saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 3741 hours ago

LATEST

සිය දියණිය ගැබිණියක් කල පියෙකුට වසර 45ක සිර දඩුවමක්

calendar_today 2023 මැයි 31 - 19:27 remove_red_eye - 904  

වසර 22කට පෙර සිය 13 හැවිරිදි දියණියව අපයෝජනය කර ගැබිණියක කල පියෙකුට වසර 45 බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 30,000/=ක දඩයක් හා අගතියටපත් දරුයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය ඊයේ (30) සවස නියම කෙරුණි.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් සහ එරට ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව 35 වැනි වරටත් සංවිධානය කළ වෙසක් උත්සවය මැයි මස 25 සහ 26 දෙදින තුල කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු වෙහෙය වූ පුද්ගලයා (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි.

Read More

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ඔස්ට්‍රේලියාවේ ටිම් ඩේවිඩ් හා දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකු වන ට්‍රිස්ටන් ස්ටබ්ස් හා ඩිවල් බ්‍රේව්ස් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දකුණු ඉන්දියාවේ ලෝක ප්‍රකට නළුවෙකු වන ‘සුපර් ස්ටාර්’ රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාව ආරාධනා කර තිබේ.

Read More

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

කටුනායක හා තුර්කියේ ඉස්තාන්බුල් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර තිබේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති හා වරාය, සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර ඊයේ (30දා) පවත්වා තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (1) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

Read More

නීතිවිරෝධි කටයුකු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වන්නෙ නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඇමෙරිකානු ඩොලර් මිලියන 5.2ක කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ කොරියානු සමාගම්වල ඉදිකිරිම මත සිදු කරන ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සහ එහි කටයුතු ආරම්භ කිරීම අද උදෑසන සිදු කරනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී ආකාරයකට සිදුවන්නක් බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පැවසීය.

Read More

අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිටුපස අබිලි ද්‍රව්‍ය ගොඩගසා ඇති කුටියේ තිබු ටී 56 පතරොම් ගැබ් 3 ක් ඇතුළු විවිධ වර්ගයේ උණ්ඩ තොගයක් යකඩ බඩු වෙළෙඳ සැළකට අලෙවි කළ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන කම්කරු සේවකයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

බැංකු පනත උල්ලංගණය කරමින් ශ්‍රී ලංකාව තුළ පිරමීඩාකාර ව්‍යාපාරවල යෙදෙන නීති විරෝධී ආයතන කිහිපයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජනතාවට අණාවරණය කර තිබේ.

Read More

වයඹ පළාතේ ගවයින් අතර පැතිර යන සමේ රෝගය මේ වන විට මධ්‍යම පළාතේ ද පශු වෛද්‍ය නිලධාරිකොට්ඨාස කිහිපයකින්ම වාර්තා වී ඇති බැවින් රෝගය පාලනය කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග ගෙන ඇති බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජුනි මස 15 වෙනි දින සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්‍රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා අවධාරණය කළේය.

Read More

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද (31දා) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියද, උන්වහන්සේ අදාළ ගුවන් යානය වෙත රැගෙන නොයාම නිසා පැය 12 කට අධික ප්‍රමාද වීමකින් පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්කර හැර තිබේ.

Read More

එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැළසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කළේය.

Read More

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

Read More

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් විසින් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී එහි ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මාර්ගයෙන් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ බව කියන එම පාසලේම ගුරුවරයෙක අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඩීසල් මිල අඩුවීම පදනම් කරගෙන ඉදිරියේදී බස් ගාස්තු අඩුවීමකට යා නොහැකි බවත්, මේ නිසා අමතර කොටස් මිල ටයර් මිල පහළ දැමීමට වැඩපිළිවෙළ අවශ්‍ය බවත් සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඉදිරි මාස 03 තුළදී පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ජුනි මස 19 වැනි දින සිට ජූලි මස 04 වැනි දින දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි බලපත්‍ර ලත් සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.

Read More

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළ සීමාව තුළ දී බාහිර පාර්ශවයකට ඇතුළුවීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි.

Read More

වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තු වලට අමතරව අතිවාස කාල සීමාව සඳහා අයකරනු ලබන ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදල සංශෝධනය කිරීම සඳහා ආගමික හා විගාමික පනත යටතේ මහජන ආරක්ෂක අමාත්යිවරයා විසින් සාදන ලද නියෝග වලට මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්යාං ශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ආගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කීය.

Read More

රටක ආර්ථිකයට සෘජු ව ම බලපාන වාණිජ හා ව්‍යාපාර අධ්‍යයන විෂයන් හදාරන සිසුන් ඉදිරියේ දී ඒ විෂය දැනුම පිළිබඳ න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික ව වෘත්තීය වශයෙන් භාවිතයට ගැනෙන බැංකු වැනි ආයතනවලට ගොස් සෛද්ධාන්තික විෂය දැනුමේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ විෂයගෝචර අද්දැකීම් ලබා ගත යුතු යැයි තමන් යෝජනා කරන බවත් ඒ සඳහා අවශ්‍ය ලිඛිත අවසරය චක්‍රලේඛනයක් මාර්ගයෙන් ලබා දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට මෙවර අයි.පී.එල්. තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ක්‍රීඩක මතීෂ පතිරණ නම් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.