රජයේ බදු ප්රතිපත්තියට විරෝධය දක්වමින් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ වරාය ප්රධාන පිවිසුම අසලදී අද (23) පැවැත්විණි.
'හොරු රකින - බදු ගහන රනිල් රාජපක්ෂ පන්නමු', 'කරන්න පුළුවන් එකෙකුට දීලා පව් නොදී පලයල්ලා', 'තොපිට සැප - අපිට බදු - වැඩබිම පාරට' ආදී පාඨ සහිත පුවරු ප්රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ යෙදුණහ.
මෙම විරෝධතාවය පැවති ප්රදේශයේ දැඩි ආරක්ෂාවක් ද යොදා තිබෙනු දක්නට ලැබුණු අතර පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයන් ද එම ස්ථානයට කැඳවා තිබිණි.
