දකුණු පළාත් සභාව යටතේ පවතින අමාත්‍යාංශයන්හි 2024 වර්ෂය සඳහා ඉදිරි දිනවල ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ පළාත් රාජ්‍ය නිලධාරින්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත් හිටුවීමට දකුණු පළාත් ආන්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා නියෝග කර තිබේ.
පවතින ආර්ථික දුෂ්කරතා හා දිගින් දිගටම තමන් වෙත ලැබෙන අභියාචනා සලකා මෙම තීරණය ගත් බව ආන්ඩුකාරවරයා සඳහන් කරයි.
එසේ වුවද යම් පුරප්පාඩුවක් ඇති තැනකට ස්ව කැමැත්තෙන් යාමට හා ස්ථාන දෙකක් අතර එකඟතාව මත ස්ථාන මාරුවීමට මෙම තීරණය බලනොපාන බවද ආන්ඩුකාරවරයා මේ නියෝගය සම්බන්ධයෙන් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කරන ලෙස දන්වමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත යොමුකළ ලිපියේ සඳහන් කර තිබේ.
ජේ.ඉඳුරුවගේ