සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ දැනට ප්‍රතිලාභ ලබන කිසිදු පාර්ශ්වයකට එය අහිමි වී යාමේ අවධානමක් නැතැයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ප්‍රතිලාභ ලැබීමේ ක්‍රමවේදයන් විධිමත් කිරීම සහ තව දුරටත් ප්‍රතිලාභ ලැබිය යු
නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියෙකුට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දිම නිසා තුවාල සිදු ලැබු පාසල් සිසුවියක් අද (29දා) තුවාල සහිතව තම රෝහලට ඇතුලත් කල බවත් , තුවාල ලැබු එම පාසල් දැරිය වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව කොටගල ප්‍රාදෙශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ශාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.
Read Moreආනවිලුන්දාව රැම්සා කුරුලු අභයභූමියේ හදිසියේ ඇති වූ ගින්නකින් අක්කර 40 ක පමණ ප්‍රමාණයක් විනාශයට පත්වී ඇතැයි වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
Read Moreහිටපු ජනාධිපතිවරයා සැබෑ ප්‍රශ්නයේ බර ජනතාවට නොදී එම බර ආණ්ඩුව මත පටවාගෙන කටයුතු කරන්නට යාමෙන් නොසිතූ අර්බුදයකට රට පත් වූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය .
Read Moreශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම වෙනුවෙන් ණය හිමියන්ගේ හා සියලුම පාර්ශ්වයන්ගේ සහාය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreඇඹිලිපිටිය ප්‍රදේශයේ පරිමාණයෙන් ගංජා ජාවාරමේ නිරත වෙමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ මස්සිනා කෝටි 5ක් පමණ වටිනා වාහන තුනක් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවිදේශීය සමාගමක් සමඟ ඒකාබද්ධ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර වසර 20ක් ගතවනතුරු සූර්ය පැනලවල නඩත්තුව ආයෝජකයා විසින් සිදුකරනු ලබන බවද අමාත්‍යවරයා පවසයි. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ පළමු වසර 7 සදහා විදුලි ඒකකයක් සදහා ඇමරිකානු ඩොලර් 0.116ක මුදලක් ආයෝජකයා වෙත ගෙවන අතර ඉතිරි වසර 13 සදහා විදුලි ඒකකයකට ඇමරිකානු ඩොලර් 0.0816 ක් ගෙවනු ලබයි.
Read Moreමාස 08 ක එකතුවු සමුර්ධි දීමනා දෙල්දූව සමුර්ධි බැංකුවෙන් රැගෙන යමින් සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ රුපියල් 14500 ක් කොල්ලකා පලාගිය පුද්ගලයෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව මොරොන්තුඩුව පොලීසිය පවසයි.
Read Moreවත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි පසු වැල් පාලමකින් එතෙර වියයුතු බව කීවත් මේවන විට වැල්පාලමෙන් එතෙරවී ඇත්තේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගජ මිතුරන් පමණයි. ලක්ෂ 220 ක්වූ රටේ සමස්ත ජනතාව වැල්පාලමෙන් හෙළට තල්ලුකළා. ජනාධිපතිවරයා කොමඩියක් වෙලා. ආණ්ඩුව මගඩියක්. රට ගොඩනැගීම සඳහා නව ජනවරමක් අවශ්‍යයි. රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා රාමුවෙන් පිටත සිතමින් නව ක්‍රමවේදයන් සඳහා ප්‍රවේශයක් ලබාගත යුතුයි.
Read Moreකොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ඒවා ගිල දමා පැමිණි උගන්ඩා ජාතිකයෙකු අද (28දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය.
Read Moreලබන මස 01වැනිදා සිට අය කිරීමට නියමිතව තිබෙන 2.5%ක සමාජ ආරක්‍ෂක බද්ද කෘෂිකාර්මික කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු නොකළහොත් එදින සිට සහල් කිලෝවක මිල රුපියල් 6.00කින් ඉහළ දැමීමට සිදුවන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.
Read MoreNord Stream 1 නළයේ ඇති වූ කැඩීම් නලයේ ඩෙන්මාර්ක සහ ස්වීඩන් යන කොටස් දෙකෙහිම සොයාගෙන ඇති අතර Nord Stream 2 හි කාන්දුව ඩෙන්මාර්ක කොටසේ සොයාගෙන ඇත.
Read Moreජපාන සංචාරය නිම කරමින් පිලිපීනයේ සංචාරයක් ආරම්භ කර තිබෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පිලිපීන ජනප ජනපති ආර්. මාකොස් මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය. පිලිපිනයේ මැනිලා නුවරදී මෙම සාකච්ඡා පැවැත්වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreදකුණු කොරියා හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ට අනුව, දේශීය වේලාවෙන් එදිනම 6.20 නැගෙනහිර මුහුදට දෙවැනි මිසයිලය එල්ල වී තිබේ.
