නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනිය වන ආරියලතා ගලප්පත්ති මහත්මිය ගමන් කරමින් තිබු සොඛෝප බෝගී මෝටර් රථයකට යටමින් 17 දින පෙරවරුවේ දඹුල්ල පැල්වෙහෙර ප්රදේශයේදී මගියෙකු මියගිය බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නාවුල පෙනලබොඩ ප්රදේශයේ පදිංචි එම් .ජී.එච්.එම් සමන් ප්රියන්ත හේරත් වයස අවුරුදු හතලිහක පුද්ගලයෙක් බව ට හඳුනාගෙන තිබේ.
නැනහිර පළාතේ හිටපු සභාපති ගලප්පති මහත්මිය ත්රිකුණාමලයේ සිට කොළඹ ප්රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගි වීම සඳහා ගමන් කරමින් සිටියදී දඹුල්ල පැල්වෙහෙර ප්රදේශයේ මාර්ගය අසල රැඳී සිටි මගියෙකුට මේ ආකාරයෙන් අනතුරට පත්ව ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.
සුඛෝප බෝගී මෝටර් රථය තමන්ගේ ධාවන පැත්තෙන් ඉවත්ව ප්රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වී ඇති බව දඹුල්ල පොලිසියේ රථවාහන අංශයේ මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව රථවාහන පොලිසිය කියයි.
අනතුරින් මියගිය පුද්ගලයා පැල්වෙහෙර ප්රදේශයේ ඉදිකිරිමින් හෝටලයක සේවය කරන අයෙකු බවත් ඔහු රාත්රී වැඩමුරේ අවසන් කොට නැවත නිවස බලා ගමන් කිරීමට මාර්ගයට පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුර සිදුවීමත් සමඟින් තුවාල ලැබූ පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබුණු බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේය.
පසුව පළාත් සභාවේ හිටපු සභාපතිනිය වෙනත් වාහනයකින් කොළඹ ප්රදේශයට පිටත් කර යැවූ බවත් රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
මෙම අනතුරත් සමග සුපෝගෝ ගී මෝටර් රථයේ ඉදිරිපසට දැඩි හානි සිදුවී තිබෙන අයුරු දැකගැනීමට හැකි විය. එමෙන්ම එම මෝටර් රථය දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අවස්ථාවේ යම් පුද්ගලයකු පැමිණ එම මෝටර් රථයේ ලියාපදිංචි අංක ඉවත් කරන අයුරු දැක ගැනීමට හැකි විය . පසුව එහි පොලිස් නිලධාරියකු කියා සිටියේ ලියාපදිංචි අංක තහඩු රැගෙන යෑම සිදු නොකරන ලෙස ඔහුට උපදෙස් ලබා දීම විශේෂත්වයක් විය.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති . මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේ දී 17 දින පැවැත්වීමට නියමිතව තිබිණි.

