saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4368 hours ago

LATEST

උණ්ඩ සමග ඇමෙරිකානුවෙක් කටුනායකදී අත්අඩංගුවට

calendar_today 2022 දෙසැ 29 - 15:00 remove_red_eye - 464  

ඇමෙරිකානු ජාතිකයෙකු සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු සියරට බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී ඔහුගේ ගමන් මල්ලේ තිබී මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10 සහ ඒවා බහාලන පතරොම් ගැබක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් ඊයේ (28දා) දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.

බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් ත්‍රිරෝද රථයක් අසළට පැමිණි වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවෙකු ඔසවා පොළොවේ ගැසූ බව කියන සිද්ධියකට සම්බන්ධ 44 හැවිරිදි සැකකරුවෙක් ජනවාරි 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක මහත්මිය ඊයේ (28දා) නියෝග කළාය.

Read More

තම සැමියාගේ මව සතුව තිබූ රුපියල් ලක්ෂ 15ක මුදලක් සොරකම් කළ ලේලියක්,සොරකම් කරන ලද එම මුදලින් රුපියල් හය ලක්ෂ තිස් දහසක් සමග ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය කියයි.

Read More

සෙනසුරාදා හා ඉරිදා දින නිවාඩු මෙන්ම ලබන වසරේදී සතියේ මැද දිනයන්ට වැටෙන වෙනත් පොදු නිවාඩු (පෝය දින, අලුත් අවුරුදු, වෙනත් ආගමික සැමරුම්) සැලකූ විට ලබන වසරේදී නිවාඩු සංඛ්‍යාව 123ක් බවට පත්ව තිබේ. පහතින් දැක්වෙන්නේ ලබන වසරේදී පොදු නිවාඩු දින යෙදී ඇති ආකාරයයි.

Read More

පාස්කු දා ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ මහ මොළකරු වූ සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ බව කියන මෙන්ම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ තමිල්නාඩු මොඩියුලයේ මහ මොලකරු ලෙස පැවැසෙන මොහොමඩ් අසාරුදීන් ඉන්දීය ජාතික විමර්ශන ඒ්කකය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

Read More

යෝජිත විදුලි ගාස්තු ගැලපීම්, ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ලංවිම වෘත්තීය සංගම් කිහිපයක් සමග අමාත්‍ය කංචන විජේසේකර මහතා සාකච්ඡා පවත්වා තිබේ.

Read More

රුසියානු සංචාරකයන් 400ක් රැගෙන රෙඩ් වින්ග්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද පෙරවරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

Read More

ඩකා, බංගලිදේශය (ඒපී) - ජපාන මූල්‍ය සහයෝගය යටතේ බංග්ලාදේශයේ ඩකා අගනුවර ඉදිවූ එරට පළමු සැහැල්ලු දුම්රිය සේවය බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය විසින් විවෘත කරනු ලැබීය.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ලෝකයේ 4 වැනි තැනට අවප්‍රමාණය වූ මුදල් ඒ්කකය බවට ශ්‍රී ලංකාවේ රුපියල පත්ව තිබේ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් පත්කිරීම ගැන අවසන් තීරණය අද (29දා) දිනයේදී ගැනීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී මෙම තීරණය ගැනීමට නියමිතය.

Read More

ඖෂධ වර්ග 28 න් 13 කට තමයි අනුමැතිය ලැබුනේ. මම රටවල් 86 කට ගොස් තිබෙනවා. මේ මගේ 17 වනි පාස්පොට් ඒක. මම පුරුදු වෙන්න රට යන කෙනෙක් නොවෙයි. අවුරුදු 08 දි මම දෙමාපියන් සමග එංගලන්තයට ගියේ. රට යනවා කියන එක මට මැඡික් එකක්වත්, විජ්ජාවක් වත් නොවේ. මට රජයේ මුදල් භාවිත කරන්න තිබුණා, ඒත් මම කළේ නැහැ. මට සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට වුවමනාවක් තිබෙනවා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 250 ක විතර ඖෂධ ගේනවා නම් අර කියන විදිහට කුප්පිවලට පුරවනවා ද ගෙවල් අස්සේ බෝතල්වලට පුරවනවා

Read More

ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ඉදිකරන ලද මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල නැවතත් හෙට සිට ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනේ.

