saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3324 hours ago

LATEST

දකුණු පළාතම ජාතික පද්ධතියට සම්බන්ධ වෙයි

calendar_today 2023 අගෝ 24 - 21:30 remove_red_eye - 645  

අලුතින් ඉදිකරන ලද පොල්පිටිය - හම්බන්තොට 220 kV සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්‍රිඩ් උපපොළ අද (24දා) බලගන්වා ජාතික පද්ධතියට එක් කරන ලද බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටී.

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට අධිකරණයෙන් කළ නියෝගයට අනුව රුපියල් ලක්‍ෂ 50ක දෙවැනි වාරිකය විත්තිකාර යුවළ අද (24) අධිකරණයේ තැන්පත් කළේය.

Read More

අහිංසක මිනිස්සු රටවලට සංචාරක වීසා වලින් රට රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යවන මාෆියාකරුවන් වෙනුවෙන් අපේ රටේ ආචාර්ය මහාචාර්යවරු සහ දේශපාලඥයින් පෙනී සිටිනවා නම් එය බරපතල කණගාටුවට කරුණක් බවත්, මාෆියාකරුවන් වෙනුවෙන් පෙනී සිටින අයගෙන් රටට කිසිදු වැඩක් නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

මෙරට ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම කිරිම සඳහා සියලු පහසුකම් වලින් සමන්විත වෛද්‍ය නිල නිවාස දහසක (1000 ) ව්‍යාපෘතියක් සඳහා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කොරියානු රාජ්‍යයන් ඉල්ලීමක් කළේය.ඒ අනුව මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු රාජ්‍යයේ සහයෝගය අපේක්ෂා කරන බව ඒ මහතා කීය.

Read More

සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩවසන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය 24 වැනිදා සවස දෙවැනි වරටත් විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ පැවසූහ.

Read More

බණ්ඩාරවෙල නගරයේ හෝටලයක කාන්තාවක් ඝාතනය කර ඇති බවට බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශයක් ආරම්භ කර තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 40ක් වන ඇටම්පිටිය ප්‍ර දේශයේ පදිංචිකාරියකි.

Read More

දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් අද දිනයේද වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලීම හේතුවෙන් දුම්රිය අවලංගු වීම් හා ප්‍රමාද වීම් සිදුවන බව දුම්රිය වෘත්තීය සමිත සඳහන් කරයි.

Read More

මන්නාරම මුල්ලිකණ්ඩාල් ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ පුද්ගලයන් දෙදෙනකුට වෙඩිතබා ඝතනය කර ඇති බව පොලීසිය කියයි.

Read More

අධිඅන්තරායකර පළිබෝධනාශක 40 සැලකීමේදී ඉන් 14 ක් ගෘහාශ්‍රිත වශයෙන් සිදුකරන වගා සඳහා යොදා ගන්නා බවට හෙළි වී තිබේ. පසුගිය වසර පහ තුළ මෙරටට ගෙන්වා තිබෙන පළිබෝධනාශක ප්‍රමාණය සැලකීමේදී වසරකට වල්නාශක වර්ග මෙට්‍රික් ටොන් 2181ක්, කෘමිනාශක වර්ග මෙට්‍රික් ටොන් 1183ක් සහ දිලීරනාශක මෙට්‍රික් ටොන් 896 වශයෙන් ගෙන්වා තිබේ. තම සංවිධානය විසින් මේ වසරේ පළමු මාස 03 ක කාලය තුළදී දිස්ත්‍රික් 09 ක් මුලික කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙන බවත්, මෙම වාර්තා පළිබෝධනා

Read More

කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පස් අවුරුදු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සමගාමීව සහභාගිත්ව වැඩසටහන් මාලාවක් පැවැත්වීම සඳහා පැමිණි කොරියානු විශ්ව විද්‍යාල සිසුන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා අතර හමුවක් පසුගිය (21) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණ.

Read More

පසුගිය දිනවල ජාත්‍යන්තර හා දේශීය මාධ්‍යවල බුද්ධි අංශ උපුටා දක්වමින් මෙරට විවිධ ජාතීන් හා ආගම් අතර ඝට්ටනයක් සිදුව පිපිරීම් තත්ත්වයක් ඇති විය හැකි බවට වන මාධ්‍ය වාර්තා පළවන බවත් මෙය ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණයක් බැවින් වහාම සියලුම පක්ෂ හා පාර්ශ්ව කැඳවා මෙය සත්‍යක්ද අසත්‍යක්ද යන්න පැහැදිලි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

මෙරට ප්‍රභූ ආරක්ෂක සේවය සඳහා යොදවා ඇති මුළු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 7,693ක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