Read Moreදුස් තොරතුරු නිර්මාණය වීම අවම කිරීම තුළින් ජන ජිවිතය වඩා යහපත් කිරීම අරමුණ කරගත් නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ අද (28 වැනිදා) ස්ථාපිත කෙරිණි.
Read Moreපසුගිය වසරවලදී, පර්යේෂකයන් විසින් දත් කිහිපයක් සහ අර්ධ වශයෙන් වූ මුහුණේ පහළ කොටසක් සොයා ගන්නා ලද අතර, පසුව එම නිදර්ශක ගිබන් විශේෂයකට අයත් විය හැකි බව හඳුනා ගත්හ.
Read Moreලිට්‍රෝ සමාගම පවත්වාගෙන යාම වෙනුවෙන් මහ භාණ්ඩාගාරය ලබාදුන්, ලෝක බැංකුවෙන් ආධාර ලෙස ලද ඩොලර් මිලියන 70ක මුදල නැවත මහ භාණ්ඩාගාරයට ගෙවීම ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
Read Moreකොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) නැගෙනහිර කොටසේදී උගන්ඩා හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්ව තිබේ.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපාති චී ෂෙන්හොං මහතා අතර හමුවක් කොළඹ චීන තානාපති කාර්යාලයේදී පවත්වා තිබේ.
Read Moreඉරාක කුර්දි කලාපයෙන් තම මව් රටවලට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින් ඉරාන සහ තුර්කි හමුදා උතුරු සහ ඊසානදිග ඉරාකයේ කුර්දිස්තානයේ පිහිටි කුර්දි විරුද්ධ පක්ෂවල හමුදා කඳවුරුවලට නිතර ප්‍රහාර එල්ල කරති.
Read Moreදෛනිකව වාර්තා වන කෝවිඩ් රෝගීන්ගේ හා මරණ ප්‍රමාණය පහළ යමින් තිබෙන අතර, මේ අනුව කෝවිඩ් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 80වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහත වැටී තිබේ.
Read Moreකෙසේ වෙතත්, මෙසේ කොවිඩ්-19 මාර්ගෝපදේශ ලිහිල් කිරීම සිදුකළත්, එරට පුරවැසියන්ට අවවාද කළේ තවදුරටත් පරිස්සම් වන ලෙසය.
Read Moreඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් ඇ. ඩොලර් 2,740,498.32 (රුපියල් 1,017,958,100.964) ක් වටිනා හදිසි ඖෂධ ද්‍රව්‍ය, ශ්‍රී ලංකාවේ ජනතාවට වෙත පරිත්‍යාග කිරීමට පහසුකම් සලසා ඇත.
Read Moreඉකුත් කොවිඩ් සමයේ දී මධ්‍යම පලාතේ පාසල් පාදක ඉගෙනුම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යය පැවරුම් මුද්‍රණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය මගින් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අත්තිකාරමක් ලෙස ලබාදුන් රුපියල් රුපියල් හැට හතර ලක්ෂ අසූ අට දහස් පන්සිය අනු අටක මුදලක් (6488598) කිසිදු ප්‍රයෝජනයක් නොගෙන රඳවා ගෙන ඇති බව විගණන වාර්තාවකින් හෙළිව තිබේ.
Read Moreජනාධිපති මන්දිරය ඇතුළුව කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම්කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත්කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා අද (28දා) සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
Read Moreනාත්තන්ඩිය මැද තබ්බෝව ප්‍රදේශයෙ සුවිසල් දෙමහල් නිවසකට ඊයේ (27 දා) සවස කඩා වැදි ඇති සොර කණ්ඩායමක් නිවසෙ තිබු රුපියල් කෝටියකට ආසන්න රත්‍රන් පවුම් හා ඩෝලර් තොගයක් සොරා ගෙන ගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ ‘සුචරිතෝදය’ දහම් පාසලේ ඉගෙනුම ලැබූ රැඳවියන් සිවුදෙනකු ධර්මාචාර්ය විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
Read Moreතමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතීීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ රාජ්‍ය මුද්‍රණ නීතීීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට අධිචෝදනා පත‍්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන් ඇප මත මුදාහැරීමට අද (28) නියම කළේය.
Read Moreඋඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28දා) වරෙන්තුවක් නිකුත් කළේය.
Read Moreලෝක වෙළද පොළ තුළ රන් මිල ක්‍රමයෙන් පහළ යන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. ඉහළ යන උද්ධමනය මැඩපැවැත්වීම සඳහා ආක්‍රමණශීලී ප්‍රතිපත්ති ආස්ථානයක් පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද මහ බැංකුවේ යෝජනාව ෆෙඩරල් සංචිත නිලධාරීන් නැවත අවධාරණය කිරීමෙන් පසු ඩොලරය නැවත ඉහළ යාමත් සමඟ මෙසේ රන් මිල පහළ ගොස් තිබේ.මේ අනුව ලෝක වෙළද පොළ තුළ රන් අවුන්සයක මිල අද දිනයේදී ඩොලර් 1624ක් ලෙස සටහන් විය.
Read More