කටුනායක ගුවන් තොටුපොළ තුළ පවතින අධික ගුවන් මගී තදබදය සදහා විසදුමක් ලෙස මාස 06 ක කාළයක් තුළ තාවකාලික පදනමෙන් පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගන්නා බව වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
රුහුණු කතරගම මහා දේවාලයට අයත් මදකිපීම නිසා බැඳ සිටි බානු හස්තියාගේ බැමිලිහීමේ මංගල්‍යය ඉකුත් (22) වෙනිදා උදෑසන සිදුකෙරිණි.
Read Moreමහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලකට කූඨ ලේඛන මගින් සිසුවියන් 29 දෙනකු ඇතුලත් කර ගැනීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ එම පාසලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වතු ඉඩම්වල පිහිටි ජල මූලාශ්‍ර රක්ෂිත ඉඩම් කැබලි 362කින් සමන්විත භූමි ප්‍රදේශය 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාට ලැබී ඇති බලතල ප්‍රකාරව 2023 ජුනි මස 09 වන දිනැති අංක 2335/21 දරන ගැසට් පත්‍රය මගින් “හාලිඇල ජල මූලාශ්‍ර රක්ෂිත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය” යන නමින් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreනියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථායේදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර (ස.ජ.බ) මහතා මතුකළ ප්‍රශ්නයක් නිසාවෙන් පාර්ලිමෙන්තුවේ උණුසුම් බවක් ඇතිවිය.
Read Moreශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින සහයෝගීතාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමු විය. දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම පිළිබඳව ද නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
Read Moreඒ අනුව, තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන;; තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි; ප්ලාස්ටික් මල් මාලා; ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන අයිතම 2023 ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනමට ලක්වේ.
Read Moreඝානා රාජ්‍යයේ පැවති 04 වන යොවුන් සංචාරක රූ රැජින ( Miss Teen Tourism ) තරගාවලියට සහභාගී වී , එහිදී ජයග්‍රාහිකාව බවට පත් වූ නෙළුනී සෞන්දර්යා මෙනවිය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreඅලවතුගොඩ, ඇල්ලෙකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි රූමත් විවාහක තරුණ කාන්තාවක මෙයට මාස පහකට පමණ පෙර එනම් පසුගිය මාර්තු මස 10 වනදා අමානුෂික ලෙස ඝාතනය කර වෙල් යායක ඔබා තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ කෝණ ඔස්සේ පරීක්ෂණ සිදු කළ අලවතුගොඩ පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් ඝාතනයට ලක් වූ තරුණ කාන්තාවගේ සැමියා ඊයේ (22) අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreකළුතර ගල්කිස්ස විශේෂිත මාතෘ හා ළමා රෝහලේ ප්‍රතිකාර සේවාවන් ලබන ඔක්තෝම්බර් මැද වන විට ආරම්භ කිරීමට අවශය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
Read Moreසිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය නිමා කර 08/22 දින රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreමහනුවර දළඳා පෙරහරේ දෙවැනි කුඹල් පෙරහර ඊයේ දිනයේදී වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
Read Moreරටේ මේ අවස්ථාවේ පවතින පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා, ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ එකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා ක්‍රියාත්මක කිරීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දින පැවති විශේෂ රැස්වීමකදී තීරණය විය.
Read Moreකෘතහස්ථ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්තවීමෙන් පසු ඔහුගේ දෙන අසල තැන්පත් කොට තිබූ රණමයුර සම්මානය සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයා මහනුවර ඇසළ පෙරහර පැවැති පළමු දිනයේ දී පෙරහර නැරඹීමට පැමිණි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවටපත්ව තිබේ.
Read Moreරජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් සිදු කිරීමට යයි.
Read Moreකඳුකර ප්‍රදේශවලට ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික්කයට මාස ගණනාවක සිට වැසි නොලැබීම හේතුවෙන් ඇති වී තිබෙන නියගය සහ ඉඩෝරය නිසා පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ ජල මට්ටම විශාල වශයෙන් අඩු වී තිබේ.
