ඩො. මි. 10 කට තක්සේරු කර තිබූ මැණික් පොකුරම ඉන් අනතුරුව ඩො. 10,000 කට ආසන්න මුදලකට තක්සේරු කිරීම පිළිබදව කොප් කමිටුවේදී දැඩි අප්රසාදයට ලක්විය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම අප්රසාදය පළ කළේය.
මෙම මැණික් පොකුර රට පුරා දැඩි කථාබහකට ලක්වූ අතර මුලින්ම එය මිල කළ නොහැකි බවට සඳහන් වුවත් පසුව එය ඩොලර් මිලියන 10ක තක්සේරු කරනු ලැබීය.
2021 වසරේ මෙම මැණික් පොකුර මෙරටින් හමුවිය. වර්තමනයේ එහි ඇත්තේ කෞතුක වටිනාකමක් බවද මෙහිදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහු පැවසූහ.
මේ අනුව අදාළ නිලධාරීන්ගේ වෘත්තීය නිපුණත්වය පිළිබද ගැටලුවක් පවතින බව විගණකාධිපතිවරයා ඇතුළු කමිටුව කරුණු පෙන්වා දුන්හ.