඉල්ලුම පහළ යනු ඇතැයි යන අපේක්ෂාවන් සමග අද (28දා) දිනය වනවිට බොරතෙල් මිල වසරේ අවම මට්ටම කරා ළඟා වී තිබේ.

Read More

මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති කෝප් කමිටු රැස්වීම තරමක උණුසුම් මුහුණුවරක් ගැණිනි.

Read More

කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා අද (28දා) පස්වරුවේ පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , ගුවන් ගත වී විනාඩි 05 ක කාලයකට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

රියදුරු බලපත්‍ර සඳහා සෘණාත්මක ලකුණු ලබාදීමට ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Read More

පොලීසිය සඳහන් කළේ ගුවන් නියමුවා සහ මගියා යන දෙදෙනාම නිරුපද්‍රිතව බේරාගැනීමට හැකි වුවත්, ඔවුන් දෙදෙනා තුවාල ලබා සිටි බවයි.

Read More

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගේ ආරාධයනය මත විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හෙට (29දා) සිට දෙසැම්බර් 04 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරනු ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

රට තුළ ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

Read More

යුක්රේනයට සහාය දීම නිසා ජීවන වියදම් ඉහළ යාමට හේතු වන බව නේටෝ කණ්ඩායමේ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පිළිගත්තේය.

Read More

පළාත් පාලන ඡන්දය විකෘතියක් වෙලා ඇති බවත් පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්විය යුතු බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය .

Read More

උතුරු කොරියාවේ “අවසාන ඉලක්කය වන්නේ ලෝකයේ බලවත්ම උපායමාර්ගික බලවේගය, සියවසේ පෙර නොවූ විරූ න්‍යෂ්ටික බලය හිමිකර ගැනීම” බව කිම් ජොන්ග්-උන් පවසයි.

Read More

ක්‍රිකට් තරගයක පිතීකරුවෙකු පන්දුවාරයකට ඒල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව බිඳ හෙලීමට ඉන්දීය පිතිකරු රුටුරාජ් ගායික්වාද් සමත්විය.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා රුසියාවේ උපරිම සහයෝගය ලබාදෙන බව තානාපතිවරයා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සහතික විය. ශ්‍රී ලංකාව තුළ රුසියානු මහා පරිමාණ ආයෝජන සඳහා ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සවිස්තරාත්මක ලෙස සාකච්ඡා කෙරිණී.

Read More

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 මුදල් හුවමාරු පහසුකම ලබාදීමෙන් පසුව එවැනිම ආකාරයේ උදව් ඉල්ලා බොහෝ රටවල් තමන් සමඟ සන්නිවේදනය කළ බව බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීන් මහත්මිය පැවැසුවාය. ඊයේ පැවැති සමුළුවකදී අදහස් දක්වමින් ඇය මේ බව හෙළි කළාය.

Read More

අබලන් තත්වයට පත්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15දා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

වර්ථමානයේ පාලකයන්ගේ අවවාද අනුශාසනා මහා සංඝරත්නයට ඇසීමට සිදුවී තිබෙන බවත්, සංඝරත්නයට නින්දා අපහාස කිරීම නුසුදුසු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ලොරිරථ රියදුරෙකුගෙන් රුපියල් දොළොස්දහසක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් මත සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව කන්දකැටිය පොලිස් ස්ථානය සේවයකළ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය ඉකුත් (27) වෙනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අද (28දා) විවාහ ගිවිසගෙන ඇත

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.