මෑත කාළීන ඉතිහාසයේ විශාලතම හිග වැටුප වූ ශ්‍රී ලංකා රුපියල් විසි පන් ලක්ෂ දස දහස් හාරසීයයක් වටිනා කුවේට් ඩිනාර් 2,400 මුදලක් ලබා ගත් එරට ගෘහ සේවිකාවක ලෙස සේවය කල ජෙනිටා ඩේලිකා එරට සිට 08/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

නමුනුකුළ බූටා වත්තේ වාර්ෂික රදම් පෙරහැරේ රදම් කරත්තය අධිබලැති විදුලි රැහනක පැටලීම නිසා විදුලි සැර වැදුන පුද්ගලයන් දෙදෙ‍නෙක් ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙක් තුවාල ලබා පස්සර දිසා රෝහලට ඇතුලත් කළ බව නමුකුළ පොලිසිය පැවසීය .

Read More

දැනට සිදු කර ඇති කාලගුණික පුරෝකථන අනුව එල් නිනෝ හා ලා නිනා දේශගුණික තත්ත්වයන් තුළ මෙවර මහ කන්නයේදී මෙන්ම ඉදිරි යල කන්නයේදීද අනපේක්ෂිත ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බවට පෙනී ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

නේපාලයේ පැවති දෙවන දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි වයස අවුරුදු 15 න් පහළ සහ වයස අවුරුදු 17 පහළ කණ්ඩායම් ශූරතා දිනා ගනිමින් ඒවාට හිමි රන් පදක්කම් මෙන්ම කේවළ තරග ඉසව් වලදී රන් පදක්කම් 07 , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 03 දිනා ගෙන 08/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

ලෙබනනයේ පැවැත්වෙන 33 වන ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා 08/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

Read More

ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 08/24 දින අලුයම එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා පිටත්ව ගියහ.

Read More

අගුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොලහක දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටී හිටපු යුධහමුදා සෙබළෙකු වන සැකකරු ඊයේ පස්වරුවේ බන්ධනාගාරය තුලදී ගෙලවැලලාගෙන මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස 10 වැනිදාට පෙර අනිවාර්යෙන්ම නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පැවසීය.

Read More

රුපියල් ලක්ෂ පනස් හතරක් පමණ වටිනා මැණික් ගල්තුනක් අලෙවි කිරීමට ගිය පුද්ගලයකු මාදුරුඔය හේනානිගල ප්‍රදේශයේදි නවතා රාජකාරි ගිනිඅවියෙන් අහසට වෙඩිතබා එම මැණික් ගල්තුන පැහැර ගැනීමට සම්බන්ධ සැකපිට, හේනානිගල වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයා, වනජීවී නියාමකවරුන් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙකු ගිනිඅවියක් සහ අත්මාංචුවක් සමග 23 වැනිදා සවස අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ අලි කලබලයට හේතුව කුඩා ළමයෙකු විසින් පිඹින ලද නළාවක් බව පළමුවෙන් කලබල කළ අලියා බලාගන්නා ඇත්ගොව්වා පවසයි .

Read More

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝගයෙන් පසු රට පුරා සිදු කරන ලද වැටලීම්වලින් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000ට ආසන්න ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (22) පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හෙළිදරව් විය.

Read More

අවුරුද්දක් පමණ වයසැති තම සිගිත්තිය සමග මවක් වැවකට පැන සිය දිව හානි කරගෙන ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

Read More

සෝවියට් දේශය, ඇමෙරිකාව හා චීනයට පසුව සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බැස්ස වූ රට බවට ඉන්දියාව අද වාර්තා අතරට එක්විය.

Read More

මෙරට ධාවනය කෙරෙන වහාන වලින් 90% ක වායු විමෝචනය ප්‍රමිතියෙන් තොර බව පාර්ලිමේන්තුවේ බල ශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

Read More

කිලිනොච්චිය, පලෙයි, පුදුක්කාඩු ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබි බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් අද (23) සොයාගත් බව පලෙයි පොලිසිය පවසයි.

Read More

පවතින නියඟය හේතුවෙන් ඊයේ (22) දිනය වනවිට වගාහානි සිදු වී ඇති වී වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 51,055.19ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අනෙකුත් බෝග වගා හානි ප්‍රමාණය අක්කර 424.70ක් වන අතර, වී සහ අනෙකුත් බෝග වගා හානි ප්‍රමාණය අක්කර 51,479.89ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

Read More

උතුරු පළාතේ සංවර්ධන කටයුතු සහ වර්තමාන ජනජීවිතයේ එදිනෙදා කටයුතු පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවත් උතුර සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි ජේ. චංග් මහත්මිය පවසීය.

Read More

කටුනායක ගුවන් තොටුපොළ තුළ පවතින අධික ගුවන් මගී තදබදය සදහා විසදුමක් ලෙස මාස 06 ක කාළයක් තුළ තාවකාලික පදනමෙන් පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගන්නා බව වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.