Read Moreගාල්ල බන්ධනාගාරයේ පැතිරයන මාරාන්තික මෙනින්කොකොකල් රෝගය හේතුවෙන් බන්ධනාගාරය තුළ සෞඛ්‍යමය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි බන්ධකාගාර දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreයාපනය චාවකච්චේරි, මණ්ඩුවිල් ප්‍රදේශයේ කසල ගොඩක තිබූ රුපියල් ලක්ෂ 15 කට ආසන්න පවුම් 8 කට වැඩි රන් ආභරණ තොගයක් නැවත හිමිකරුටම ලබා දීමට චාවකච්චේරි නගරසභා සේවකයින් පිරිසක් විසින් පියවර ගෙන ඇත.
Read Moreමැදගම නන්නපුරාව දියකොබල ප්‍රදේශයේ පදිංචි අවුරුදු දහසයක් පමණ වයසැති පාසල් ශිෂ්‍යාවක් ඉකුත් (20) වෙනිදා සිට අතුරුදහන්වී ඇතැයි මැදගම පොලීසිය පවසයි
Read Moreවතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු විසින් පසුගිය ඉරිදා දිනයේ ජනතාව ප්‍රකෝප කරනා ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේ අවධානය යොමුව ඇත.
Read Moreරට තුළ නිෂ්පාදනය ප්‍රමාණවත් නැත්නම් ආනයනය කර හෝ ජනතාවගේ කුසගින්න නිවීම වෙළෙඳ අමාත්‍යවරයා ලෙස තම වගකීම බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreජනපති මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වසරක් වැනි කෙටි කලක් තුළ අණ පනත් රැසක් ගෙනාවා ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නීති ගත කළේ ජනපති රනිල්. රටට යහපත් අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණ ක්‍රම වෙනසකට ලක් විය යුතුයි. රනිල් වික්‍රමසිංහ නම් ජාතික නායකත්වයේ සුවිශේෂී ලක්ෂණය ගැළපෙන, නොගැළපෙන සියලු කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීමේ හැකියාවයි – එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන
Read Moreපාසල් පද්ධතිය තුළ 45000 ක ගුරු හිගයක් තිබේ දී එම ගුරු පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශයට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතළ ලෙස කඩා වැටීමේ අවදානමක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමයේ ලේකම් සවනතිලක ගජධීර මහතා පවසයි .
Read Moreසැමට පිළිගත හැකි සාධාරණ පිළිතුරක් තිබියදී පවා කුරුන්දි ගැටලුව සදහා විසඳුම් නොදී කල් මරමින් සිටින ක්‍රමවේදයක් ජනාධිපතිවරයා විසින් අනුගමනය කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (2023.08.22) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.
Read Moreමධ්‍යම කඳුකරය තුළ මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම වේගයෙන් පහළ බසිමින් පවති.
Read Moreඊයේ දිනයේදි දිවයිනේ විවිධ ප්‍ර දේශවල සිදුවූ මාරක රිය අනතුරු පහකින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreමීගහවත්ත පොලිස් වසමේ නාරංවල ප්‍ර දේශයේ පිහිටි පිරිවෙනක වැඩ වාසය කරනු ලබන සාමනේර හිමි නමක් ළිඳට වැටී අපවත්වී ඇතැයි පොලීසිය කියයි.
Read Moreරත්මලාන දුමිරියපල හන්දියේදී ඊයේ (21දා) රාත්‍රී 9.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.
Read Moreමහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5500කට ආසන්න පිරිසක් යොදවා ඇති බවත් පෙරහර පවත්වන කාලසීමාව තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.
Read More2023 වසරේ අගොස්තු මාසයේ ගෙවී ගිය සති තුන තුළ ශ්‍රි ලාංකිකයින් 79 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.
Read More