Read More

2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැර ව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

Read More

බංගලාදේශයේ පැවත්වෙන මධ්‍යම ආසියානු කාන්තා බීච් වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රි ලංකා කන්ඩායම සහබාගී වූ පලමු තරගයෙන් ජය ලැබීමට සමත්වූහ

Read More

කාර්මික තාක්ෂණ ආයතනය සහ නැගෙනහිර පළාත් සභාව එක්ව මෙරට ප්‍රථම වතාවට ISO ප්‍රමිතියෙන් යුතු කෘෂි තාක්ෂණ රසායනාගාරයක් ඇති කිරීම සදහා වන අව‌බෝධතා ගිවිසුමට අත්සන් තැබිම ඊයේ (27දා) දහවල් පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

Read More

අනුරාධපුර සිට ඕමන්ත දක්වා වන දුම්රිය මාර්ගය පිළිසකර කිරීම වෙනුවෙන් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33ක් වෙන්කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

විස්සයි විස්ස තරග 03 ක් හා එක්දින තරග 3 ක් සඳහා සහභාගිවන 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට එළි දක්වා ඇත.

Read More

ජනාධිපති සමාව හිමිවූ එරට රැඳවියන් 1,300ක් අතර හිටපු ජනපතිවරයාගේ නමත් පවතින බව දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Read More

2022 ජනවාරි සිට 2022 දෙසැම්බර් 26 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 701,331 දෙනෙකු පැමිණ තිබේ. දෙසැම්බර් මාසයේ ගතවූ දින 26ක කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ගණන 73,314කි.

Read More

විදේශ රැකියා වලට යන පුද්ගලයින් නම, වයස, පදිංචිය ආදි තොරතුරු වෙනස් කර හැදුණුම්පත් සහ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර විදේශ ගතවීම වැලැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්ථමේන්තුවේ පරිගණක පද්ධතිය ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පරිශිලනය කිරීම සඳහා අවසර ලබා දී ඇති අතර ඊට අදාල අවබෝධතා ගිවිසුමට ඊයේ (27දා) අත්සන් තබන ලදි.

Read More

බිත්තරයක් රුපියල් 55ට අලෙවි කිරීමේ වැඩසටහන යටතේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම මිලට බිත්තර මල්ලක් මිලදී ගත්තේය.

Read More

දින දෙකක් පුරා නොකඩවා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව මෙම ගංවතුර ඇති වීමට හේතු වී ඇති අතර, මේ වනවිටත් 45,000ක උන්හිටි තැන් අහිමි වී ඇති බවද සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 6ක පමණ කාලයකි. මෙම තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 31 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

Read More

පළාත් පාලන ඡන්දය දෙසැම්බර් අවසාන සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවට මැතිවරණ කොමිසම විසින් දෙසැම්බර් 8 දා ප්‍රකාශයට පත් කළත් එ සඳහා තවත් ඇත්තේ දින තුනක කලයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ රුපියල් ලක්ෂය බැඟින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

දැනට පවතින ආර්ථික සමාජයීය අභියෝගවලට මුහුණදීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් නොවන බවත් සමස්ත අධ්‍යාපන පද්ධතියම පරිවර්තනීය වෙනසකට ලක් කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශය භාවිතා කරනු ලබන බෙහෙත් වර්ග 153 ක් රට තුළ මේ වන විට නොමැති බවත්, හැකි ඉක්මනින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28දා) පැවසීය.

Read More

නව ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම සියයට 150කින් වැඩි වුණත් එය ප්‍රමාණවත් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ධාවනය සඳහා වන ඉන්ධන වියදම ආවරණය කිරිමට පමණක් බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

බීජිං (ඒඑෆ්පී): මධ්‍යම චීනයේ හෙනන් පළාතේ ෂෙන්සෝ නගරය ආසන්නයේ පාලමක් මත සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් මිය ගොස් වාහන 200කට අසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

Read More

අයාලේ යන ගවයින් අල්ලා නැගෙනහිර පළාතේ ගොවිපලවල් වෙත ලබාදීමේ වැඩසටහන යටතේ වස්කඩුව ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක කොටුකර සිටී ගවයින් දහතුන් දෙනෙකු අද (28දා) අලුයම අතුරුදහන්ව ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.