ගාල්ල නගර සභාවේ විපක්ෂ මන්ත්රීවරු පිරිසක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ ඊයේ (30) පැවති විශේෂ මහසභා රැස්විමේ දි ගාල්ල මහනගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරි මණ්ඩලය වෙත ජල ප්රහාර එල්ල කර රජයේ සේවකයින්ට සාපරාදී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්රීවරියක් ඇතුළු මන්ත්රීවරුන් පස් දෙනෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත..
මෙම සිද්ධිය සම්බන්දයෙන් ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්රී ජිලිත් නිශාන්ත(එක්සත් ජාතික පක්ෂය), නිමාලි චම්පිකා( ශ්රිලංකාපොදුජන පෙරමුණ), ප්රභාත් සෙනවිරත්න (සමගි ජන බලවේගය), එම්.එම්.එම්.යෙසීර් (එක්සත් ජාතික පක්ෂය), කපිල කොහොබන් (එක්සත් ජාතික පක්ෂය )යන මහත්වරුන්ගෙන් ප්රකාශය සටහන් කරගැනිමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ.. මෙම නාගරික මන්ත්රිවරු හතරදෙනා සහ මන්ත්රිවරිය සිය නිතිඥයින් මගින් පොලිසියට භාරවිමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) ගාල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම සිද්ධිය සම්බන්දයෙන් ගාල්ල මහනගර සභාවේ නගරාධිපති සුනිල් ගමගේ මහතා විසින් ගාල්ල පොලිසියට පැමිණිලිකොට තිබුණි. නාගරික ලේකම්වරියගෙන්ද පොලිසිය ප්රකාශ සටහන්කරගෙන තිබුණි.
ඊයේ පැවති ගාල්ල මහනගර සභාවේ විශේෂමහ සභා රැස්විමේ දි විපක්ෂයේ මන්ත්රීවරු නාගරික ලේකම්වරිය ඇතුළු කාර්ය මණ්ඩලයට ජල ප්රහාරයක් එල්ල කිරීම නිසා ගාල්ල මහනගර සභා රැස්විම එකම ගාලගොට්ටියක් බවට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

