රේගුව අකුරට වැඩ කිරීම නවත්වයි
රේගු නිලධාරීන් විසින් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් 02/15 දින ආරම්භ කරනු ලැබූ " අකුරට වැඩ කිරීමේ "
වෘත්තීය ක්‍රියාමාර්ගය 02/16 දින මුදල් අමාත්‍යාංශය විසින් ලිඛිතව ලබා දුන් සාධනීය විසදුම් නිසා අත්හිටුවීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.එස්.කුමානායක මහතා සහ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පැවසීය .
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මැදිහත් වීම මත මුදල් අමාත්‍යාංශය විසින් රේගු නිලධාරීන් විසින් සිදු කළ ඉල්ලීම් සියල්ලටම පිළිගත හැකි සාධනීය විසදුමක් ලිඛිතව ලබා දීමට එකග වූ බව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිමාලි පුල්ලෙපෙරුම මහත්මිය විසින් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බව ද රේගු වෘත්තීය සමිති සංගම් වල සභාපතිවරු පැවසීය .
එම ලිපියට අනුව රේගු නිලධාරීන් විසින් ආරම්භ කර ක්‍රියාත්මක කළ " අකුරට වැඩ කිරීමේ " වෘත්තීය ක්‍රියාමාර්ගය 02/16 දින අත්හිටුවීම තම වෘත්තීය සමිති රැස් වී සාකච්ඡා කර එකගතාවයට පත් වූ බව ද එම සභාපතිවරුන් වැඩිදුරටත් පැවසීය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
