පාසලේ උදෑසන රැස්වීමේදී කලාන්තය සෑදී වැටීමෙන් ශිෂ්‍යාවක් මරුට
- 6 03 2024
- 12:39
- {{hitsCtrl.values.hits}} views
- ..
කලවාන මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද (06) වනදා මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය .
මෙලෙස මියගොස් ඇත්තේ කලවාන දකුණ කුකුළේගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ ඉමල්කා සත්සරණි නැමැති 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. ඇය එම පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවකි. ඇය පාසලේ උදෑසන රැස්වීමේදී කලාන්තය සෑදී වැටී ඇති අතර පසුව ඇය කලවාන මූලික රෝහල වෙත ඇතුලත් කර තිබේ. රෝහල වෙත ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකකු පැවසීය.ඇයගේ දහහතර හැවිරිදි වැඩිමල් සහෝදරයාද පසුගිය කාලයේ වලිප්පු රෝගය සැදී මියගොස් තිබේ. එම පවුලේ සිටි දරුවන් දෙදෙනා මෙම දරුවන් වන අතර කලවාන මූලික රෝහල වෙත පැමිණි මියගිය ශිෂ්‍යාවගේ මව පාලනය කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. ඉතා දක්ෂ දරුවන් දෙදෙනෙකු වන මෙම දරුවන් දෙදෙනා අහිමි වීම පිළිබඳව ජයන්ති මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ශෝකය ප්‍රකාශ කර සිටිති .
උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
