saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 3725 hours ago

LATEST

ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම ගැන මීළඟ ප්‍රවේශය නුදුරේදීම

calendar_today 2023 ජුනි 04 - 17:19 remove_red_eye - 210  

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් 2023.06.12 දින වනවිට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

කෝටිපති ඇඟලුම් කර්මාන්තශාලා හිමියෙකු ගේ මීගොඩ ලයනල් ජයසිංහ මාවතේ සුඛෝපභෝගී තෙමහල් නිවසේ තිබූ කෝටි 35 කට ආසන්න වටිනා ආරුනූල් වර්ගයේ නිල් මැණිකක් හා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ ඇතුළු තවත් දේපල සොරා ගැනීමේ සිද්ධියට’’ හෙට්ටියවත්තේ චාටර් චූටි ’’ නැමැත්තා ඇතුළු තිදෙනකු පෙරේදා (3) පොසොන් පොහෝ දින අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.

Read More

දෙහිඅන්තකණ්ඩිය පොලිස් වසමේ හේනානිගල දකුණ වැවේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ හබරාදූව පදිංචි අවුරුදු 17 හා 19 වැනි වයස්හි පසුවන තරුණයන් දෙදෙනෙකි.

Read More

සමාන්‍ය පෙළ විභාගය සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සම්බන්ධිකරණ මධයස්ථානයේ විභාග පශ්ණ පත්‍ර ආරක්ෂක රාජකාරි සදහා යොදවා තිබු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන සාජන් වරයෙකු ඊයේ (3) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය.

Read More

’’සමෘද්ධි ව්‍යාපාරය පටන් ගත්තේ 1994 දී දුප්පත්කම නැති කරන්න.දැන් අවුරුදු 29ක් ගත වෙලා තියෙනවා.තාමත් මේ රටේ දුප්පත්කම නැති වෙලා නෑ.මම සමෘද්ධී ඇමති හිටියා නම් සමෘද්ධිය දෙන්නේ අවුරුදු 04 ක් හෝ අවුරුදු 05 ක් විතරයි.දෙන උපරිම ටික දීලා හැදියන් කියනවා, නැත්නම් විනාශ වෙයන් කියනවා’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

කොස්ලන්ද උඩදියලුම රක්ෂිතයේදී කූඩාරමක් තුළ සිටි යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයෙන් තරුණියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණියගේ පෙම්වතා බව කියන තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් කෙනෙත් ද සිල්වා මහතා නියෝග කළේය.

Read More

වසර තුනකට පසු පොසොන් උත්සවය සාර්ථකව පැවැත්වීම ගැන රජය වශයෙන් අප සතුටු වෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ඒ සමගම බළලා ජම්බු කොට්ටෝරු පැටිය සිය මුවෙන් උගේ කකුල් අස්සට තල්ලු කර ගෙන පැටියා ලෙව කෑවේ ජැක්ෂන් මහතාගේ දෙනෙත් පුදුම කරවමිනි.දෑස් නොපෙනෙන ජම්බු කොට්ටෝරු පැටියාද බලලාට තව තවත් තුරුලුයේ ඉපදුණු දා සිය මව් කිරිල්ලියගේ අත්තටු අස්සට රිංගා උණුහුමට ගුලි වන්නාසේය.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 ට ආසන්න මුදලකින් හෙට (4) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිත බව වාර්තා වේ. එසේම එයට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල මිල ද අඩුවන බව එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ආහාර සම්බන්ධ ප්‍රචාරණය සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි පැනවේ.1980 අංක 26 දරණ ආහාර පණත යටතේ නිකුත්වීමට නියමිත මෙම නව රෙගුලාසි ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ ප්‍රචාරණ ක්‍රියාවලිය දැඩි නියාමනයකට ලක් කිරීමට නියමිතය.

Read More

සාලියවැව පොලිස් වසමේ පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ 18 කණුව ප්‍ර දේශයේදී කැබ් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද අලුයම සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදි දිවයින හරහා ස්ථාපිත වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අනුරාධපුර එප්පාවල නගරයේ පිහිටි දිවයිනේ සුප්‍රසිද්ධ දේශීය ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන දිව්‍ය ශක්ති වෙද මැදුර ප්‍රථම වරට සංවිධානය කළ ඖෂධ දන්සලක් පොසොන් පෝ දින (03) එම ආයතනයේදී සිදු කෙරිණි.

Read More

ලබන සතිය වන ආසන්න වශයෙන් භාණ්ඩ 200 හෝ 300 ක ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් වන බව මුදල් රාජ්‍යය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති උත්සවයකදීය.

Read More

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී ඊයේ ( 2 දා) ආරම්භ කෙරිණි.

Read More

දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 59 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (2023.06.02 දින) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.

Read More

මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරැළී සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගෙන එම බස් රථයෙහි ගමන් ගත් 50 ට අධික මගී ජීවිත බේරා ගැනීමට කටයුතු කළ යුද හමුදා සාමාජිකයාගේ වීර ක්‍රියාව අගයමින් ඔහුට යුද හමුදාපති ප්‍රශංසනාත්මක පදක්ක්කම පිරිනැමීමට ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කටයුතු කළේය. මෙලෙස ඇගයීමට ලක් කළේ 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න මහතායි.

Read More

ආනයන කරනු ලබන භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයකට පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. මෙම සීමා ලිහිල් කිරීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් පිරිසක් වෙත පොසොන් පොහොයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සමාවක් ලබාදී තිබේ.

Read More

මේ වසරේ පළමු වතාවට මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂයේ සීමාවෙන් පහළට ගොස් තිබේ. එසේම ජනවාරි හා මැයි යන කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන්ගේ ප්‍රමාණය 524 486 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වරකාපොල, නාංගල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ඉගෙනුම ලබමින් සිටි සිව් හැවැරිදි දැරියකට බරපතල ලිංගික අතවර කළ බව කියන එම ළමා සුරැකුම් මධ්‍යස්ථාන පාළිකාවගේ සැමියාට එරෙහිව ප්‍ර දේශවාසීන් විරෝධතාවක් පැවැත්වීය.

Read More

ලෝකයේ ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පත්ව තිබේ. ඒ සුඛෝපභෝගී භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රභල ව්‍යාපාරයක් වන LMVH හි ප්‍රධානියා වන බර්නාඩ් ආර්නෝල්ට් දෙවැනි ස්ථානයට පත්කරමිනි.

Read More

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන්නේය.

Read More

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා වෙනුවෙන් බදු ලිපිගොනුවක් විවෘත කළත් ඒ සියලු දෙනාගෙන් බදු අයකිරීමක් සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.